දිස්ත‍්‍රික්ක 04 කට අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සදහන් කලේ පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත‍්‍රික්ක වලට උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි උණුසුම් කාලගුණය පවතින අවස්ථාවේදී, ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාන වල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇඳුම් භාවිතා කරන ලෙස […]
වදක තනතුර සදහා පුද්ගලයන් දෙදෙනෙකු ලබන සතිය තුළ බදවා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සම්මුඛ පරීක්‍ෂණවලින් තෝරා ගත් 26 දෙනාගෙන් දෙදෙනෙකු ඒ සඳහා තෝරා ගැනෙනු ඇති. මෙම 26දෙනාට පොලිස් විශේෂ බලකායේ පුහුණුව ලබා දෙන බවට ප‍්‍රකාශ කෙරුණද ඔවුන්ට එම පුහුණුව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මෙම පිරිස ඉකුත් දින කිහිපයේදි පුුහුණු සැසි […]
ගම්පොල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථ දෙකක් තුළ තිබි කසල තේ කිලෝ 13350 ක ප්‍රමාණයක් සහ එහි රියදුරන් දෙදෙනා කෑගල්ල – ගලිගමුව ප්‍රදේශයේදි පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනෙවා. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් ගම්පොළ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු පෙදෙස් නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය මුක්ත කලාප බවට පත් කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් හඳුන්වා දී ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මෙම සතිය තුළ සහ ඊට ආසන්න කාල සීමාව තුළ මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ […]
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරග කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට පැමිණ තිබෙන අතර එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතායි. එම යෝජනාව බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය, මධ්‍යම පරිසර අධිකාරියේ වත්මන් සභාපති ඉසුර දේවපි‍්‍රය විසින් ස්ථිර කර තිබෙන බව වාර්තා වනවා. මේ අතර […]
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව ශ්‍රි ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පැවති තහනම ආපසු හැරවීමට සළකා බැලීම සඳහා ශ්‍රි ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ කැනඩාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි. මෙය මානව […]
මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර තවත් තීරණාත්මක තරගයක් චෙස්ටර්ලිහිදී අද පැවැත්වෙනවා. මෙම තරගය ජය ගැනීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක වන අතර අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගත යුතු බව විස්තර විචාරකයින් පවසනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මේවනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ […]
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28) යළි රැස් වීමට නියමිත අතර අද දිනයේ තේරීම් කාරක සභාව හමුවේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැඳවීමට නියමිත බව පැවසෙනවා. හිටපු අමාත්‍ය බදියුදීන් පසුගිය 26 වනදා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට පෙනී සිටියද කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම […]
අතිවිශේෂ ගැසට් නිවේදනයකින් දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත් කළ ද සැලසුම් කළ පරිදි පැය 24ක සිය වැඩ වර්ජනය කි‍්‍රයාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. මෙලෙස ඉල්ලීම් කිිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවලින් සිය ඉදිරි […]
මෙරටට බාල බස්රථ ගෙන්වීම වළක්වමින් ඉදිරියේදි නව නීති පනවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ගෙන්වනු ලැබු අධි සුඛෝපභෝගි බස්රථ ඩිපෝ අතර බෙදාදීමේ උත්සවයට අද(27) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ශ්රී […]
රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (27) උදෑසන 9.00 ට පමණ ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසුවා. මෙම ඉන්දීය ජාතිකයා නිතර ගුවන් මගින් ව්‍යාපාරික කටයුතු සිදු කරන […]
ශ්රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්නගේ අත්සනින් යුතුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතෙහි දෙවැනි වගන්තියට ප්‍රකාරව මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය […]