News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

අද දිවයින වටා වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් හැරුනු විට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් […]


Jun
29

ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු බිද දමමින් ජය දකුණු අප්‍රිකාවට

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ඩරන්හැම්හිදී පැවැති තරගයේ කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම ආරම්භ කරමින් නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසියත් තරගයේ පළමු පන්දුවේදීම නායක දිමුත් කරුණාරත්න ලකුණු ලබා ගැනීමටත් පෙර දවා ගැනීමට කාගිසෝ රබාඩා […]


Jun
29

බදියුදීන් ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති බවට නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් තේරීම් කාරක සභාවට වාර්තාවක්

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කළ වාර්තාවක් ඊයේ (28) තේරීම් කාරක සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කල බව වාර්තා වනවා. ඒ අනුව එහි සඳහන් වී තිබුණේ කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ නොමැති බවයි. පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරය ගැන සොයා බැලීම සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු විශේෂ […]


Jun
29

කෝටි 2කට අධික ස්වර්ණාභරණ තොගයක් රේගු දැලේ

Generic placeholder image

ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරු ජාතික යුවළක් ළග තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඊයේ (28) රාත්‍රීයේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මොවුන් වයස අවුරුදු 55 සහ 45 යන […]


Jun
28

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

Generic placeholder image

ඉස්ලාම් ආගමේ කුරානය තුළ කිසිදු තැනක මරාගෙන මැරෙන ප්‍රහාරයන් අනුමත කර නොමැති බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. එක් ජීවිතයක් මරනවා යනු මුළු මහත් සමාජයම මරණවා යනු යැයි පැවසු හිටපු අමාත්‍යවරයා, තමා මරාගෙන මැරෙන සංකල්පය ප්‍රතික්ෂේප කරන බව ද පැවසුවා. මේ සංකල්පය […]


Jun
28

රුපියල් ලක්ෂ 2ක් වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

බදුල්ල උඩුවර අතුරුමාර්ගයකදී රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු මුදල් හුවමාරු ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් පැකට් දුරකථයෙන් දන්වන ස්ථානයන්හි සඟවා යන හෙරොයින් බෙදාහරින්නෙකු බව හෙළි වී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ යට ඇඳුම් තුළ පොලිතීන් මල්ලක දැමූ හෙරොයින් පැකට් 60 ක් තිබී සොයාගෙන ඇති බව වාර්තා වනවා. […]


Jun
28

මරණ දඬුවම ගැන ජනපති ජගත් මහලේකම්ට කරුණු පැහැදිලි කරයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ අද (28) පෙරවරුවේ පැවති උත්සවයක දී ප්‍රකාශ කළේ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බවයි. මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින […]


Jun
28

හාලිඇල කැලෑවක හටගත් ගින්නකින් අක්කර 20ක් විනාශ වෙයි

Generic placeholder image

හාලිඇල-උඩුවරවත්තේ කැලෑ ප්‍රදේශයක ඊයේ(27) රාත්‍රීයේ ඇතිවු ගින්නක් හේතුවෙන් අක්කර 20ක් පමණ විනාශ වී තිබෙනවා. පරිසර වේදීන් වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම ගින්න හට ගත් ප්‍රදේශයේ ඌරන්, වැලිමුවන් සහ උරඟ වර්ගයේ සතුන් බහුලව සිටින කොටසක් වන බවත් එම ප්‍රදේශයේ බෝහෝ ජල උල්පත් පිහිටි ප්‍රදේශයක් බවත්ය. මෙම ගින්නට හේතුව මිනිස් ක්‍රියාකාරකම් වන්නට ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ බදුල්ල සහකාර […]


Jun
28

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙකුට නඩු

Generic placeholder image

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා. මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී විජේරත්න යන අය විත්තිකරුවන්ට ලබන මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙහිදී නියෝග කළා. නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග […]


Jun
28

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසට එරෙහිව නීතිපතිගෙන් නඩු

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අංක 1 හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම සිද්ධියේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, […]


Jun
28

දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළඳාම් කිරීමට පුළුවන්

Generic placeholder image

දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළඳාම් කිරීමට හැකියාවක් පවතින බව මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය අද තීන්දු කලා. ඒ වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාවේ සභාපති නිකුත් කල තහනම් නියෝගය පිළිබද පැමිණිල්ල කැදවු අවස්ථාවේ දීයි. මුස්ලිම් වෙළඳුන් පිරිසකට දංකොටුව සති පොලේ වෙළදාම් කළ නොහැකි බවට පවසමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව පසුගිය 25 වනදා පොළීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. මේ […]


Jun
28

දුම්රිය වර්ජනයට එරෙහි පැමිණිල්ල ගැන විමර්ශන ඇරඹෙයි

Generic placeholder image

දුම්රිය වර්ජනයෙන් මගීන්ට සිදුවන අපහසුතා පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටුව පොලිසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ගය ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි කොලඹ කොටුව පොලිසියේ ප‍්‍රකාශකයකු කියා සිටියේ. දුම්රිය වර්ජනයෙන් මගීන්ට සිදුවන අපහසුතා පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටුව පොලීසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.ඒ් දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් […]


News Articles
Latest Videos
Most Popular Post