News Line| Off Air
Generic placeholder image

Jun
26

ලක්‍ෂ 22ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් රේගු දැලේ

Generic placeholder image

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 36,400ක් අඩංගු දුම්වැටි කාටූන් 182 ක් සගවා ගෙන සිටියදී ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයන් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී […]


Jun
26

කසල තේ සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ගෙලිඔය ප‍්‍රදේශයේ සිට පෑලියගොඩ දක්වා කන්ටේනර් රථ දෙකක් මාර්ගයෙන් ප‍්‍රවාහනය කරමින් තිබියදී කසල තේ කිලෝග‍්‍රෑම් 12,000 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු යටියන්තොටදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යටියන්තොට පොලිස් මාර්ග බාධකයේදී එම කන්ටේනර් රථ දෙක පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම කසල තේ තොගය සොයා ගනු ලැබුවා. පොලිස් භාරයට ගැණුනු මෙම එක් කන්ටේනර් රථයක් 2018 වසරේද කසල […]


Jun
26

ජපන් රැකියා වලට අයදුම් කිරීම සම්බන්ධයෙන් මනුෂගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිලිබද මේ වන විට ජපන් රජය සමග සාකච්ජා පවත්වමින් සිටින බවත් කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ […]


Jun
26

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර 6වන වටයේ සාකච්ඡාව අද

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද (26) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ. දෙපක්ෂය අතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවයි අද දිනයට කල් තබා තිබෙන්නේ.


Jun
26

ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් හොද සුදානමකින්

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඉදිරි තරග සඳහා හොඳ සුදානමකින් යුක්ත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් මේ වන විට මෙම තරග පවත්වන තනතීරු සඳහා හැඩ ගැසී ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ සිට 6 වෙනි පිතිකරුවා දක්වා ලකුණු අතරට පැමිණ තිබෙන […]


Jun
26

අයි එස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ගතවූ මාස 06 ක කාලය තුළ අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි. ඉරාකය හා සිරියාව තුළ තව දුරටත් අයි .එස් සංවිධානය සමග පුහුණු වීම් කටයුතු සිදු කරන ඉන්දීය ජාතිකයින් සිටින බවට අනාවරණය […]


Jun
26

මඩකලපුව විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නෑ

Generic placeholder image

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වනවා. ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු කියා සිටියේ එය ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බවයි. වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා කියා සිටියා. එම විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ […]


Jun
26

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් කරයි

Generic placeholder image

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටි අතර එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද සඳහන් කළා.


Jun
26

රාජ්‍ය නිලධාරීන්ට ඇඳුම් පිලිබද චක්‍රලේඛයක්

Generic placeholder image

මහජන ආරක්ෂාව සඳහා පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවෙන ඇඳුමක් ඇඳිය හැකි බවට විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා වු යෝජනාවට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා. රාජ්‍ය පරිපාලන විෂය පැවරී ඇති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ආයතන සංග්‍රහය මඟින් පැවරී ඇති බලතල අනුව රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳ චක්‍රලේඛනයක් පසුගිය මැයි මස 29 වන දින නිකුත් කරනු ලැබුවා. […]


Jun
26

දුම්රිය සේවයෙන් විශ්‍රාමලත් අය යළි සේවයට එක් කර ගැනීමට සුදානමක්

Generic placeholder image

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන 2019 ජූනි මස 28 වැනිදා එනම් සිකුරාදා උදෑසන 09.00ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී […]


Jun
26

හමුදාපති සහ බදියුදීන් විශේෂ කාරක සභාව හමුවේ අද

Generic placeholder image

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද දිනයේ කැදවීමට නියමිත බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. විශේෂ කාරක සභාව අද (26) පස්වරුවේ යළි රැස් වෙන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කර්මාන්ත සංවර්ධන […]


Jun
26

කළමැටිය ධීවර වරායේ ගින්නකින් බෝට්ටු 27 ක් විනාශ වෙයි

Generic placeholder image

හුංගම කළමැටිය ධීවර වරාය භූමියේ ගාල් කර තිබූ එක්දින ධීවර යාත්‍රා 27ක් ගිනිගෙන විනාශ වී ඇති බව හුංගම පොලීසිය පවසනවා. ඊයේ(25) රාත්‍රී 10.00ත් 11.30ත් අතර කාලයේදී මෙම යාත්‍රා ගිනි ඇතැයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළා. එයින් ධීවර යාත්‍රා 22ක් සම්පූර්ණයෙන් ද තවත් 5ක් අඩක් ද දැල් උපකරණ සමඟ ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වනවා. මේ […]


News Articles
Latest Videos
Most Popular Post