News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා අද ජනාධිපති කොමසම හමුවට

Generic placeholder image

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා අද ජනාධිපති කොමසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, පාසල් පෙළ පොත්වල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ වර්ණ ඡායාරූපයක් ඇතුළත් කිරීම හේතුවෙන් සිදු වූ බව කියන මූල්‍ය පාඩුව සම්බන්ධ පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම සඳහායි. අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය පලමුවනදා ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන්නා. 2018 වසරේ අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන […]


Jul
3

ලෝක කුසලාන බලාපොරොත්තු ගිලිහෙද්දි ශ්‍රි ලංකාවට ක්‍රිකට් ජයක්

Generic placeholder image

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියෙදි සංචාරක ශ්‍රි ලංකා නැගි එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු ක්‍රිඩා විශ්ව විද්‍යාලයීය කණ්ඩායම් අතර පැවැති තරගයෙදි කඩුළු 02 කින් ජයගැනිමට ශ්‍රි ලංකා නැගි එන කණ්ඩායම සමත් වුණා. පලමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු ක්‍රිඩා විශ්ව විද්‍යාලයීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයෙදි කඩුළු 06 ක් දැවි ලකුණු 268 ක් රැස්කළ අතර පිළිතුරු […]


Jul
3

තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවේ නිළසංචාරයකට සුදානම්

Generic placeholder image

තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන් වෙන් ඇමරිකාවේ නිළසංචාරයකට සුදානම් වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ තායිවාන රජයේ මෙම නිවේදනය චීනය කෝප ගැන්වීමට හේතු වී ඇති බවයි. තායිවාන ජනාධිපතිනියට ඇමෙරිකාවට පැමිණීමට ඉඩ නොදෙන්නැයි චීනය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තායිවානය චීනයේ පළාතක් බවත්, තායිවානයට රාජ්‍යයක් හා ගනුදෙනු කිරීමට කිසිදු අයිතියක් නැති බවයි චීනය පවසන්නේ ඇමෙරිකාව මේ වන තෙක් තායිවානය […]


Jul
3

රීට් පෙත්සම පිළිබද වැඩිදුර විභාගය අද අභියාචනාධිකරණයට

Generic placeholder image

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොණු කළ රීට් පෙත්සම පිළිබද වැඩිදුර විභාගය අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි. ඊයේ පෙත්සම කැඳවනු ලැබුවේ පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කර ඇති බැවින් අභියාචනාධිකරණයට එය විභාග කිරීමට බලයක් නොමැති බවට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා. කෙසේ වෙතත් පෙත්සම මගින් […]


Jul
3

කුමන්ත‍්‍රණයක් ගැන ලබන 07 වනදායින් පසු හෙළිදරවුවක්

Generic placeholder image

විදෙස් ඔත්තු සේවාවක් මෙරට තුළ ක‍්‍රියාත්මක කරන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් ලබන 07 වනදායින් පසු රට හෙළිදරව් කරන බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Jul
3

”ඉන්න හිතෙන රටක්” යටතේ සංවර්ධන ව්‍යාපෘති 14 ක්

Generic placeholder image

ණය බරින් ජනතාව පෙළෙන සංවර්ධනයක් වෙනුවට ආදායම් උපයන සංවර්ධන ක‍්‍රියාවලියක් වත්මන් රජය ක‍්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ආයතන මගින් සිදු කළ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙන්ම භෞතික සංවර්ධනයට […]


Jul
3

දින 07 කදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 1814 ක් අත්අඩංගුවට

Generic placeholder image

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සිදු කල දීප ව්‍යාප්ත සුරාබදු මෙහෙයුම්වලදීපුද්ගලයින් 1 814 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස නිපදවු ස්ප‍්‍රීතු අලෙවි කිරීම සම්බන්ධයෙන්. වයස අවුරුදු 21 කට අඩු පුද්ගලයින් සදහා දුම්වැටි අලෙවි කල වෙළදසැල් හිමියන් 68 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් පුද්ගලයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ […]


Jul
3

උද්ඝෝෂණයක් හේතුවෙන් යාපනේ සිට කොළඹ එන දුම්රියත් ප්‍රමාදයි

Generic placeholder image

අද(03) උදෑසන යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු දුම්රිය උද්ඝෝෂණයක් හේතුවෙන් පැයක් පමණ ප්‍රමාද වී ඇති බව වාර්තා වෙනවා. මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත්තේ පසුගිය ජූනි මස 25 වන දින කිලිනොච්චි භාරති පුරම් ප්‍රදේශයේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී දුම්රියේ ගැටී හමුදා සෙබළුන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විමට […]


Jul
3

මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වලට අද දැඩි උණුසුම් කාලගුණයක්

Generic placeholder image

මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට අද දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම ප‍්‍රදේශවල ජනතාව අවධානය යොමුකළ යුතු බවයි. මේ දින වල පවතින උණුසුම් කාළගුණය හේතුවෙන් සෞඛ්‍ය අංශද උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. උණුසුම් සහිත කාළගුණයට වැඩි වේලාවක් නිරාවරණය වී සිටීමෙන් තෙහෙට්ටු […]


Jul
3

කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ, පළමු පෙරහැර අද

Generic placeholder image

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ, පළමු පෙරහර අද රාත‍්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. සධාතකු කරඬුව හස්තිරාජයාගේ පිට තැන්පත් කර අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහර අෂ්ටඵල බෝධිය වටා මහා දේවාලය පිටුපසින් ප‍්‍රදක්ෂිණා කර ප‍්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත් වනු ඇති. පෙරහර ප‍්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කරනු ලබනවා. […]


Jul
3

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය අද විවෘත වෙයි

Generic placeholder image

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය අද විවෘත වනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. පොළොන්නරුවේ ඉදි කර ඇති තාක්ෂණ කෞතුකාගාරය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 900ක්. මෙය ප‍්‍රධාන මහල් 03කින් සමන්විත අතර බිම් මහලෙන් පොළොන්නරු යුගය පිළිබද කෙටි හැදින්වීමක් ලබා දෙමින් එම යුගයට අයත් කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනය කර තිබෙනවා. මෙම තාක්ෂණ […]


Jul
3

චීන දුමිවැටි ආනයනය තහනම් – රාජිත

Generic placeholder image

චිනයෙන් දුමිවැටි ආනයනය නතර කිරීමට ආමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ජනධිපතිවරයගේ ප්‍රධානත්වයෙන් ඊයේ අමාත්‍ය මණ්ඩලය රැස් වු අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙ බව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post