රුපියල් මිලියන 27.5 ක් වටිනා ‘‘මෙතෆෙටමින්’’ අඩංගු මත්පෙති පාර්සලයක් සමග පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී මත්පෙති 5500 ක් හමුවී ඇති බව රේගු ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
අතරමග නවතා දමා තිබූ මාතර – හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.ඒ, ඉදිකිරීම් කටයුතු සිදු කරන චීන සමාගමේ නියෝජිතයින් සහ මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසුවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට තීරණය කර තිබුණේ මාස 10කින් ගෙවීමට තිබූ මුදල් මෙතෙක් නොගෙවීම හේතුවෙන්. මුදල් නොගෙවීම හේතුවෙන් ඉදිකිරීම් නතර කරන […]
වවුනියාව, තාණ්ඩිකුලම හා පත්තිනියාර්මහින්ලන්කුලම යන ප්‍රදේශයන්වල අද(04) උදෑසන 9.52 ට පමණ භූ කම්පන තත්ත්වයක් ඇති වු බව ප්‍රදේශවාසීන් පැවසුවා. තත්පර ගණනාවක් අදාළ කම්පන තත්වය පැවති අතර, ඇතැම් නිවෙස්වල ජනෙල් දොරවල් පවා සෙලවෙන තත්වයක් හටගත් බවද භූ කම්පන තත්වයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වවුනියාව කාර්යාල නිලධාරීන්ගෙන් […]
අද(04) දහවල් 12.05 ට පමණ අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලට ඇතුළු වීමට ගිය මෙම […]
මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඞ් සමූන් මොහොමඞ් සියම් නොහොත් කුඩු සියාම් නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබා දුන් මරණ දණ්ඩණය අද අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා. එමෙන්ම ඔහුගේ බිරිඳ වන මුර්ශිදා සියාම් නැමැත්තියට ලබා දුන් ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවමද අභියාචනාධිකරණය අද තහවුරු කර තිබෙනවා. ඒ, විත්තිකරුවන් විසින් 2007 වර්ෂයේදී කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගයකට එරෙහිව ගොනු […]
බිමත් රියදුරන්ට එරෙහිව මාසයක් පුරා නිතිය ක්‍රියාත්මක කිරිම සදහා දිවයින පුරා හෙට සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව පොලිසිය පවසනවා. එ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද එ යටතේ එම ප්‍රදේශ වල සොදිසි මෙහෙයුම් සහ මුර සංචාරද සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද යොදවන බව වාර්තා වෙනවා.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සීගිරිය, තල්කොටේ ග්‍රාමසේවා වසමට අයත් සියඹලන්කොරටුව යාය ප්‍රදේශයේ අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් 5 දෙනෙක් අද (04) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. නටඹුන් සහිත ස්ථානයක් වන මෙහි අඩි 8 ක් දිගට සහ අඩි 6 ක් පළලට මෙම අනවසර කැණීම් සිදු කර ඇති අතර මේ සදහා භාවිත කළ උපකරණ රැසක්ද පොලීසිය බාරයට ගැනුනා. සීගිරිය […]
වර්තමාන අධිකරණ පද්ධතිය සියයට සියයක්ම නොව සියයට 500ක් ම ස්වාධීන බව අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය බලන්ගොඩ කල්තොට මුලික රෝහල දිසා රෝහලක් බවට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළා. 2015 ජනවාරි 08 වෙනිදාට පෙර රටේ නීතිය හරියාකාරව නොතිබුණු බවත් අධිකරණය අද වන විට ස්වාධීන කිරිමට මෙන්ම මාධ්‍ය නිදහසද ස්ථාපිත කිරිමට සමත්ව තිබෙන බවද […]
ඉන්දීය කොංග්රස් පක්ෂයේ නව නායකත්වයට පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා. මෙලෙස යෝජනා වී ඇත්තේ සුෂ්ල් කුමාර් හා මල්ලිකාර්ජුන් කාර්ගි යන පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙක්. ඉන්දීය කොංග්රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ මහ මැතිවරණයේදී ලද පරාජය තමන් බාර ගන්නා බවයි. ඒ අනුව පක්ෂ නායකත්වයෙන් මෙන්ම විපක්ෂ නායක […]
ළඟම පාසල – හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරුණා. එහි ජාතික උත්සවය පැවැත්වෙන්නේ පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදීයි. පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දේශන ශාලා සංකීරණය හා ඩිජිටල් පංති කාමර ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු බව සදහන්. ළගම පාසල හොදම පාසල වැඩසටහනේ දෙවැනි අදියර සදහා […]
මංතීරු නීතිය යටතේ රියදුරන් 5 120 දෙනෙකුට එරෙහිව දඩ නියමකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පසුගිය මස 10 වනදා සිට මංතීරු නීතිය ක්‍රියාත්මක බවයි. මෝටර් වාහන පනතේ 148 වන වගන්තිය යටතේ මංතීරු නීතිය ක්‍රියාත්මකයි. නීතිය කඩකරන රියදුරන් රුපියල් 2000 ක දඩයකට යටත් වන බව එහි සදහන්. බීමත් රියදුරන්ට එරෙහිව […]
සීනි සහිත පැණිබීම සදහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. එ අනුව සිනී රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණෙන් සිනි සහිත පැණිබීම සදහා බදු පැනවීමට අවධානය යොමුව තිබෙන අතර එ සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙන අතර […]