ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි විමසිලිමත් වන ලෙසයි. නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව සහ ජපානය අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා. බි්රතාන්ය සහ පෝලන්තය සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිර්දේශ කරන බවයි. […]
මොහොමඞ් ඊබ්‍රහිම් ශාහීද් අබ්දුල් හක් ඊට පෙර දිනයේදී අනුරාධපුරයේ හෝටලයක නවාතැන් ගැනීම සඳහා ‘ඇතිගේ ජෙරාල් යසින්ත සිල්වා’ ලෙස ව්‍යාජ නමකින් පෙනී සිට ජාතික හැඳුනුම්පතක් ද ඉදිරිපත් කර තිබෙනවා. එහි ලිපිනය සඳහන් වී ඇත්තේ අංක 188/M, දෙවන පටුමග, රෝහල පාර, කඳාන ලෙසයි. ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ අනුරාධපුරයේ තවත් අයෙකු සහ ගල්නෑවේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී […]
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින “ෆොනී” චන්ඩ සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි දිනකිහිපය තුළ දිවයින හරහා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.“ෆොනී” චන්ඩ සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ දුරින් ස්ථානගතව පවතින අතර ඉදිරි පැය 12 තුළ දී මෙම […]
හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශය විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.ඔවුන් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.
නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එජ් කෝට්ටෙගොඩ ( විශ්‍රාමික ) මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ජනාදිපති කාර්යාලයේදී ලබා ගෙන ඇත.
කළුතර – වැලිපැන්න – රාමියා ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ගුවන් යානා නාශක උණ්ඩ පහක් සහ ඩෙටනේටරයක් සොයාගෙන තිබෙනවා.පොලිස් විශේෂ කාර්ය බලකායල කළුතර පොලීසිය එක්ව ඊයේ මෙම වැටලීම සිදුකළ බවයි වාර්තාවන්නේ. මෙම ගුවන් යානා නාශක උණ්ඩ සහ ඩෙටනේටරය කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ස්ථානයේ දමාගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
බෞද්ධ පන්සල් 50කට ඉදිරියේදි මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බොදු බල සේනාවේ සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට පැමිණෙන ලෙසද උන්වහන්සේ මාධ්‍යවේදීන්ට මෙහිදී ආරාධනා කළා. එමෙන්ම, රටේ පවතින හදිසි තත්ත්වය පහව යනතුරු වෙසක් හා […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පැවැත්වීමට සැළසුම් කර තිබූ මැයි දින රැළිය සහ පෙළපාලිය නවතා දමා මැයි දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. රට තුළ පවතින වර්තමාන තත්ත්වය සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.මේ අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ වනවිට මුස්ලිම් නියෝජිතයින් පිරිසක් […]
නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු […]
මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කලා. මේ සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍යයන් ඔස්සේ අසත්‍ය කාරණයක් ඉදිරිපත් කරමින් ඇති නිසා ඒ පිළිබදව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.
ෆොනී සුළිකුණාටුව මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් ස්ථානගතව පවතින බව කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෆොනී සුළි කුණාටුව ලබනි මස 01 වනදා දක්වා නැගෙනහිර වෙරළට ඔබ්ඛෙන් වයඹ දෙසට ගමන් කර […]