News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනපතිට

Generic placeholder image

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම අද (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු වුනා. වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් මෙකී ගිනි නිවන රථ පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ […]


Jul
1

දේශපාලන ලැයිස්තුවලට ගුරු පත්වීම් දෙන්න එපා – ජෝසප් ස්ටාලින්

Generic placeholder image

ඇතැම් පුද්ගලයින්ගේ හිතවත්කම් මත අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදීමට සූදානම් වන පත්වීම් වහා අවලංගු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමය පවසනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ පසු ගිය 28වදා විජේකලා මහේෂ්වරන් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්වෙච්ඡා ගුරු පත්වීම් 1118ක් ලබා දුන් බවත් ඒ […]


Jul
1

කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇති බව ජනාධිපති කියයි

Generic placeholder image

මේ වන විට ලංකාව මුහුණ දී ඇති නවතම අභියෝගය වන්නේ කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද(01) උදෑසන කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහටනේ අවසන් දින උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. පසුගිය කාලයේ බියර් සඳහා වු මිල ගණන් විශාල වශයෙන් අඩු කළ බවද ඒ […]


Jul
1

ඇමති ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් මන්ත්‍රිවරයාගේ පුත්‍රයා පොලිසියට භාරවෙයි

Generic placeholder image

ඇමති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත සිසිර අබේසේකරගේ වැඩිමහල් පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 26 හැවිරිදි ඉෂාන් චතුරංග අබේසේකර නැමැති ඔහු අද පෙරවරුවේ හලාවත පොලීසියට භාර වීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. පසුගියදා මන්ත‍්‍රීවරයාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යෙදි සිටි […]


Jul
1

ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 33 දෙනෙකු මරුට

Generic placeholder image

ඉන්දියාවේ – ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේදී අද උදෑසන කුඩා බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 33 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අධික වේගය සහ ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම මෙම අනතුරට හේතුව බවයි ඉන්දීය පොලීසිය සදහන් කළේ.


Jul
1

මරණ දඬුවමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

Generic placeholder image

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් කර තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සී. ගුණරත්න, ආචාර්ය කේ සේනාරත්න සහ දැනට වැලිකඩ බන්ධනාගාරය තුළ මරණීය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් කිහිප දෙනෙකු ද සිය නීතිඥවරු මාර්ගයේ මෙම මූලික […]


Jul
1

හෙට ගාල්ලේ තැන් කිහිපයකට පැය 09ක් වතුර නෑ

Generic placeholder image

බද්දේගම ජල පවිත‍්‍රාගාරයේ අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මීමැඩුම, ගෝනපීනුවල, තෙල්වත්ත, කලූපෙ යන ප‍්‍රදේශවලට සහ හික්කඩුව නගරයට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති බව […]


Jul
1

ලබන මස සිට සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය භික්ෂූන් වහන්සේලා වෙනුවෙනුත්

Generic placeholder image

පාසල් දරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ද හඳුන්වා දීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.ඒ අනුව විෂයභාර අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ රජයේ වැටුප් නොලබන සියලූ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් මෙම සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන බවයි. එමෙන්ම දිවයින පුරා සිටින භික්ෂූන් වහන්සේ වෙනුවෙන් මෙම සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය ක‍්‍රියාත්මක […]


Jul
1

ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලූම කලාකරුවන්ට විශේෂ හැඳුනුම්පතක්

Generic placeholder image

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලූම කලාකරුවන්ට විශේෂ හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට පෙර අදාළ කලාකරුවා තමන් පදිංචි ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී මගින් පදිංචිය සනාථ කළ ලිපියක් ලබා ගෙන එය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර පොලිස් වාර්තාවක් ලබා ගත යුතුයි. පොලීසිය මගින් නිසි පරීක්ෂාවකින් පසු නිකුත් කරන […]


Jul
1

හම්බන්තොට ඉදිකෙරුණු නව රෝහලට එරෙහි ව්‍යාපාරිකයන්ගේ විරෝධය

Generic placeholder image

හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරුණු රෝහලට එරෙහිව එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවමින් විරෝධතාවක නිරත වන බව වාර්තා වෙනවා. හම්බන්තොට මහ රෝහල මේ වන විට නගර මධ්‍යයේ පිහිටා ඇති අතර නව රෝහල ඉදි කර ඇත්තේ ඊට කිලෝමිටර 08 ක් පමණ දුරින්ය. හම්බන්තොට නගරයට එ හේතුවෙන් ජනතාව පැමිණිම අවම වීම සිය […]


Jul
1

ක්‍රෙඩිට් කාඞ් පත් මුද්‍රණය කිරීමට යොදා ගන්නා යන්ත‍්‍රයක් සමග චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ක්‍රෙඩිට් කාඞ් පත් මුද්‍රණය කිරීමට යොදා ගන්නා යන්ත‍්‍රයක් සමග චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලූපිටිය ප‍්‍රදේශයේ හෝටලයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවැසුවේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිළධාරීන් විසින් එම වැටලීම සිදු කර තිබුණා. සැකකරුවන් සතුව තිබී ක්‍රෙඩිට් කාඞ් පත් මුද්‍රණය කිරීමට යොදා ගන්නා හිස් කාඞ් පත් ද සොයා ගත් බවයි පොලීසිය සදහන් කලේ. […]


Jul
1

බස් සංගම් අද ගාස්තු සංශෝධනයක් ඉල්ලයි

Generic placeholder image

බස් ගාස්තු සංශෝධනයක් සිදු විය යුතු බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඔහු වැඩි දුරටත් කියා සිටියේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද දිනය තුළ සිදුවිය යුතු නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එය පැහැර හැර ඇති බවයි. නමුත් ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ අද දිනයේ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post