ගත වූ පැය 24 තුළ සිදු කළ වැටලීම් වලින් හොරොයින් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර ගල්කිස්ස කොළඹ 14 බොරැුල්ල සහ බදුල්ල ප‍්‍රදේශ වල සිදු කළ මෙහෙයුම් වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් අද අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සිදු කල දීප ව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් වලදී […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යාවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව පොලිසිය පවසනවා. රෝහල් ගතව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ […]
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිම්න් සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. රජය විසින් දුමිරිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගිය සතියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. එයද නොතකමින් පසුගිය බ‍්‍රහස්පතින්දා දින සැලසුම් කල පරිදි වැඩවර්ජනය ක්‍රියාත්මක කලද මේ […]
මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 28 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාති‍්‍රයේ සමත් වුණා. ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම වන්නේ ද ඉන්දීය කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 ක් අවසානයේදී කඩුළු 9 ක් දැවී ලකුණු 314 ක් රැස් […]
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පසුගිය සිකුරාදා දින පැවැති තරගයේ දෙපිලෙම නායකයින් නියමිත කාලය තුල පන්දුවාර 50 යවා අවසන් නොකිරිම හේතුවෙන් නයකයින් දෙදෙනාට තරග ගාස්තුවෙන් සියයට 40 ක් බැගින් දඩ නියම කර ඇති බව වාර්තා වෙනවා. ඊට අමතරව සෙසු ක්‍රිඩකයින් සියලු දෙනාට තරග ගාස්තුවෙන් සියයට 20 […]
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කර තිබෙන වැඩපිලිවෙල හේතුවෙන් තමන්ට ජිවිත තර්ජන එල්ලවී ඇති බව මහවැලි ඉඩම් ඔප්පු බෙදා දීම සඳහා පොළොන්නරුවේදී අද (02) සවස පැවැත්වෙන උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකශ කළා. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ එල්ලවී ඇති ජිවිත තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තමන්ව දැනුවත් කරනු ලැබූ බවයි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව වරදකරුවන් බවට පත්ව […]
නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස්පති පුජිත් ජයසුන්දර මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදැසන අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පොලිස්පතිවරයා රෝහල් ගතවුවා. ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාර වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සැකකරුවන් ලෙස නම් […]
හිටපු ආරක්ෂක ලේකම් වරයා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීයි. තවමත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ගේ භාරයේ පසුවෙනවා.
හෙරොයින් ග්‍රෑම් 27.2ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු බවට පත්වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (02) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. සෙල්වරාජ් රංජිත් කුමාර් නම් විත්තිකරු 2012 වර්ෂයේ සැප්තැම්ර් මස 13 වෙනිදා මාලිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 27.2ක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා. ඒ අනුව නඩුවේ තීන්දුව අද […]
මෙම වසරේ පළමු මාස 4 තුළ වැඩිම ණය ප්‍රමාණයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග ගිවිසුම් ගෙන ඇත්තේ චීනයයි. කාර්තුව තුළ රජය ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් ලබා ගැනීම සඳහා ණය ගිවිසුම් 19කට එළඹුණා. ඉන් ඩොලර් මිලියන 989.5ක් දෙනු ලබන්නේ චීනයයි. එමෙන්ම, මේ වසරේ මුල් කාර්තුවේ දී ශ්‍රී ලංකාව ගිවිස ගත් ණය ප්‍රමාණය පෙර වසරේ එම කාලයට […]
ප්‍රවාහන අමාත්‍යංශයේ සහ ගමනාගමන කොමිෂන් සභාවේ සිදුවන දුෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් හා දුෂණ වංචා කොමිසමට හා අපරාධ පරික්ෂණ දෙපාර්තුමෙන්තුවට පැමිණිලි කරන බව බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සදහන් කළා.
බලපත්‍ර නොමැතිව ධාවනය කරන අන්තර් පළාත් මගී ප්‍රවාහන බස්රථ සඳහා මේ වන විට පනවා ඇති දඩය රුපියල් දෙලක්ෂ පනස් දහසක් වන අතර එය රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි තීරණය කර තිබෙනවා. ඔහු පැවසුවේ දැනට අන්තර් පළාත් මාර්ග බලපත්‍ර නොමැතිව බස්රථ 200ක් පමණ ධාවනය වන බවයි. මෙම […]