News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි. ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ප‍්‍රධානත්වයෙන්. ඉදිරි ජනාධිපතකිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පක්ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡා වල යම් ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් […]


Jul
2

ජනාධිපති අරමුදලේ දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයාට ඇප

Generic placeholder image

ජනාධිපති අරමුදලේ දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයා රුපියල් 10,000ක මුදලක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා. ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අත්‍යවශ්‍ය සහ රහසිගත තොරතුරු සහිත කිසිදු ජාලයක් […]


Jul
2

14 හැවිරිදි පාසල් සිසුවෙක් දුම්රියක ගැටී මරුට

Generic placeholder image

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ඊයේ(01) රාත්‍රියේ දුම්රියක ගැටී 14 හැවිරිදි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඊයේ(01) රාත්‍රියේ යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පැවසෙනවා. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කිලිනොච්චිය හා පරන්තන් දුම්රිය ස්ථාන අතරමැද ප්‍රදේශයේදී 14 හැවිරිදි රාජෙශ්වරන් ලදූෂන් නමැති දරුවෙකු මෙලෙස මියගොස් තිබෙන බවයි. අනතුරට […]


Jul
2

පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරියකගේ ගිණුමකට පන්කෝටි පනස් ලක්ෂයක්

Generic placeholder image

පෞද්ගලික ඉදිකිරීම් ආයතන 3ක අධ්‍යක්ෂවරියක් වූ කිදෙර් මොහොමඩ් සහබ්දීන් අයිෂා නැමති කාන්තාවගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැර වූ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සැක කටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ දැනුම් දීමක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් […]


Jul
2

අද ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Generic placeholder image

බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(02) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මී වැඩුම, ගෝනාපීනුවල, තෙල්වත්ත, කළුපේ සහ හික්කඩුව නගරය යන ප්‍රදේශවල මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා.


Jul
2

හිටපු ආරක්ෂක ලේකම් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව පැවසෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පති ලෙස කටයුතු කළ පුජිත් ජයසුන්දරට අද (02) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ […]


Jul
2

සියලූ ජන කොටස් අතර අන්‍යෝන්‍ය අවබෝධයට අවශ්‍ය ප‍්‍රධාන සාධකය භාෂා දැනුමයි – ජනපති කියයි

Generic placeholder image

කොළඹ අද පැවැති රාජ්‍ය භාෂා දින උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ නිදහස් සාමකාමි රටක් වෙනුවෙන් සියලූ ජනතාව අතර භාෂා දැනුම ප‍්‍රවර්ධනය විය යුතු බවයි. සියලූ ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩ නැගීමට අවශ්‍ය ප‍්‍රධාන සාධකය භාෂා දැනුම බව එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවා. රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේ සතියක් […]


Jul
2

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ගිලිහෙමින් තිබූ ජය ශ්‍රී ලංකාව සතු කර ගනී

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ දී කණ්ඩායමක් ලෙස රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර ගනිමින් කඩුලූ 06කට ලකුණු 338ක් රැස් කළා.එහිදී සිය මංගල එක්දින ශතකය රැස්කර […]


Jul
2

දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50-55 අතර සුළං වේගයක් පවතින බවද එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.


Jul
1

ශරියා විශ්විවිද්‍යාල සම්බන්ධයෙන් රතන හිමිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

මඩකලපුව පෞද්ගලික විශ්විවිද්‍යාලය සම්බන්ධයෙන් රැස්කර ගත් තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (01) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වැඩම කරනු ලැබුවා. එමෙන්ම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විවිධ ආයතනවලින් ලබා ගත් තොරතුරු මෙලෙස අපරාධ කොට්ඨාසය වෙත බාර දී ඇති අතර, මෙම විශ්වවිද්‍යාලය හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා […]


Jul
1

අකුරැස්සේ මූල්‍ය ආයතනයක් කොල්ලා කෑ සැකකරුවන් පොලීසියට කොටු වෙයි

Generic placeholder image

අකුරැස්ස නගරයේ මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 29කට ආසන්න මුදලක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(01) දහවල් 02කට පමණ මෙම සැකකරුවන් දෙදෙනා මුදල් කොල්ල කා යතුරුපැදියකින් පළා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.


Jul
1

Semi Final ගහන්නේ නැතුව Final යන හැටි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


News Articles
Latest Videos
Most Popular Post