නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම ලබන මසදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමග තරග වැදීමට ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ටෙස්ට් තරග 02 ක් සහ විස්සයි විස්ස තරග 03 ක් මීට ඇතුලත් වන අතර මීට අදාල කාලසටහන පහතින් දැක්වේ.
අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානය මේ වන විට ශ්‍රී ලංකාවේ විනාශ කර තිබෙන බවත්, අද රටේ ස්ථීර සාර සාමයක් ගොඩනැගී තිබෙන අතර ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලූවක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට අද (05) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා […]
අල්ලස් චෝදනා වලට වරදකරු කෙරුණු දැරණියගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොටා නැමැත්තාට බරපතල වැඩ සහිත වසර 24 ක සිරදඬුවම් නියම කර තිබෙනවා. නඩුව කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේයි. විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් ලක්ෂ හතරක දණ්ඩන මුදලක් ද නියම […]
මඩකලපුව පුදුර් ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර පැහැර ගැනීමට ලක්වූ ඔවුන් සතුව තිබුණු රිවෝල්වරය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද (05) සොයා ගෙන තිබෙනවා. ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද (05) පස්වරු 4ට පමණ මෙම රිවෝල්වරය සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු ද ඊයේ (04) […]
එල්.ටී.ටී.ඊ යට සහය පල කරමින් ඉන්දියාවේ ස්වෛරීභාවයට හානි වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ තමිල්නාඩු දේශපාලනඥයකු වන එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ හට එරට අධිකරණයක් මඟින් වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා. තමිල්නාඩු ප්‍රාන්ත ඩී.එම්.කේ පක්ෂ රජය විසින් චෙන්නායිහි විශේෂ අධිකරණයක් හමුවේ ගොනු කරන ලද නඩුවක තීන්දුව අද මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ඉන්දීය […]
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පාසලකට ඇතුළු වු තිදරු පියෙකුට ආරක්ෂක නිලධාරියා විසින් එල්ල කළ වෙඩි පහරින් මිය යෑමේ සිදුවීමේ වගකීම රජය විසින් භාරගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. ආරක්ෂාව සම්බන්ධයෙන් උදාසීන පියවරක් ගෙනයාම නිසා ඒ මරණයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි යනුවෙන් ඒ මහතා […]
‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහනේ 11 අදියර ලෙස රට පුරා පාසල් ගොඩනැගිලි 250 ක් විවෘත කිරීම සනිටුහන් කරමින් පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී ඉකුත්දා පැවැති ජාතික උත්සවයේ දී අගමැතිවරයා වර්තමානයේ රට පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන දියුණුවට හේතුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීම බව පවසමින් සිය ස්තුතිය පළ කළා. අධ්‍යාපනයෙහි සංවර්ධනය වෙනුවෙන් […]
උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයෙන් මෙතෙක් නොදුටු කොරල් පරයක් සොයා ගැනීමට සමත්වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ කිමිදුම් මෙහෙයුමකින් මෙම කොරල්පරය සොයාගත් බව සදහන් වෙනවා. මෙම […]
ඇමරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධයේ බලපෑම අවම කරලීම සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු සිදුකරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම බීජිං නුවර පැවති ආයෝජන හමුවකදී මේ බව ප්‍රකාශ කළ බවට සවුත් චයිනා මෝර්නිං පෝස්ට් පුවත්පත සඳහන් කළා. ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් ප්‍රමුඛතා තීරු […]
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සදහා අවසර ලබාදීම හේතුවෙන් රජයට කෝටි 1140 ක් පාඩුවක් කලේ යැයි ඇවන්ගාඩ් සභාපති ඇතුළු 08 දෙනාට එරෙහිව නඩු පවරා තිබෙන අතර එ අනුව ඇවන්ගාඩ් සභාපති ඇතුළු 08 දෙනාවහාම අත් අඩංගුවට ගත් යුතු බවට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දි ඇති බව වාර්තා වෙනවා.
අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් වැඩියෙන්ම සැලසූ කාලසීමාව පසුගිය වසර 5 බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා. පොළොන්නරුව – කවුඩුල්ල මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින්නා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා අත්හිටුවමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමට තීරණය කර ඇති බව සදහන්.