විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායකයෙක්. විරාජ්ට ඉන්දියාවෙන් සම්මානයක් ලැබුණා කියන කතාව හැමෝම කතාකරන් නිසා සියත 24 අපි විරාජ්ගෙන් මේ සම්මානේ ගැන විස්තර අහන්න කතා කෙරුවා. එහිදී විරාජ් කිව්වේ ලෝකයේම ජනප්‍රිය ඉන්දියාවේ විකාශනය වන ප්‍රමුඛතම රියැලිටි වැඩසටහනක් වන Indian Idol සංගීත වැඩසටහනේ ආරාධිතයෙකු ලෙස සහභාගී වෙන්න තමන්ට අවස්ථාවක් ලැබුණු බවයි. එමෙන්ම එම වැඩසටහන […]
නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබෙන බවට වාර්තා වෙනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම ලබා දී තිබෙනවා. ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. රංජිත් මද්දුම බණ්ඩාර -රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය. පී. හැරිසන් මහතා -කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය. වසන්ත සේනානායක මහතා -විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය.
වර්තමානයේ ශ්‍රී ලංකාව සතු දක්ෂතම ක්‍රීඩකයින් 15 දෙනා මෙවර ලෝක කුසලාන සංචිතයට නම් කර ඇති බව සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.සංචිතයේ සිටින නවකයින් තම දස්කම් ඔප්පු කර පෙන්වීමට සුදානමින් සිටින බවද මාලිංග සදහන් කර සිටියා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලියේ මාධ්‍ය අංශයට අදහස් දක්වමින් මාලිංග මේ බව ප්‍රකාශ කර තිබුණා.එමෙන්ම මාලිංග මෙවර තරගමාලාවේදීත් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට […]
විශ්වාසභංගය මගහැර ගොස් බදියුදීන් ඇමතිවරයාට සහාය දීමට අවශ්‍ය නම් තේරීම් කාරක සභා පත් කර විවාදයට දින නියම කිරීමට කටයුතු නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා.ගාල්ල, මීරන්දෙණිය ප්‍රෙද්ශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන්කර සිටියා. එහිදි ඔහු පැවසුවේ පසුගියදා සිදු වු ප්‍රහාරයන් සම්බන්දයෙන් රජයට චෝදනා කළ නොහැකි බවත් එය […]
වලංගු වීසා බලපත‍්‍ර නොමැති නීතිවිරෝධීව මෙරට රැදී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු රාජගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් දෙදෙනා මෙරට වෙළදාම් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.ඔවුන් මුදල් වංචාවක් සම්බන්ධයෙන් නඩුවක වරෙන්තු නිකුත්ව සිිටි දෙදෙනෙකු බව පොලීසිය සදහන් කර තිබෙනවා. මොවුන් වයස අවුරුදු 28 සහ අවුරුදු 30 යන වයස්සීමාවල පසුවන්නන්.
ගාල්ල ප්‍රදේශයේ 2019 වර්ෂයේ මේ වනවිට ඩෙංගු රෝගීන් හතර දෙනෙකු මියගොස් රෝගීන් 1,700ක් වාර්තා වී ඇත. එම හේතුවෙන් ඉදිරි මාසය තුල එම ප්‍රදේශයේ ඩෙංගු රෝගය උත්සන්න වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසනවා. පවතින වර්ෂාපතනයත් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවත් අනුව මෙම ප්‍රකාශය සිදුකරන බවත් මේ […]
සිංහල කාන්තාවන් වඳ කිර්‍රිම සම්බන්දයෙන් පසුගියදා කුරුණෑගල රෝහලේ දී වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳව විමර්ශනය කිරීමට සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් පවසනවා.
අතීතයේ සිදුවු සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් වාර්තා වී ඇති බවත් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙසත් පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා. එහිදී කරුණු පැහැදිළි කළ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර. “සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
රට දැය, සමය වෙනුවෙන් සිදුකරන මෙහෙවර අගයමින් , රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමියන් විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සම්මානයක් පිරි නමා තිබෙනවා.ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, ති‍්‍රපිටක විශාරද අතිපූජ්‍ය නාපාන පෙමසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ශාසනාලෝකය පතා, මෙත් සිත් පූර්වකව, දේශාභිමානයෙන්, ජාතිකානුරාගයෙන් සහ ශාසන දයාවෙන් පෙර රජවරුනට […]
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන තමන් සම්බන්ධයෙන් කළ ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කරන බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.පසුගිය දා මහේල ජයවර්ධන සඳහන් කර තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ බවයි.භාහිර කරුණුවලට කණ්ඩායම් තුළට පැමිණීමට අවශ්‍ය ඉඩ ඇන්ජලෝ හරහා ලැබුණ බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. ” හැම කෙනෙකුටම තමන්ගේ මතයක් තිබෙනවා. එය මහේලටත් […]