News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් හොද සුදානමකින්

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඉදිරි තරග සඳහා හොඳ සුදානමකින් යුක්ත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් මේ වන විට මෙම තරග පවත්වන තනතීරු සඳහා හැඩ ගැසී ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ සිට 6 වෙනි පිතිකරුවා දක්වා ලකුණු අතරට පැමිණ තිබෙන […]


Jun
26

අයි එස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ගතවූ මාස 06 ක කාලය තුළ අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි. ඉරාකය හා සිරියාව තුළ තව දුරටත් අයි .එස් සංවිධානය සමග පුහුණු වීම් කටයුතු සිදු කරන ඉන්දීය ජාතිකයින් සිටින බවට අනාවරණය […]


Jun
26

මඩකලපුව විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නෑ

Generic placeholder image

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වනවා. ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු කියා සිටියේ එය ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බවයි. වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා කියා සිටියා. එම විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ […]


Jun
26

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් කරයි

Generic placeholder image

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටි අතර එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද සඳහන් කළා.


Jun
26

රාජ්‍ය නිලධාරීන්ට ඇඳුම් පිලිබද චක්‍රලේඛයක්

Generic placeholder image

මහජන ආරක්ෂාව සඳහා පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවෙන ඇඳුමක් ඇඳිය හැකි බවට විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා වු යෝජනාවට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා. රාජ්‍ය පරිපාලන විෂය පැවරී ඇති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ආයතන සංග්‍රහය මඟින් පැවරී ඇති බලතල අනුව රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳ චක්‍රලේඛනයක් පසුගිය මැයි මස 29 වන දින නිකුත් කරනු ලැබුවා. […]


Jun
26

දුම්රිය සේවයෙන් විශ්‍රාමලත් අය යළි සේවයට එක් කර ගැනීමට සුදානමක්

Generic placeholder image

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන 2019 ජූනි මස 28 වැනිදා එනම් සිකුරාදා උදෑසන 09.00ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී […]


Jun
26

හමුදාපති සහ බදියුදීන් විශේෂ කාරක සභාව හමුවේ අද

Generic placeholder image

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද දිනයේ කැදවීමට නියමිත බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. විශේෂ කාරක සභාව අද (26) පස්වරුවේ යළි රැස් වෙන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කර්මාන්ත සංවර්ධන […]


Jun
26

කළමැටිය ධීවර වරායේ ගින්නකින් බෝට්ටු 27 ක් විනාශ වෙයි

Generic placeholder image

හුංගම කළමැටිය ධීවර වරාය භූමියේ ගාල් කර තිබූ එක්දින ධීවර යාත්‍රා 27ක් ගිනිගෙන විනාශ වී ඇති බව හුංගම පොලීසිය පවසනවා. ඊයේ(25) රාත්‍රී 10.00ත් 11.30ත් අතර කාලයේදී මෙම යාත්‍රා ගිනි ඇතැයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළා. එයින් ධීවර යාත්‍රා 22ක් සම්පූර්ණයෙන් ද තවත් 5ක් අඩක් ද දැල් උපකරණ සමඟ ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වනවා. මේ […]


Jun
26

ඕස්ටේ‍්‍රලියාව එංගලන්තයට අවදානම තවත් වැඩි කරයි

Generic placeholder image

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (25) පැවති සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ජය වාර්තා කළා. ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 64 කින් පරාජයට පත් කරමින්. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිළ පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 285 ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගන්ත කණ්ඩායමට […]


Jun
26

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 24 ක ජල කප්පාදුවක්

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් අද පෙරවරු 09.00 සිට හෙට (27) පෙරවරු 09.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අදාල කාලය තුළ […]


Jun
26

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව හෙට

Generic placeholder image

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන් වන්ද්‍යකරණයට ලක් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව හෙට (27) කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙන බව සදහන්. එමෙන්ම කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාක්‍ෂි අනුව සකස් කළ වාර්තාවක් ද රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත භාරදී ඇතැයි වාර්තා වනවා. […]


Jun
26

දිවයිනේ උතුරට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

යාපනය, මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වැසි ගෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කළා. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන […]


News Articles
Latest Videos
Most Popular Post