News Line| Off Air
Generic placeholder image

Jun
21

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න විශේෂ කාරක සභාව අදත් රැස්වෙයි

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද (21) පස්වරු 02ට රැස්වීමට නියමිතව තිබෙනවා. කාරක සභාව හමුවේ මෙතෙක් ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් එහිදි තවදුරටත් අවධානය යොමු කෙරෙන බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවා. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් පාර්ලිමේන්තු විශේෂ […]


Jun
21

මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස පාර්ලිමේන්තුව වෙත යෝජනාවක්

Generic placeholder image

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා. එම කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් මේ බව පැවසනු ලැබුවා. අද(21) උදෑසන පාර්ලිමේන්තුව හමුවේ මෙම යෝජනාව ආශු මාරසිංහ මහතා විසින් ඉදිරිපත් කර සිටි අතර විශ්වවිද්‍යාලයට අයත් […]


Jun
21

වර්ජනය තිබුනත් කාර්යාලයීය දුම්රිය 08ක් ධාවනය කෙරේ

Generic placeholder image

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයක නිරත වුවද, කාර්යාලයීය දුම්රිය 08ක් අද උදෑසන ප‍්‍රදේශ කිහිපයක සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළා. මාතර, ගාල්ල, හලාවත, රඹුක්කන සහ මහව එක් දුම්රිය බැගින් සහ මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය 02ක් එලෙස ගමන් ආරම්භ කළා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු කියා සිටියේ එම සියලූ දුම්රියන් උදෑසන 09ට පෙර කොළඹ කොටුව […]


Jun
21

දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු වෙයි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බවයි. එබැවින් ධීවර හා නාවික ප්‍රජාව […]


Jun
21

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වෛද්‍ය පාදෙණියට එරෙහි පැමිණිල්ල අද විභාගයට

Generic placeholder image

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. පැමිණිල්ල අද (21) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු බව සදහන්. අදාළ පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වනදා ශිරාන් ගුණරත්න සහ අර්ජුන […]


Jun
21

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයේ වෙනසක්

Generic placeholder image

උතුරු පළාත් ආණ්ඩුකාර නව ලේකම් ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හිටපු ලේකම් එස්.සත්‍යසීලන් මහතා පත්ව තිබෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වෙතින් ඊයේ(20) ඒ මහතා පත්වීම් භාරගනු ලැබුවා. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කළ එල්.ඉලන්ගෝවන් මහතා ඊයේ(20) උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ලෙස එහිදී තනතුර මාරු කර ඇති අතර උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර […]


Jun
21

ශ්‍රී ලංකාව එංගලන්තය සමග අද පිටියට

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගි වන 06 වන තරගය සත්කාරක එංගලන්තයට එරෙහිව අද ලීඩ්ස් හිදි පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 ආරම්භ වන අතර එම තරගයට වර්ෂාවෙන් බාධා ඇති නොවන බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව පවසන්නේ. දෙරට අතර මේ දක්වා ලෝක කුසලාන තරග 10 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 06 ක් එංගලන්ත […]


Jun
21

දුමිරිය වැඩ වර්ජනය හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතා

Generic placeholder image

මුදල් අමාත්‍යංශය සමග ඊයේ පැවැත්වු සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වු දුමිරිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරී වෘත්තීය සමිති සම සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසුවේ සේවක වැටුප් සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියත්මක බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ රජය මාස එක හමාරකින් පමණ කාලයකින් සේවක ගැටලු විසදීමට කැමත්ත පළ […]


Jun
20

අද මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය වර්ජනය ක්‍රියත්මකයි

Generic placeholder image

අද (20) මධ්‍යම රාත්‍රී 12 සිට සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණ අතර දින දෙකක කාලයක් දුම්රිය වර්ජනය කිරීමට දුම්රිය වෘත්තිය සමිති මේ වන විට තීරණයකට එළඹ ඇති බව සදහන්. වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් […]


Jun
20

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුළු වැරදිවලට අත්අඩංගුවට ගත් අයගේ පරීක්ෂණ ඉක්මන් කරන ලෙස ජනපති කියයි

Generic placeholder image

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනමි කර ත‍්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලූ දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙනවා. ජාතික ආරක්ෂක කමිටුව ඊයේ (19) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා […]


Jun
20

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

Generic placeholder image

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් හැටන් දුම්රිය සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් මේ හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයක් […]


Jun
20

ඇලෝසියස්ට රට යන්න දුන් අවසරය අවලංගුයි

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මහතාට විදේශ ගතවීමට අධිකරණය මගින් දී ඇති අවසරය අවලංගු කරන ලෙස නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවනු ලැබුවා. ස්ථිර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බැවින් එහි සැකකරු […]


News Articles
Latest Videos
Most Popular Post