News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

හෙරොයින් ප්‍රවහානය කල අයෙක් වරාගොඩදි අල්ලයි

Generic placeholder image

කැලණිය වරාගොඩ ප්‍රදේශයෙදි හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරොද රථයකින් අලෙවි කිරිම සදහා හෙරොයින් ග්‍රෑම් 215 ක් මෙලෙස ප්‍රවාහනය කරමින් සිටියදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් එම ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමදි මොහු අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය වැඩි දුරටත් සදහන් කලේ.


Jul
5

නිතීඥ සංගමය සහ විපක්ෂනායක අතර ඊයේ විශේෂ හමුවක්

Generic placeholder image

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ නිතීඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ විජේරාම නිල නිවසෙදි පැවැත්වුණු බව වාර්තා වෙනවා. ඒහිදි නිතීඥ සංගමය විසින් සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුමස සහ මිලේනියම් කෝපරේෂන් යන ගිවිසුම් සහ එ නිසා ඇති විය හැකි ප්‍රති විපාක පිළිබද විපක්ෂනායක වරයා දැනුවත් කළ බව විපක්ෂ නායක කාර්‍ය්ලය සදහන් කලා. එමෙන්ම මිලියන 2.9 ක් වු […]


Jul
5

ජාතික හැදුනුම්පත් නිකුත් කරන එක්දින සේවාව අද ක්‍රියාත්මක නොවේ

Generic placeholder image

ජාතික හැදුනුම්පත් නිකුත්කිරිමේ පරිගණක පද්ධතියේ සිදුවු හදිසි බිද වැටීමක් හේතුවෙන් ජාතික හැදූනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව අද දිනයේ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමෙන්තුව පවසනවා. එය මේ වන විට යථා තත්වයට පත් කරමින් සිටින බවද අද දිනයේ පමණක් මෙම සේවාව ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කලා.


Jul
5

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කළා. ඒ හැරුණු විට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ […]


Jul
5

වර්ජනය අවසන් – දුමිරිය දුවයි

Generic placeholder image

දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාති‍්‍ර සිට ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ රාජකාරීවලට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුකරන බවට චෝදනා කරමින් සියලුම ශ්‍රේණිගත දුම්රිය වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂවලට අනුබද්ධ දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රී සිට කලින් දැනුම් දීමකින් තොරව වර්ජනයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග […]


Jul
4

දුම්රිය වැඩවර්ජනය අවසන්

Generic placeholder image

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය නවතා තිබෙනවා. බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමින් දුම්රිය වෘත්තීය සමිති ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.


Jul
4

මාකදුරේ මධූෂ්ගේ ගිනි අවි වල ඡායාරූප

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවේ පසුවන මධූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධූෂ් විසින් සිදුකරන ලද අනාවරණය පරිදි සොයාගත් ගිනි අවිවල ඡායාරූප පහතින්.


Jul
4

සීගිරිය අවට ප‍්‍රදේශයක අනවසර කැණීම් කළ පස් දෙනෙකු පොලිස් භාරයට

Generic placeholder image

සීගිරිය, තල්කොටේ, සියඹලන්කොරටුවයාය ප‍්‍රදේශයේ අනවසරයෙන් කැණීම් සිදුකළ පුද්ගලයන් 5 දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙන බව සීගිරි පොලීසිය පවසනවා. නටඹුන් සහිත ස්ථානයක් වන මෙහි අඩි 8 ක් දිගට සහ අඩි 8 ක් පළලට සැකකරුවන් විසින් අනවසරයෙන් කැණීම් සිදුකර ඇති බවයි නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. කැණීම් සදහා යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට […]


Jul
4

මිලියන 27ක් වටිනා මත්පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් මිලියන 27.5 ක් වටිනා ‘‘මෙතෆෙටමින්’’ අඩංගු මත්පෙති පාර්සලයක් සමග පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී මත්පෙති 5500 ක් හමුවී ඇති බව රේගු ආරංචි මාර්ග ප්‍රකාශ කළා.


Jul
4

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි ඇරඹේ

Generic placeholder image

අතරමග නවතා දමා තිබූ මාතර – හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.ඒ, ඉදිකිරීම් කටයුතු සිදු කරන චීන සමාගමේ නියෝජිතයින් සහ මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසුවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට තීරණය කර තිබුණේ මාස 10කින් ගෙවීමට තිබූ මුදල් මෙතෙක් නොගෙවීම හේතුවෙන්. මුදල් නොගෙවීම හේතුවෙන් ඉදිකිරීම් නතර කරන […]


Jul
4

වවුනියාවට භූ කම්පනයක්

Generic placeholder image

වවුනියාව, තාණ්ඩිකුලම හා පත්තිනියාර්මහින්ලන්කුලම යන ප්‍රදේශයන්වල අද(04) උදෑසන 9.52 ට පමණ භූ කම්පන තත්ත්වයක් ඇති වු බව ප්‍රදේශවාසීන් පැවසුවා. තත්පර ගණනාවක් අදාළ කම්පන තත්වය පැවති අතර, ඇතැම් නිවෙස්වල ජනෙල් දොරවල් පවා සෙලවෙන තත්වයක් හටගත් බවද භූ කම්පන තත්වයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වවුනියාව කාර්යාල නිලධාරීන්ගෙන් […]


Jul
4

අක්මීමන පාසලකට සැකකාර ලෙස ඇතුළු වෙන්න ගිය පුද්ගලයෙකු වෙඩි පහරින් මරුට

Generic placeholder image

අද(04) දහවල් 12.05 ට පමණ අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලට ඇතුළු වීමට ගිය මෙම […]


News Articles
Latest Videos
Most Popular Post