රතන හිමිට සහය පළ කරමින් ගම්පොළ නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා ඇති බවට වාර්තා වෙනවා. එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල බස් රථද වර්ජනය කරමින් රතන හිමිට සහය පළකරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයටත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයටත් පත් කර ගැනීමේ ගිවිසුමකට එළැඹිය යුතු බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසනවා. ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති ජන හමුවකදි ඔහු මේ බව පවසා සිටියා.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරියේදී ජනපති වරයාට […]
උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැලීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද අද පෙරවරුවේ පැමිණ සිටියා.මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙලෙස උපවාසයේ නිරත වනවා. මෙහිදී කාදිනල් හිමියන් කියා සිටියේ “ආගම් අතර ඇති සුහදතාවය පළුදු කරන ඒ සැකය, බිය,ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්න ඒකට අනුබල දීලා ඒවා ඉස්මතුවෙන්නට ඉඩ දී […]
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ මෙම හමුව අද පෙරවරුවේ සිදුවනු ඇති බවයි.රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීම සඳහා විපක්ෂ නායකවරයා මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි බන්දුල […]
පසුගිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට රිශාඞ් බදියුදීන් ගත් උත්සාහය ජනාධිපතිවරයා විසින් වළක්වනු ලැබ ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විපේසිරි අනාවරණය කරනවා. මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ ඊයේ ඇඹිලිපිටියේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි. වැඩි දුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ අවස්ථාවේදී ඉල්ලා අස්වීම පිළිනොගත් ජනපති එම වරද්ද එක්සත් ජාතික පක්ෂය පිට පැටවීමේ […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරඟය ලකුණු 21 කින් ජය ලැබීමට බංග්ලාදේශ කණ්ඩායක සමත්කම් දැක්වූවා. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු පිළේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 330ක් ලබා ගත්තා. ඒ ඔවුන් කණ්ඩායමක් ලෙස එක්දින පිටියේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. ලකුණු […]
පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා හෙට (03) දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ නියෝජිතවරයෙක් පවසනවා. හෙට දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් […]
උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ කි‍්‍රයාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ඇමති වජිර අබේවර්ධන පවසනවා. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම් 02කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ. එය සැලකිල්ලට ගනිමින් අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උපතේදී උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ […]
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග නැවතුන එලිමහන් සංගීත ප්‍රසංග යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සංගීත කණ්ඩායම් එකමුතුව රජය සමග කල සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව යුධ හමුදාවේ පූර්ණ සහයෝගය මත හෙට දිනයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාපිටියේදී නැවතත් එළිමහන් සංගීත ප්‍රසංග ආරම්භ වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ යුධ හමුදාවේ 21වෙනි සේනාංකය විසින්. ” එක්ව […]
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් තරග වැදුණු සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර තරගයේන් ලකුණු 104ක පහසු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් උනා. කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311ක් ලබාගත්තා. එහිදී ජේසන් රෝයි 54ක්ද ජෝ රූට් ලකුණු 51ක් […]
12 වැනි එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද එංගලන්තයේ දී ආරම්භ කිරීම සදහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කොට තිඛෙනවා.සමාරම්භක තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 00 ට ආරම්භ වන්නේ එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි.තරගය පැවැත්වෙන්නේ ලන්ඩන් හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී. අන්තර්ජාතික එක් දින ශ්‍රේණිගත කිරීම් වල එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.දකුණු අප්‍රිකාවේ හිමිව ඇත්තේ […]
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදාසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ 12 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමගයි. නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ නැවත දිව්රුම්දීම අද රාත්‍රී 7 ට සිදුකෙරෙනවා. ඒ නවදිල්ලි නුවර පිහිටා ඇති ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හිදීයි.