ෆෙස්බුක්, ඉන්ස්ටග‍්‍රෑම්, වයිබර් සහ වට්සැප් සමාජ මාධ්‍ය ජාලා යළි යථා තත්වයට පත්කර තිබෙනවා. එම සමාජ මාධ්‍ය ජාලා ලොව පුරා බිඳ වැටීමට ලක් වුණේ ඊයේ රාත‍්‍රීයේදීයි.
ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ මහ මැතිවරණයේදී ලද පරාජය තමන් බාර ගන්නා බවයි. ඒ අනුව පක්ෂ නායකත්වයෙන් මෙන්ම විපක්ෂ නායක ධුරයෙන් ද ඉවත් වන බව රාහුල් ගාන්ධි සදහන් කලා. රාහුල් ගාන්ධි මීට පෙර ද පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කල ද එම තීරණය වළක්වනු ලැබුවේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් […]
ශ්‍රි ලංකවේ ප්‍රථම වතාවට කෙටිම කලක් තුළදි රේඩියෝ වැඩසටහන් ආකෘති තුලින් ලක්ෂය ඉක්ම වු ශ්‍රි ලංකාවේ පලමු සහ එකම YOU TUBE නාලිකාව බවට සියත FM YOU TUBE නාලිකාව පත් වු වගයි. ඒ සදහා අප සමග රැදි සිටි ඔබට අපගේ ස්තුතිය පිරිනමන අතර ඉදිරියටත් නවමු වැඩ සටහන් ආකෘති තුළින් ඔබ හමුවීමට අප බලාපොරොත්තු වෙමු.
කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා දිවෙන තෙල් නල එලීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මේ වනවිට අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ 2015 වසරේදී වන අතර ඒ අබලන් වී ඇති නළ පද්ධතිය වෙනුවෙන් නව නළ පද්ධතියක් එළීම සඳහායි. එහෙත් එම කටයුතු මෝදර මහවත්ත ප‍්‍රදේශයේදී නතර කිරීමට ඉකුත් දා සිදු වුණා. […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 119කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.එංගලන්තය ලද මෙම ජයග්‍රහණය තුලින් වසර 27කට පසුව ඔවුන්ට අවසන් පූර්ව වටය එළඹිමට අවස්ථාව ලැබුණා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 305ක් රැස් කළා. එහිදී ජොනී බෙයාර්ස්ටෝ වේගවත් […]
දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. අනෙකුත් ප්‍රදේශ වල වැසි රහිත වියළි කාලගුණයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා තද සුළං ද, වයඹ පළාතේත් මාතර […]
දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පෙර දැනුම්දීමකින් තොරව හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද (04) පෙරවරුවේ කිසිදු කාර්යාල දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමින් දුම්රිය වෘත්තීය සමිති මෙම […]
ශී‍්‍ර ලාංකික පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් වින්දනීය ප‍්‍රමිතිගත සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ දායාද කළ චරිත් අබේසිංහගේ නවතම සිනමා නිර්මාණය රිසානා නම් වෙයි. රිසානා වැඩකටයුතු පසුගියදා තලවතුගොඩ ගෑන්ඩ් මොනාච් හෝටලයේදී සුභ මොහොතින් ආරම්භ කළා. සම්මානනීය රචක නාමල් ජයසිංහගේ තිර රචනයක් වන රිසානා CW Image Factory වෙනුවෙන් වසන්ත විජේන්ද‍්‍රගේ නිෂ්පාදනයක්. මෙම චිත‍්‍රපටය සදහා තවමත් නළු නිලියන් තෝරාගෙන නොමැති අතර […]
සෝෆා ගිවිසුම නිදහසින් පසු ශ්‍රි ලංකාව විදේශයක් සමග අත්සන් කෙරෙන විශාල ගිවිසුම බවත් මෙය අත්සන් කළොත් රටට විශාල ප්‍රතිවිපාක ගෙනදෙන ගිවිසුමක් බව පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.එ ඊයේ බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයෙදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. ඒ මහතා ප්‍රකාශ කලේ සෝෆා ගිවිසුමෙන් එක්සත් ජනපද හමුදාවන්ට භාණ්ඩ හා […]
කොළඹ සිට යාපනය කන්කසන්තුරය දක්වා ධාවනය වූ නගරාන්තර සීග‍්‍රගාමී දුම්රියේ ගැටීමෙන් ගවයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. ගව රංචුවක් දුම්රියේ ගැටී ඇත්තේ තාණ්ඩිකුලම් දුම්රිය ස්ථානය ආසන්නයේ දීයි. දුම්රියේ ගැටීම හේතුවෙන් තවත් ගවයින් 10 ක් ට පමණ තුවාල සිදුවී තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකදී දුම්රියේ ගැටීම හේතුවෙන් ගවයින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මියගොස් […]
මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම ලබන 05 වනදා සිදු කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මාතලේ නව මහාධිකරණයේ විනිසුරු ලෙස පත්කොට ඇත්තේ මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතායි. මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 41 ක්. මාතලේ දිස්ත‍්‍රික්කය සදහා රුපියල් මිලියන 850 ක මුදලක් වැය කරමින් […]
සෑම තරගයක්ම පරාජය කිරිමට උත්සහ කළ ද අවසන් පුර්ව වටයට පැමිණිමට නොහැකි වුවත් පස්වැනි තැනට හෝ පත්වීමට බලාපොරොත්තු වන බව තුන් ඉරියව් ක්‍රිඩක ධනංජය ද සිල්වා පවසනවා. ” අපි හැම තරගයක්ම ජයගන්න උත්සහ කළා.නමුත් දැන් අපිට අවසන් පුර්ව තරගයට එන්නට බැරි තත්වයක් තියෙන්නේ. පස්වැනි තැනට පත් වෙන්න පුළුවන්. එ නිසා ඉන්දියාව පරාජය කරලා පස්වැනි තැනට […]