News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

කුඩු සියාම්ට අභියාචනාධිකරණයෙන් මරණ දණ්ඩණය තහවුරු වෙයි

Generic placeholder image

මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඞ් සමූන් මොහොමඞ් සියම් නොහොත් කුඩු සියාම් නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබා දුන් මරණ දණ්ඩණය අද අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා. එමෙන්ම ඔහුගේ බිරිඳ වන මුර්ශිදා සියාම් නැමැත්තියට ලබා දුන් ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවමද අභියාචනාධිකරණය අද තහවුරු කර තිබෙනවා. ඒ, විත්තිකරුවන් විසින් 2007 වර්ෂයේදී කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගයකට එරෙහිව ගොනු […]


Jul
4

බීමත් රියදුරන්ට එරෙහිව හෙට සිට පොලිසිය සීරුවෙන්

Generic placeholder image

බිමත් රියදුරන්ට එරෙහිව මාසයක් පුරා නිතිය ක්‍රියාත්මක කිරිම සදහා දිවයින පුරා හෙට සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව පොලිසිය පවසනවා. එ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද එ යටතේ එම ප්‍රදේශ වල සොදිසි මෙහෙයුම් සහ මුර සංචාරද සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද යොදවන බව වාර්තා වෙනවා.


Jul
4

අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

Generic placeholder image

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සීගිරිය, තල්කොටේ ග්‍රාමසේවා වසමට අයත් සියඹලන්කොරටුව යාය ප්‍රදේශයේ අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් 5 දෙනෙක් අද (04) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. නටඹුන් සහිත ස්ථානයක් වන මෙහි අඩි 8 ක් දිගට සහ අඩි 6 ක් පළලට මෙම අනවසර කැණීම් සිදු කර ඇති අතර මේ සදහා භාවිත කළ උපකරණ රැසක්ද පොලීසිය බාරයට ගැනුනා. සීගිරිය […]


Jul
4

අධිකරණය සියයට 500 ක් ස්වාධීනයි – අධිකරණ ඇමතිනි පවසයි

Generic placeholder image

වර්තමාන අධිකරණ පද්ධතිය සියයට සියයක්ම නොව සියයට 500ක් ම ස්වාධීන බව අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය බලන්ගොඩ කල්තොට මුලික රෝහල දිසා රෝහලක් බවට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළා. 2015 ජනවාරි 08 වෙනිදාට පෙර රටේ නීතිය හරියාකාරව නොතිබුණු බවත් අධිකරණය අද වන විට ස්වාධීන කිරිමට මෙන්ම මාධ්‍ය නිදහසද ස්ථාපිත කිරිමට සමත්ව තිබෙන බවද […]


Jul
4

ඉන්දියාවේ ප‍්‍රධානම විපක්ෂයට නව නායකත්ව දෙකක්

Generic placeholder image

ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ නව නායකත්වයට පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා. මෙලෙස යෝජනා වී ඇත්තේ සුෂ්ල් කුමාර් හා මල්ලිකාර්ජුන් කාර්ගි යන පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙක්. ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ මහ මැතිවරණයේදී ලද පරාජය තමන් බාර ගන්නා බවයි. ඒ අනුව පක්ෂ නායකත්වයෙන් මෙන්ම විපක්ෂ නායක […]


Jul
4

ළඟම පාසල – හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක්

Generic placeholder image

ළඟම පාසල – හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මතාගේ ප‍්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරුණා. එහි ජාතික උත්සවය පැවැත්වෙන්නේ පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදීයි. පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දේශන ශාලා සංකීරණය හා ඩිජිටල් පංති කාමර ද අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණු බව සදහන්. ළගම පාසල හොදම පාසල වැඩසටහනේ දෙවැනි අදියර සදහා […]


Jul
4

මංතීරු නීතිය යටතේ රියදුරන් 5120 දෙනෙකුට දඩ

Generic placeholder image

මංතීරු නීතිය යටතේ රියදුරන් 5 120 දෙනෙකුට එරෙහිව දඩ නියමකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පසුගිය මස 10 වනදා සිට මංතීරු නීතිය ක‍්‍රියාත්මක බවයි. මෝටර් වාහන පනතේ 148 වන වගන්තිය යටතේ මංතීරු නීතිය ක‍්‍රියාත්මකයි. නීතිය කඩකරන රියදුරන් රුපියල් 2000 ක දඩයකට යටත් වන බව එහි සදහන්. බීමත් රියදුරන්ට එරෙහිව […]


Jul
4

පැණිබීමට නව බද්දක්

Generic placeholder image

සීනි සහිත පැණිබීම සදහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. එ අනුව සිනී රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණෙන් සිනි සහිත පැණිබීම සදහා බදු පැනවීමට අවධානය යොමුව තිබෙන අතර එ සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙන අතර […]


Jul
4

ලෝක කුසලාන බලාපොරොත්තුව ගිලිහෙද්දී උනන්දුවා ශතකය සම්පූර්ණ කරයි

Generic placeholder image

හපුතන්ත‍්‍රිගේ දීප්ති පි‍්‍රයන්ත කුමාර ධර්මසේන ලෝක කුසලාන කි‍්‍රකට් තරග බිමේ විනිසුරු මඩුල්ලේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරනවා. ඔහු තම කී‍්‍රඩා දිවියේ තවත් කඩඉමක් පසු කළා. ඒ විනිසුරුවරයෙක් ලෙස තරග 100 ක් නියෝජනය කිරීමෙන්. 48 වන වර්ෂයේ පසුවන ධර්මසේන අදටත් නොදැවුණු කී‍්‍රඩකයෙක්. 96 ලෝක කි‍්‍රකට් කිරුළ දිනාගත් ශී‍්‍ර ලංකා විරුවෙක් වන ධර්මසේන එදා කවුරුත් හැදින්වූයේ උනන්දුවා ලෙසයි. […]


Jul
4

60 ඉක්ම වු මැතිඇමතිවරු 79ක් පාර්ලිමේන්තුවේ

Generic placeholder image

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 අතරින් වයස අවුරුදු 60 ඉක්මවු 79 දෙනෙක් වත්මන් පාර්ලිමෙන්තුව තුළ සිටින බව සිදු කළ සමික්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. මෙම සමික්ෂණය manthri.lk වෙබ් අඩවිය විසින් සිදු කර ඇති අතර අතර ඉන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ වයස අවුරුදු 50-60 කාණ්ඩය බවත් එම ප්‍රමාණය 74 දෙනෙක් බවද හෙළිව ඇති බව වාර්තා වෙනවා. […]


Jul
4

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් අත්අඩංගුවට

Generic placeholder image

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කල්අඩිචේනෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2019 ජුලි 03 වන දින නැගනෙහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. මොවුන් […]


Jul
4

හිස්බුල්ලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට

Generic placeholder image

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අද (04) උදෑසන 10.00ට පමණ පැමිණ තිබෙනවා. ඒ අනුව ඒ මහතාගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා


News Articles
Latest Videos
Most Popular Post