News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

සිසුන්ට ටැබ් පරිගණක දීම පිලිබද අගමැතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළේ පරිගණක ක්ෂේත‍්‍රයේ දැනට පවතින පුරප්පාඩු සඳහා සුදුස්සන් සොයා ගැනීමේ මූලික අදියරක් ලෙස බව තණමල්විල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. දැනට ශ‍්‍රී ලංකාව තුළ පරිගණක ක්ෂේත‍්‍රයේ පුරප්පාඩු 90,000ක් පමණ පවතින බව අග‍්‍රාමාත්‍යවරයා එහිඩ්දී වැඩිදුරටත් සදහන් කළා.


Jul
1

පැරණි නෙල්ලි ගසකට ඇසිඩ් ගසා විනාශ කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

කිලිනොච්චිය නගර මධ්‍යයේ පිහිටි ඉපැරණි නෙල්ලි ගසක් විනාශ කිරීමට ඇසිඩ් යෙදූ පුද්ගලයන් දෙදෙනෙකු පිලිබද කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරින් පොලීසියට කළ පැමිණිල්ලක් මත කිලිනොච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පොලීසිය පැවසුවා.


Jul
1

අද සිට දකුණු පළාතේ පාසල් කාලය පැයකින් දීර්ඝ කරයි

Generic placeholder image

දකුණු පළාතේ පළාත් සභා පාසල් සඳහා පාසල් පැවැත්වෙන කාලය අද (01) සිට පැයකින් දීර්ඝ වන අතර ඒ අනුව පෙරවරු 07.30 සිට දහවල් 2.30 දක්වා පාසල් කාලය පැවැත්වෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් පවසනවා. දකුණු පළාතේ ඇතැම් පාසල් මේ වනවිටත් අතිරේක කාලයක් අධ්‍යයන කටයුතු සිදු කරන බවද මෙහිදී සිහිපත් කෙරුනු අතර දකුණු පළාතේ පළාත් සභා […]


Jul
1

රාජිත ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතයි

Generic placeholder image

චින සිගරට් ලංකාවට ගෙන ආවොත් කිසි විටෙකත් එවැනි රජයක තමාට හෝ ජනාධිපතිවරයාට සිටිය නොහැකි බව අද(01) උදෑසන කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවා. අද බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එළි දැක්වීමේ වැඩසටහනට පැමිණීමට තමාට ආරාධනා කිරීම ගැන ජනාධිපතිවරයාට ස්තූති වන්ත වන බව […]


Jul
1

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම පිලිබද ජනපතිගේ අවධාරණය

Generic placeholder image

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසන අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කළා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණක මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයනට ප්‍රවේශවීම වැළැක්විය යුතු බවද ජනාධිපතිවරයා යෝජනා කර තිබේනවා. […]


Jul
1

එජාපය මැතිවරණය ප‍්‍රචාරක ව්‍යාපාරය අද සිට

Generic placeholder image

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිය මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය අද (01) සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජි කාරියවසම් කියා සිටියේ ඊළඟ එන ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවයි. මෙම ප්‍රචාරක වැඩපිළිවෙල ගෙන යෑම සඳහා තමන් ඇතුළු රාජිත සේනාරත්න, රුවන් විජේවර්ධන, මුජුබර් රහුමාන් […]


Jul
1

ජාතික භාෂා සතිය අදින් ඇරඹෙයි

Generic placeholder image

ජාතික භාෂා සතිය අදින් (01) ආරම්භ වනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ද පිළිගෙන ඇතත් තවමත් සැබෑ ලෙස ක‍්‍රියාත්මක නොවන ජාතික භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා පොළඹවාලීමක් ඇති කිරීමේ අදහසින් මෙම සතිය ප‍්‍රකාශයට පත් කෙරුණු බව අමාත්‍ය මනෝ ගනේෂන් සදහන් කළා. ජාතික භාෂා සතිය වෙනුවෙන් සංවිධාන කෙරුණු පළමු උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. දෙවන උත්සවය කොළඹ ඉසිපතන විද්‍යාලයේදී […]


Jul
1

ලංකාව නැවතත් සංචාරක ව්‍යාපාරයට සුදානම් – පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම විදේශිකයින් පිරිස අද දිවයිනට

Generic placeholder image

පසුගිය අප්‍රේල් 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක එල්ල වු බෝම්බ පිපිරීම්වලින් පසුව ලංකාවට පැමිණි වැඩිම විදේශිකයින් පිරිස අද(01) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ප්‍රහාරයන්ගෙන් පසුව විදේශිකයින්ගේ පැමිණීම ඉතා ඉක්මනින් පහල වැටුණ අතර අද උදෑසන මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ චීන ජාතිකයින් පිරිසක්. තැඹිලි හොලිඩේ නැමති ආයතනය විසින් මෙම පිරිස ලංකාවට ගෙන්වීම සඳහා මුලිකත්වය ගෙන ඇති බව […]


Jul
1

අකිල අද ජනපති කොමිසමට

Generic placeholder image

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ පාසල් පෙළපොත් මුද්‍රණය්දි ඊට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ රුව ඇතුලත් ඡායාරූප අන්තර්ගත කරමින් මුදල් අපතේ යැවිමේ පැමිණිල්ලට අදාල නොතීසියකට අනුව බව පැවසෙනවා.


Jul
1

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවයි

Generic placeholder image

කොළඹ වරායේ සිට කොලොන්නාව ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නළ මාර්ගයේ ඉතිරි මීටර් 140 ක ප්‍රමාණය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදෙන බව පවසමින් පෙර දැනුම් දුන් පරිදි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවා තිබෙනවා. මෙම නල මාර්ගයේ කිලෝමීටර 5 න් ඉතිරි මීටර් 140 ක දුර ප්‍රමාණය ප්‍රතිසංස්කරණය […]


Jul
1

ජනපති ප්‍රධානත්වයෙන් මත්ද්‍රව‍්‍ය නිවාරණ මහා සමුළුව ඇරඹෙයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණු බව වාර්තා වෙනවා. .ජුනි 26 වන දිනට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් පාසල් දරුවන් විශ්වවිද්‍යාල සහ වෘත්තිය අධ්‍යාපනය ලබන සිසුන් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර මෙම මත්ද්‍රව්‍ය […]


Jul
1

එංගලන්තය ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරයි

Generic placeholder image

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණඩායම අතර ඊයේ පැවති තරගයෙන් එංගලන්තය ලකුණු 31ක ජයග‍්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුණා. ඒ අනුව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 07ක් දැවී ලකුණු 337ක් රැස්කර ගත අතර .පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දියාව […]


News Articles
Latest Videos
Most Popular Post