2014 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ස.තො.ස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ […]
මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සදහා ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාමාර්ගය අගය කරන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ දි මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව උපරිම දඞුවම් ලබාදීමට පියවර ගත යුතු බවයි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ රටේ ප්‍රශ්න විසඳීම සදහා වෙනත් කිසිදු පාර්ශවයක සහය ලබාගැනීම යෝග්‍ය නොවන බවයි.
දකුණු අපි‍්‍රකානු ජනාධිපති සිරිල් රමපෝසා කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. ජී විස්ස සමුළුව සදහා සහභාගිවීමට ජපානයේ ඔසාකා වෙත යන අතරතුර අද පෙරවරුවේ ඔහු කටුණායක ගුවන් තොටුපලට පැමිණි බවයි වාර්තා වන්නේ. දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා පිළිගැනීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගුවන්තොටුපලට පැමිණ ඇති අතර එහිදී ඔවුන් සුහද පිළිසදරක නිරතව සිට තිබෙනවා.
හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩුව අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. එහිදී විනිසුරුවරයා නියම කළේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වනදා […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ඉදිකිරීම් කටයුත්තක් අතර තුර පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පැවසුවා. කම්කරුවන් පිරිසක් අදාළ පාසලේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා බිම සකස් කරමින් සිටියදී පස් කන්ද කඩා වැටී ඇති අතර එහිදි ඉන් එක් අයෙකු ඊට යටවී ඇති අතර අනෙක් […]
ගුණාත්මක ආහාර වේලක් තිරසර ජිවිතයක් සහ යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සදහා ආහාර සුරක්ෂිතතාවය පිළිබද නව නිර්ණායක සහ රෙගුලාසි 2020 ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලෝක ආහාර සුරක්ෂිතතා දින ජාතික උත්සවය […]
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණා. කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ මෙම අධිචෝදනා බාරදුන් අතර විත්තිකාර අනුර සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් බැගින් වූ ශරීර ඇප […]
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (26) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් කච්චතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් […]
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (27) පළමුවරට කැඳවනු ලබනවා. එහිදී වෛද්‍යවරයා විසින් සිදු කරනු ලැබූ බව පැවසෙන වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළ චෝදනා සහ අයථා ලෙස වත්කම් උපයා ගැනීමට අදාළ චෝදනා විභාග කරනු ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]
යටියන්තොට, සීපෝත් පාර, වී ඔය ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යටියන්තොට පොලිසිය පැවසුවේ අද(27) උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. පැලැන්පිටිය සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් අනතුර සිදුව ඇති අතර බස්රථයේ […]
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමෙන්තුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. පසුගිය 22 වනදා හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවා. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව එකී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරාම කි‍්‍රයාත්මක විය යුතුයැයි එම ගැසට් පත‍්‍රයේ සදහන් වනවා.