අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් නිදහස් කර තිඛෙනවා.පොළීසිය පැවසුවේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු නිදහස් කල බවයි. මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවසේ දී ඊයේ අත්අඩංගුවට පත් වුණා.යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව කල පරීක්ෂාවක දී නිවසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ […]
ඊයේ දිනයේදී ක්‍රිකට් ලෝක කුසලානයට තරග වදින කණ්ඩායම් 10 නායකයින් එලිසබත් රැජිනව මුණගැසී තිබෙනවා. ඒ ලෝක කුසලානය ආරම්භයට පෙර රැජිනගේ සුභ පැතුම් එක්කිරීමටයි. අද ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට ලෝක කුසලානය අරභමින් පළමු තරගය දකුණු අප්‍රිකාව සහ සත්කාරක එංගලන්ත කණ්ඩයම අතර පැවැත්වීමට සූදානම්. පහතින් එම අවස්ථාවේ වීඩියෝව….
මෙවර ලෝක කුසලානයේ සමාරම්භක උළෙල ඊයේ දිනයේදී පැවැත්වුණා. ඉතාම වර්ණවත් වූ මෙම උළෙල හැඩ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න වගේම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජවවර්ධන සහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ධාවන ශූරී දමයන්ති දර්ශා සහභාගි වෙලා හිටියා. ඒ වගේම නොබෙල් සාම ත්‍යගය දිනූ මලාලා යූසෆ්සායි පකිස්ථාන කණ්ඩායමට සහය පලකරමින් මෙම උළෙල වර්ණවත් කරනු […]
12 වැනි එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද එංලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි.සමාරම්භක තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 00 ට ආරම්භ වන්නේ එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි. තරගය ලන්ඩන් හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සදහා මේ වන විට සියලූ කටයුතු සුදානම් කර අවසන්. මෙවර එක් දින ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන්නේ එංගලන්තය හා […]
ජාතික පරිසර සතිය අදින් ආරම්භ වනවා.ජගත් පරිසර දිනයට සමගාමීව නම් කර ඇති ජාතික පරිසර සැමරුම් සතිය ලබන 05 වනදා දක්වා ක්‍රියාත්මකයි. තිරසාර වන කළමණාකරනයක් තුළින් වායු දූෂණය අවම කිරීම යන්න මෙවර එහි තේමාවයි.ජනාධිපති ලේකම්වරයා විසින් සියලූම රාජ්‍ය ආයතනයන් තුළ පරිසර සතියට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කර තිඛෙනවා. ඒ අනුව පරිසර සතියට අදාළව […]
මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් යළිත් ඉන්දීය අග්‍රාමාත්‍යධූරයට තේරී පත් වූ නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් එම ධූරයේ දිවුරුම් දීමේ උත්සවය අද පැවැත්වෙනවා. පස්වරු 07 00 දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වන්නේ නව දිල්ලි නුවර රාශ්ට්‍රපතිභවන්හි දීයි. මේ සදහා ශ්‍රී ලංකාව , බංග්ලාදේශය , ඉන්දියාව ,මියන්මාරය තායිලන්තය නේපාලය සහ භූතානය යන රටවල රාජ්‍ය නායකයින්ට ආරධනා කර […]
ශ්‍රී මහබෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.ඒ අනුව ශ්‍රී මහ බෝධිය හා රුවන්වැලි මහාසෑය වටා අධි ආරක්ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවයි බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සදහන් කර සිටියේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මදූෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.පැය 03කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්ණ කර ඇති බවයි සදහන් වෙන්නේ.
අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අධිකරණ සංකීර්ණයට ඇතුළුවන අවස්ථාවේ පරීක්ෂාවකට ලක් කිරීමේ දී පොලිස් කොස්තාපල්වරිය සූරා තුවාල කර ඇති බවයි අදාළ නීතිඥවරියට චෝදනා එල්ල වී තිබෙන්නේ.තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය අද අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා. මෙම නීතිඥවරියට මීට පෙර ද පොලිසියේ රාජකාරීවලට බාධා එල්ල […]
දෙරට අතර පවතින වෙළඳ අර්බුදය හමුවේ අමෙරිකාවට ඛණජ ද්‍රව්‍ය අපනයනය සීමා කිරීමට චීනය තීරණය කර තිබෙනවා. මෝටර් රථ කර්මාන්තය, විදුලි සුලං ටර්බයින් නිෂ්පාදනය වැනි ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඛණිජ ද්‍රව්‍ය අපනයනය චීනය විසින් එලෙස සීමා කර ඇති බවයි විදෙස් වාර්තාවල සදහන් වෙන්නේ. චීනය විසින් අමෙරිකාවට අපනයනය කරන එම ඛණිජ වර්ග දුර්ලභ ගණයේ ඒවායි. එම ඛණිජ […]
අද සහ හෙට දිනයන්හී දිවයිනේ නිරිත දිග පළාතේ වැසි තත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ.බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක […]
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අඩපණ වූ ජන ජීවිතය දැන් යථා තත්වයට පත් වී තිබුනත් රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම පාසල් ලමුන්ගේ ආරක්ෂාව ගැන පක්ෂ විපක්ෂ වගේම සිවිල් සංවිධානත් නිතර නිතර කතාබහ කරන මාතෘකාවක් බවට පත්වෙලා. පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණ පුවත් අතර තිබුණා පාසල් ළමුන්ට විනිවිද පෙනෙන […]