ශ්රී දළදා මාලෛගාව අසල මාරාන්තික උපවාසයේ නියුතු අතුරලියේ රතන හිමියන්ගේ සුව දුක් බැලීමට සහ සහය පළ කිරීමට මීට සුළු මොහොතකට පෙර මාවරලේ භද්දිය හිමියන්ද පැමින තිබෙනවා. මේ ඒ අවස්ථාවේ ජායාරූප…
රතන හිමිට සහය පලකරමින් මොරටුව බස් නැවතුම්පල අසල උත්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙන බවයි සියත 24 අප වාර්තා කරුවන් වාර්තා කරන්නේ. මේ හේතුවෙන් මොරටුව බස් නැවතුම්පල අසලින් අලුත් ගාලු පාර අවහිර වී තිබෙනවා. ගාල්ල දෙසට සහ කොලඹ දෙසට දැඩි රථ වාහන තදබදයක්ද පවතින බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කරමින් කරන්දෙණියේ ද මේවනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ හේතුවෙන් කරන්දෙණිය ප‍්‍රදේශයේ සියලූ කඩසාප්පු වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම ඇල්පිටිය – අලුත්ගම සහ ඇල්පිටිය – කොළඹ පෞද්ගලික බස්රථ ද ධාවනය නොවන බවයි වාර්තා වෙන්නේ.
රතන හිමියන් උපවාසයේ නිරත මහනුවර දළදා මාළිගය අසල සිටි පිරිස අමතමින් ඥානසාර හිමියන් රජයට විශේෂ නිවේදනයක් නිකුත් කලා. ඒ අද දහවල් 12ට පෙර රතන හිමි පැවසූ මුස්ලිම් නායකයින්ට ඉල්ලා අස්වීම හෝ ඉවත්කිරීම ගැන නිශ්චිත පිළිතුරක් අවශ්‍යය බව පවසමිනුයි. එම වීඩියෝව පහතින්.
රතන හිමිට සහය පළ කරමින් ගම්පොළ නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා ඇති බවට වාර්තා වෙනවා. එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල බස් රථද වර්ජනය කරමින් රතන හිමිට සහය පළකරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයටත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයටත් පත් කර ගැනීමේ ගිවිසුමකට එළැඹිය යුතු බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසනවා. ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති ජන හමුවකදි ඔහු මේ බව පවසා සිටියා.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරියේදී ජනපති වරයාට […]
උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැලීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද අද පෙරවරුවේ පැමිණ සිටියා.මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙලෙස උපවාසයේ නිරත වනවා. මෙහිදී කාදිනල් හිමියන් කියා සිටියේ “ආගම් අතර ඇති සුහදතාවය පළුදු කරන ඒ සැකය, බිය,ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්න ඒකට අනුබල දීලා ඒවා ඉස්මතුවෙන්නට ඉඩ දී […]
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ මෙම හමුව අද පෙරවරුවේ සිදුවනු ඇති බවයි.රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීම සඳහා විපක්ෂ නායකවරයා මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි බන්දුල […]
පසුගිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට රිශාඞ් බදියුදීන් ගත් උත්සාහය ජනාධිපතිවරයා විසින් වළක්වනු ලැබ ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විපේසිරි අනාවරණය කරනවා. මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ ඊයේ ඇඹිලිපිටියේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි. වැඩි දුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ අවස්ථාවේදී ඉල්ලා අස්වීම පිළිනොගත් ජනපති එම වරද්ද එක්සත් ජාතික පක්ෂය පිට පැටවීමේ […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරඟය ලකුණු 21 කින් ජය ලැබීමට බංග්ලාදේශ කණ්ඩායක සමත්කම් දැක්වූවා. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු පිළේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 330ක් ලබා ගත්තා. ඒ ඔවුන් කණ්ඩායමක් ලෙස එක්දින පිටියේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. ලකුණු […]
පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා හෙට (03) දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ නියෝජිතවරයෙක් පවසනවා. හෙට දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් […]
උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ කි‍්‍රයාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ඇමති වජිර අබේවර්ධන පවසනවා. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම් 02කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ. එය සැලකිල්ලට ගනිමින් අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උපතේදී උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ […]