News Line| Off Air
Generic placeholder image

Jul
15

ධීවර හා නාවික ප්‍රජාවට කාළගුනයෙන් අවධානාත්මක නිවේදනයක්

Generic placeholder image

දිවයිනට බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙට(16) දිනයේ සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 ක් පමණ විය හැකියි. ධීවර […]


Jul
15

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය හෙට දිස්වීමට නියමිතයි

Generic placeholder image

හෙටට (16) යෙදී තිබෙන ඇසල පුර පසලොස්වක පොහෝ දින වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය දිස්වීමට නියමිතව තිබෙනවා. හෙට මධ්‍යම රාත්‍රීය පසු වී විනාඩි 13ක් යන විට ග්‍රහනය ආරම්භ වන බවද මෙම චන්ද්‍රග්‍රහනය අර්ධ චන්ද්‍රග්‍රහනයක් බවද කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවා. පෘථිවියේ උප ඡායාව මගින් චන්ද්‍රයා ගමන් කිරීම නිසා […]


Jul
15

රට ගොඩනැඟීමට නම් අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් අවශ්‍යයි -ජනපති

Generic placeholder image

තවත් මාස 05කින් මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සමස්ත ආර්ථීක දේහයම කඩා වැටුණු සහ […]


Jul
15

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍රගේ නඩුවේ විභාගය කල්යයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ විභාගය දෙසැම්බර් මස 3 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේයි. 2016 වසරේ දෙමටගොඩ ප‍්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප‍්‍රියංක නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීමට ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු […]


Jul
15

ස්වීඩනයේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මරුට

Generic placeholder image

ස්වීඩනයේ උතුරු දිග උමීයා නගරය ආසන්නයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් නවදෙනකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම යානය පැරෂුට් පුහුණුව සඳහා කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් බවයි. ගුවන් යානයේ ගමන් කළ ගුවන් නියමුවා ඇතුළු සියලූදෙනාම අනතුරින් මියගොස් තිබෙනවා. යානයේ ගමන් ගත් පිරිසගේ දුරකතන දත්තද මේ වන විට පරීක්ෂා කරමින් පවතින බවයි ස්වීඩන් ආරක්ෂක […]


Jul
15

කඩුවෙල – කොල්ලුපිටිය රථවාහන ධාවනය රාතී‍්‍ර 8 සිට 11 තෙක් සීමා කෙරේ

Generic placeholder image

කඩුවෙල කොල්ලූපිටිය 177 බස් මාර්ගයේ රථවාහන ධාවනය අද රාත‍්‍රී 8 සිට රාත‍්‍රී 11 තෙක් සීමා කර තිබෙනවා.  ඒ කොතලාවල සංඛපිටිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙන්. පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. විකල්ප මාර්ග ලෙස කඩුවෙල සිට මාළඹේ දෙසට ගමන් කරන රථවාහන කඩුවෙල මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන් කර විහාර […]


Jul
15

හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරුවන් සතුව හෙරොයින් ග‍්‍රෑම් 400ක් සහ රුපියල් ලක්ෂ දෙකක් තිබී සොයා ගත් බවයි. වැලලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 39 වන පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින […]


Jul
15

මහින්දගේ පාර්ශවයේ අපේක්ෂකයා අගෝස්තු 11 පත් කරයි

Generic placeholder image

ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ලබන 11වනදා ස්ථීර ප්‍රකාශයක් සිදු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම කියා සිටියේ ජනාධිපතිවරණය ජය ගැනීමට අදාළ සියලු සැලසුම් සකස් කර ඇති බවයි. මිහින්තලය රජමහා විහාරය අවට පවත්වාගෙන යන මල් අලෙවිසැල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එම කඩ හිමියන් විපක්ෂ නායකවරයා අද හමුවීමෙන් […]


Jul
15

ලෝක ශූරයන් වූ එංගලන්තය නවසීලන්තයෙන් සමාව ඉල්ලයි

Generic placeholder image

තමන් ජීවිත කාලෙ පුරාම නවසීලන්ත කණ්ඩායමෙන් සමාව ඉල්ලන බව ඊයේ දිනයේ ලෝක ශූරයන් බවට පත්වූ එංගලන්ත කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක බෙන් ස්ට්‍රොක් පවසනවා. ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. ඒ නවසීලන්ත ක‍්‍රිඩකයෙකු විසින් කඩුල්ල වෙත යොමු කල පන්දුව පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ගමන් කිරීම හේතුවෙන් ඉතා […]


Jul
15

සෝෆා ගිවිසුම ගැන ඉන්දීයාව දැඩි අවධානයෙන්

Generic placeholder image

සෝෆා ගිවිසුම පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ මතුව ඇති විරෝධතා පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.සෝෆා ගිවිසුම හරහා අමෙරිකානු හමුදා කඳවුරක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බවට විවිධ වාර්තා පළ වන නිසා ඉන්දීය මාධ්‍ය පවසන්නේ එම කඳවුර ස්ථාපිත වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවට ආසන්න ප‍්‍රදේශයක බවත් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව […]


Jul
15

ඉන්දියාවේ සඳ තරණයට බාධා

Generic placeholder image

අද සිදු කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ දෙවන සඳ තරණය වන ‘‘චන්ද්‍රයාන් ටූ’’ මෙහෙයුමට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.ඒ, අදාළ මෙහෙයුමට සූදානම් කර තිබූ අභ්‍යවකාශ යානයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව පැවසෙනවා. අද අලුයම 02.51 ඉන්දීය වේලාවෙන් ශී‍්‍රහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එම යානය, පෘතුවියෙන් පිටත්වීමට නියමිතව තිබුණ නමුත් එහෙත්, එම වේලාවට හෝරාවක් පමණ තිබියදී ඉන්දීය […]


Jul
15

තැපෑල නවතී

Generic placeholder image

තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනය අද (15) පස්වරු 04.00 සිට ආරම්භ කිරීමටයි තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ප‍්‍රධාන ඉල්ලීම් 03ක් ඊට හේතු වී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කල ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේ තැපැල් සේවකයින්ට වසර 13ක් සිට උසස්වීම්, වැටුප් තල සහ බඳවා ගැනීම් සියල්ල අහිමි කරමින් […]


News Articles
Latest Videos
Most Popular Post