News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

දෙවන පුහුණු තරගයේදීත් ලංකාවට පරාජයක්

Generic placeholder image

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන සහ අවසන් පුහුණු තරගයද ඊයේ පරාජයට පත් වුණා.ඒ, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම හමුවේ කඩුළු 5 කින්.පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 8 ක් දැවී ලකුණු 239 ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 56 ක්ද, ධනංජය ද සිල්වා ලකුණු […]


May
27

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 2.2ක් ඉවත් කරයි

Generic placeholder image

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 2.2ක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබෙනවා.ඒ, ඉකුත් ජනවාරී සිට මාර්තු දක්වා කාලය තුළදීයි.ඒ අනුව මේ වනවිට ක‍්‍රියාකාරී නිල ෆේස්බුක් ගිණුම් ඇත්තේ බිලියන 2.38ක් පමණක් බවද ෆේස්බුක් සමාගම ප‍්‍රකාශ කර තිබෙනවා.2017දී මිලියන 694ක්ව තිබු ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව ඉකුත් වසර වනවිට බිලියන 1.2ක් දක්වා වැඩි වී තිබුණා.


May
27

ජාතික හැදුනුම්පත් 51ක් සමග පුද්ගලයෙක් අල්ලයි

Generic placeholder image

ජාතික හැදුනුම්පත් 51 ක් ලග තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ දිමුතුගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මුදල් පොලියට දීම සදහා සැකකරු විසින් මෙම හැදුනුම්පත් තොගය ලබ තබාගෙන ඇති බවටයි අනාවරණ වන්නේ.කෙසේ නමුත් අන්සතු හැදුනුම්පත් ලග තබා ගැනීමේ චෝදනාවට අදාලව සැකකරුට එරෙහිව නඩු පවරන බවයි වැලිමඩ පොලිසිය සදහන්කර සිටියේ.


May
27

අයි.එස් ත්‍රස්තවාදීන් ඉන්දියාවට ගිය කතාව ගැන නිළ වශයෙන් දැනුම්දීමක් නැහැ

Generic placeholder image

අයි එස් ත්‍රස්ථයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මුහුදු මාර්ගයෙන් පලාගිය බවට මාධ්‍ය වාර්තාකළ සිද්ධිය සම්බන්ධයෙන් නිළ දැනුම් දීමක් මෙතෙක් කර නැතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. කෙසේ නමුත් මෙම කාරණාව සම්බන්දයෙන් උපරිම අවධානයෙන් පසුවෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ.


May
27

තඹ කම්හලේ සේවකයින් අද යළි අධිකරණයට

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 8 දෙනාට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.ඒ කොලඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය බදාදා නිකුත් කල නොතීසියකට අනුවයි. මෙම සේවකයින් 8දෙනාට ඇප ලැබීම පිළිබදව රටේ දැඩි කතාබහක් ඇතිවූ අතර ඒ සම්බන්ද චෝදනා එල්ල වූ […]


May
27

අද දවසේ කාළගුණය

Generic placeholder image

අද දිනය තුල බස්නාහිර / දකුණ / සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සදහන් කලේ ඌව පලාත තුල පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාාවලදී අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව […]


May
27

සිංහයන්ගේ අවසන් පුහුණු තරගය අදයි

Generic placeholder image

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ දී ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන හා අවසන් පුහුණු තරගය අද එංගලන්තයේ සවුත්හැම්ටන් හිදී පැවැත්වෙනවා.ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු තුනට තරගය ආරම්භ වනවා. පළමු පුහුණු තරගය දකුණු අප්‍රිකාව සමග තරග වැදුණු ලංකාවට පරාජයක් අත්වූවත් මෙම තරගයේ තම අඩුපාඩු උපරිමයෙන්ම නිවැරදි කරගෙන ලෝක කුසලාන තරගාවලිය සදහා සාර්ථක ආරම්භයක් […]


May
27

මෝදි නැවත දිව්රුම්දීම බ්‍රහස්පතින්දා රාත්‍රී 7 ට

Generic placeholder image

මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ නැවත දිව්රුම්දීම ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 7 ට සිදුකෙරෙනවා.ඒ නවදිල්ලි නුවර පිහිටා ඇති ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හිදීයි. ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ඉදිරියේදී සිදුකෙරෙන මෙම දිව්රුම්දීමේ උත්සවයට කලාපීය රාජ්‍ය නායකයන් රැසකට ආරාධනා කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍යය සදහන් කරනවා.


May
27

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නෙමෙයි” – ක්‍රිකට් ආයතනය කල ඉල්ලීම මහේල ඉවත දමයි

Generic placeholder image

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත කළ ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේල පවසා ඇත්තේ ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට සෑම දෙයක්ම කර ඇති බවත් ඒ අනුව තමන්ට කණ්ඩායම තුළ සිදුකිරිමට දෙයක් නොමැති […]


May
27

මංතීරු නීතියට පුරුදුවෙන්න අද සිට සති දෙකක්

Generic placeholder image

මංතීරු නීතියට අනුගත වීම සඳහා අද සිට සති දෙකක කාළයක් ලබා දීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.මාර්ග තදබදයට පියවරක් ලෙසත් රථවාහන වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමත් යළිත් වරක් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ සියලු නගරයන්හි වාහන මංතීරු […]


May
27

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත අද නිකුත් කරයි

Generic placeholder image

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට ද නියමිතයි. ඊට අදාළ පුවත්පත් දැන්වීම් හෙට පළ කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් පවසා සිටියේ.


May
23

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ තිලාන් සමරවීර ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර එම ආයතනය සමග පවතින සියලු ගිවිසුම්වලින් ඉවත් වී තිබෙනවා.ඒ, සිය ඉල්ලා අස්වීමේ ලිපියද කි‍්‍රකට් ආයතනය වෙත භාර දෙමින්. අදාළ ලිපියට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර මාස 3ක වැටුප් ද ලබා දෙමින් ඔහු සියලූ ගිවිසුම්වලින් නිදහස් […]


News Articles
Latest Videos
Most Popular Post