යුද හමුදා ට්‍රක් රථයක් අද(25) දහවල් කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසනවා. කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි. කොළඹ සිට […]
විනාකිරි නිෂ්පාදනාගරයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්කාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව වටලා තිබෙනවා. එය මෑතකාලීන සුරාබදු ඉතිහාසයේ සිදුකළ විශාලතම සම්පූර්ණ ක්‍රියාවලියම සහිත නීති විරෝධී මත්පැන් ස්කාගාර වැටලීම බව වාර්තා වනවා. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලුතර හීනැටියන්ගල ප්‍රදේශයේ පිහිටි මෙම ස්කාගාරය ඊයේ රාත්‍රියේ වටලනු […]
කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මහරගම සහ කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට(26) පෙරවරු 09.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා . ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පෙරවරු […]
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට එරෙහිව අමෙරිකාව මගින් සම්බාධක පනවා තිබෙන බව විදෙස් වාර්තා පවසනවා. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් මෙලෙස මෙම නව සම්බාධක ප‍්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. අමෙරිකාවට අයත් නියමුවන් රහිත ගුවන් යානයක් ඉරානය ඉකුත් දා බිම හෙලූ අතර ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධිපති ට‍්‍රම්ප් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නියමුවන් රහිත ගුවන් […]
තේරීම් කාරක සභා සාමාජිකයින්ගේ රැස්වීමක් අද කැඳවා තිබෙනවා. හෙට පැවැත්වෙන් තේරීම් කාරක සභා රැස්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි එහි ප‍්‍රකාශයෙකු සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතා තේරීම් කාරක සභාව හමුවට හෙට කැඳවා තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා අමාත්‍යවරුන් වන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, සාගල රත්නායක සහ රංජිත් මද්දුම […]
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. එම විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 21 වනදායි. එම වාර්තාවේ පිටපතක් ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කළ බවයි මන්ත‍්‍රීවරයා සදහන් කළේ. මඩකලපුව […]
ශ්‍රී ලංකා ආණ්ඩුව අමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජීත නව ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොතබන්නැයි විපක්ෂය විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා. ‘ රට පාවාදෙන අමෙරිකන් ගිවිසුම් ඉරාදමන්න’ මැයෙන් ඊයේ(18) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාද මෙම […]
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් පෙත්සමක් අත්සන් කිරීම ඊයේ(24) පෙරවරුවේ නාගොඩ රෝහලේ දී සිදුකෙරුණු අතර ඊට බාහිරින් පැමිණි පුද්ගලයින් පිරිසක් බාධා එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වි තිබෙනවා. එම අවස්ථාවේ ආරක්ෂක අංශ ක්‍රියාකල ආකාරය සම්බන්ධයෙන් ද චෝදනා කරමින් ඊයේ දහවල් 12.00 සිට කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ වෛද්‍යවරුන් වැඩ […]
පාස්කු ඉරුදින ප‍්‍රහාරය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිදුවූ ආර්ථික හානිය තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම සමීක්ෂණය දිස්ත‍්‍රික් මට්ටමින් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් හානි සිදු වූ ආයතන, වාහන, ගොඩනැගිලි, යන්ත‍්‍ර සුත‍්‍ර ආදිය පිළිබඳවද මෙහිදී තොරතුරු රැස් කිරීමට නියමිතයි. ආර්ථික අපහසුතාවයට […]
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප‍්‍රධාන උත්සවය ලබන මස මස 01 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. පසුගිය 23 වනදා සිට ලබන 01 වැනිදා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ උපදෙස් පරිදියි. මේ අතර නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප‍්‍රදේශයේ සිදු කළ සෝදිසි […]
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බදුල්ල, මඩකළපුව සහ අම්පාර දිස්ත‍්‍රික්කවල පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ […]
හංවැල්ල සහ නවගමුව ප‍්‍රදේශ වල ජනතාව ගේ ගෘහස්ත දුරකථන අංක වලට ඇමතුම් ගෙන බිය වද්දා කප්පම් මුදල් හා ඊෂි කෑෂ් මගින් මුදල් ලබා ගත් හා ඒ සඳහා අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සිදුකළ දුරකථන ඇමතුම් විශ්ලේෂණයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන […]