මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ විහාරස්ථානවල උත්සව ආදීයට සහභාගීවිම තහනම් කිරිමට ගම්පහ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ තීරණය කර තිබෙනවා. ඊයේ රාත්‍රි රැස්වූ ගම්පහ ආසනයේ විහාරාධිපති සංගමය විසින් මෙම තීරණයට එළඹි බවයි ගම්පහ දිස්ත්‍රික් සසණාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි තෝරපිටියේ ආනන්ද හිමි සදහන් කළේ.
ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනුයි.තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5කදී සියලු දෙනා දැවි ලකුණු 201ක් රැස්කළා. කුසල් පෙරේරා ලකුණු 78ක් රැස්කිරිමට සමත් වූ අතර දිමුත් ලකුණු 30ක් හා තිරිමාන්න ලකුණු 25ක් රැස්කළ අතර ඉතිරි […]
උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටු සදහා නම් යෝජනා කිරීමේ අවස්ථාවක් කාළගුණ විද්‍යා දේපාර්තුමේන්තුව විසින් ජනතාවට ලබා දී තිබෙනවා.එම නම් ජුනි මස 15 වෙනිදාට පෙර එවන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. මේ එම නිවේදනයයි…
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබෙනවා.තරඟය පැවැත්වෙන්නේ එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගණයේදීයි.අද තරඟය සඳහා නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර ජීවන් මෙන්ඩිස් විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ වෙනසක් සිදුව නැහැ.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර තිබෙනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ඒ ඊයේ දිනයේදී ඉල්ලා අස්වූ අසාද් සාලි වෙනුවෙනුයි.
මහජන සාමය සහ ආගමික සංහිඳියාව කඩ කිරීම ආදී චෝදනා මත අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කර තිබෙනවා.ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා. ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් සැකකරු විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට […]
නිරිතදිග මෝසම ස්ථාපිත වීමත් සමඟ දිවයින පුරා ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19,215 දෙනෙකු වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු ඩෙංගු උවදුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරන්නේ. මේ නිසා හැකි තාක් දුරට […]
ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීම හරහා චෝදනා ඇති පුද්ගලයන් පිළිබඳ විමර්ශනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. එමෙන්ම මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ සඳහා පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ පුද්ගලයෙකුගේ වැරදි තිබේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ලෙස කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිව උපවාස කිරීම ගෝත්‍රික ක්‍රම බවත්ය. එමෙන්ම […]
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීළඟ තරගය ඇෆ්ගනිස්තානය සමගින් පැවැත්වීමට නියමිතයි.කෙසේ නමුත් හෙට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය හැකි බවයි එංගලන්තයෙන් වාර්තා වන්නේ. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැවසුවේ දිගින් දිගටම තරග පරාජය වීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් ලැජ්ජා විය යුතු බවයි. “පහුගිය කාලය තිස්සෙම මැච් එකක් […]
පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ තවදුරටත් මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප රෝහල් වාර්තාකරුවන් පවසන්නේ.ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි පසුගිය සිකුරාදා දිනයේ උපවාසයක් ආරම්භ කල අතර බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්විමත් සමඟ උන්වහන්සේ උපවාසය අත්හරිනු ලැබීය. දින හතරකට ආසන්න කාලයක් කෑම සහ දියර පානය […]
පාර්ලිමේන්තුව අද පස්වරු 01 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිතයි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට ද නියමිත බවයි වාර්තා වන්නේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටේ ආර්ථීකය සහ ජනතාවට සහන ලබාදීම පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍ර්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ රජය සමඟ විපකෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම ඊයේ සාකච්ඡාවක නිරත වුණා. […]