News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

දිවයින වටා වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

සබරගමුව පළාතේ වැසිවාර කිහිපයක් හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා […]


Jul
1

රාජ්‍ය සේවකයින්ට අද සිට වැඩි කෙරුණු දීමනා හිමිවේ

Generic placeholder image

2019 අයවැයෙන් යෝජනා කෙරුණු පරිදි රාජ්‍ය සේවක වැටුපට අද (01) සිට තවත් දීමනාවක් එක්වන අතර ඒ අනුව ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවකයින්ට රුපියල් 2,500ක අන්තර්කාලීන දීමනාවක් අද සිට හිමිවන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මේ සඳහා රජය වැය කෙරෙන මුදල රුපියල් මිලියන 20,000ක් පමණ වෙනවා. විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ අයවැය යෝජනාව ද අද […]


Jun
29

මධුෂාන් 07 බහුදින ධීවර යාත්‍රාව අනතුරට

Generic placeholder image

ධීවරයන් තිදෙනෙක් රැගත් බහු දින ධීවර යාත්‍රාවක් අම්බලන්ගොඩ ප්‍රදේශයට ආසන්න මුහුදු තීරයේදී අනතුරට පත්වී ඇති අතර බෝට්ටුවේ සුන් බුන් අම්බලන්ගොඩ උස්මුදුල්ලාව වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. කෙසේවෙතත් මෙහි සිටි ධීවරයින් තිදෙනා බෝට්ටුවේ සුන් බුන්වල එල්ලී නිරුපද්‍රිතව ගොඩ බිමට පිහිනා ඇති බව සදහන්. ඊයේ (28) සවස 4ට පමණ මධුෂාන් 07 නැමැති බහුදින ධීවර යාත්‍රාව බේරුවල වරායේ සිට […]


Jun
29

ඕමන්ත ඉලයමරදන්කුලම ප්‍රදේශයේ කැළෑවක් තුළ තිබී බ්ම් බෝම්බ පුරවන ලද බෑගයක්

Generic placeholder image

වවුනියාව, ඕමන්ත ඉලයමරදන්කුලම ප්‍රදේශයේ කැළෑවක් තුළ තිබී බ්ම් බෝම්බ පුරවන ලද බෑගයක් අද (29) උදැසන වවුනියාව ඕමන්ත පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. බිම් බෝම්බ 25 ක පමණ ප්‍රමාණයක් අදාළ බෑගය තුළ තිබී ඇති අතර බෑගය ආසන්නයේ ආර්.පි.ජි. උණ්ඩයක්ද තිබී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. පොලීසිය වෙත ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය ‍සොයා ගැනීමට හැකිව ඇති […]


Jun
29

ආයුර්වේද ක්ෂේත්‍රය දූෂණයෙන් තොර බවට ජනපතිගෙන් සහතිකයක්

Generic placeholder image

බටහිර ඖෂධ සහ වෛද්‍ය උපකරණ ජාවාරමක් ලොව පුරා ක්‍රියාත්මක වුවත් ආයුර්වේදය දූෂණයෙන් තොර ක්ෂේත්‍රයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. මනම්පිටිය ආයුර්වේද රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.


Jun
29

මාතලේ නීති කමිටු නිලධාරින්ට මැර ප්‍රහාරයක්

Generic placeholder image

මාතලේ ඇටිපොල කන්ද ආශ‍්‍රිතව පවත්වා ගෙන යන මිනිරන් පතල් කර්මාන්තය හේතුවෙන් සිදුවන පාරිසරික හා සමාජීය ගැටළු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මාතලේ දිස්ත‍්‍රික් නීති කමිටු නිළධාරීන්ට මැර ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ප‍්‍රදේශයේ බලපත‍්‍ර ලබාගත් මිනිරන් පතල් තුනක් ඇති අතර අනවසරයෙන් කැනීම් කරන තවත් පතල් හයක් ඇති බවට ගම්වාසීන් හා පරිසරවේදීන් ලබාදුන් තොරතුරු සොයා බැලීම […]


Jun
29

වයඹ පලාත් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් යළි වර්ජනයක

Generic placeholder image

තම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් වයඹ පලතේ සියලූම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් දින කිහිපයකින් අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව පවුල් සෞඛය සේවා නිළධාරීන්ගේ සංගමය පවසනවා. වයඹ පලාතේ සියලූම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් මේ වන විට වැඩ බලන ක්ෂේත‍්‍ර වලින් ඉවත්ව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා භාර දීමෙන් වැලකී සිටින බවයි එම සංගමයේ සභාපති දේවිකා […]


Jun
29

හාලිඇළ ප්‍රදේශයේදී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Generic placeholder image

බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී බදුල්ල හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් ගෑම් 15යි මිලිග්‍රෑම් 190ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා. සැකකරු 25 හැවිරිදි අංපිටිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.


Jun
29

අනුරාධපුරයේ ශුද්ධ නගරයට ද්වාර 6 ක් සහ ද්වාර 6 හරහා දිවෙන මං පෙත් 6 ක්

Generic placeholder image

අනුරාධපුරයේ ජලය බැස යන ජල මාර්ග 6 ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, දුම්රිය, බස් නැවතුම්පල සහ සියළු ප‍්‍රවාහන මාදිලි එකට යාකෙරෙන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසුවා. ඒ රුපියල් මිලියන 53 ක වියදමින් සංවර්ධනය කරන ලද ජය ශ‍්‍රී මහා බෝධින්වහන්සේගේ නැගෙනහිර ප‍්‍රවේශ මාර්ගය බැතිමතුන් උදෙසා විවෘත […]


Jun
29

දයාසිරි යළි තේරිම් කාරක සභාවට කැදවීමට තීරණයක්

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කල පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව යළිත් ලබන මස 10 වනදා පස්වරු 2.00 ට රැස් වීමට නියමිත බව වාර්තා වනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා තේරිම් කාරක සභාවට ඊයේ දිනයේ කැදවනු ලැබුවද තමන් එයට සහභාගි නොවන බව පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශ කර තිබුණා.එම නිසා තේරිම් කාරක සභාවට යළි […]


Jun
29

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කළ පැය 24ක වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. ඒ අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවයි දුමිරිය පාලක මැදිරිය පැවසුවේ. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය ඉකුත් දා කටයුතු කළද එය ද නොතකමින් […]


Jun
29

මාකඳුරේ මධුෂ්ගෙන් T 56ක් හමුවෙයි

Generic placeholder image

මීගමුව දළුපොත ඇළ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් රැගෙන ගොස් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් මේ වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙනවා. ඉකුත් පෙබරවාරි […]


News Articles
Latest Videos
Most Popular Post