කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය, සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් ලැබී ඇතිි පැමිණීලි පිළිබඳ කෙරුණු මූලික් විමර්ශනයේ අතුරු වාර්තාවක් එම රෝහලේ අධක්‍ෂවරයා විසින් අධිකරණය වෙත භාර දී තිබෙනවා. ඒ අනුව මෙම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් 4372ක් සහ සාමාන්‍ය දරු ප‍්‍රසූති 79ක් සිදු කර ඇති අතර අදාළ මව්වරුන් කළ පැමිණිලි […]
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ පළමු අයවැය යෝජනාවලිය අද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා ඒ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින්. ඉන්දිරා ගාන්ධිගෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය ධුරයට පත්වූ දෙවන කාන්තාව ඇයයි. පෙරවරු 11 00 ට අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. 2019 වසර සදහා වන ඉන්දීය ආර්ථික සමීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඊයේ දිනයේ දීයි. […]
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා දෙන ලෙස රාජ්‍ය ආයතන වල සිදුවු වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත්තේ වගකිවයුතු නිළධාරියෙක් හරහා එම ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙයසි. රිෂාඞ් බදියුදීන් මහතා අයථා ලෙස ලේඛණ සකසා මන්නාරම ප‍්‍රදේශයේ අක්කර 3000 ක් මිළදී ගැනිමේ සිද්ධියක් පිළිබදව […]
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් හත් දෙනෙකු සහ එක් සිසුවෙකු හදිසියේ ඇති වු ස්වසන අපහසුතාවයක් සහ කැස්ස යන රෝග ලක්ෂණ නිසා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට අද(05) ඇතුළත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා. අද උදැසන පාසල් පැවැත්වෙන අතුරතුර එක් සිසුවියකට හදිසියේ රෝගාතුර වු […]
මඩකලපුව, පුදූර් ප‍්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී එක් නිලධාරියෙකුගේ රිවෝල්වරයක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රියැදුරු බලපත‍්‍ර නොමැතිව යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේ දීයි. අනතුරුව එම පුද්ගලයින් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙන යන අතරතුර […]
ඉදිරි ආණ්ඩුවකදී කිසිඳු මුස්ලිම් වැසියෙකුට හානියක් සිදුවීමට ඉඩ නොතබන බවත් වහබ් අන්තවාදය රැක ගනිමින්, මුස්ලිම් වැසියන් සමාජයෙන් කොන් කළ වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉදිරි මැතිවරණයේදී ඔවුන් තීන්දුවක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා. නුගේගොඩ ඊයේ පැවැති වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළිය අමතමින් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා. එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල […]
බිඳ වැටී ඇති පරිගණක පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් අද දිනයේ ජාතික හැඳුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව එහි කොමසාරිස් ජනරාල් වියානා ගුණතිලක මහතා සඳහන් කළා. කෙසේවෙතත් දෙපාර්තමේන්තුවේ අනෙක් සේවා කටයුතු සාමාන්‍ය පරිදි අද දිනයේ සිදුවන අතර […]
වව්නියාව,පට්ටකාඩු ප්‍රදේශයේදී අද(05) අලුයම ගව මඩුවක හටගත් ගින්නකට හසුවීමෙන් එළගවයින් දෙදෙනෙකු පිළිස්සි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම 1.30 ට පමණ ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වී ගින්න නිවීමට උත්සහ කළද පැවති වියළි කාළගුණ තත්ත්වය හමුවේ ගින්න පැතිර ගොස් ඇති අතර එළදෙනක් හා වසු පැටියෙකු මෙලෙස ගින්නට හසුව පිළිස්සි ජිවිතක්ෂයට පත්ව ඇති බව සදහන්. තවත් […]
අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් “යු.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා” ජාත්‍යන්තර උසස් අධ්‍යාපන විද්‍යාලය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ඊයේ කොළඹදී පැවැත්වුණා. ඔස්ට්‍රේලියාවේ අංක එකේ නවීන විශ්ව විද්‍යාලයක් වන UTS මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනයේ ජාත්‍යන්තර ඉගෙනුම් අවස්ථා සඳහා යොමුවීමේ අවස්ථා උදා කර දී ඇති බව පැවසෙනවා.මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි […]
සංවර්ධිත රටවල් මෙන් අපේ රටේ ද තවත් නොබෝ කලකින් පෙළපොත් අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කළ හැකි රටක් වන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා. “ළඟම පාසල හොඳම පාසල”වැඩසටහන යටතේ මැදවච්චියේ මෛත්‍රීපාල සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැඟිල්ල […]
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් විසින් සැළසුම් කළ ප‍්‍රභල අපරාධ සිද්ධින් 04 කට අදාළ විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ කලූතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිදුවීම ද ඊට ඇතුළත් බවයි. පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ නිළධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබදව ද විමර්ශන ආරම්භ […]
යාපනය පලාලි ගුවන් තොටුපළ, කලාපීය ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරෙන බව පැවසෙනවා. අගෝස්තු මාසයේ පළමුවන සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූළික අරමුණ බව වැඩිදුරටත් සදහන් වෙනවා. මේ සඳහා දැනට අයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2,250ක්. ඒ සඳහා ඉන්දීය රජයෙන් […]