News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

ඉස්ලාම අන්තවාදීන් ලංකාවේ රාජ්‍ය ආයතන වල

Generic placeholder image

ඉස්ලාම් අන්තවාදීන් ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ‍ය ආයතන වල සේවය කරන බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවාව පවසනවා.ඒ පිළිබඳ පළමුව අනාවරණ කර ඇත්තේ 2010 වසරේ සැප්තැම්බර් මාසයේදී බවයි පැවසෙන්නේ. 2010 වසරේදී ඔවුන් නිකුත් කළ පළමු වාර්තාවට අනුව 2025 වනවිට වහබ්වාදය වඩාත් දරුණු ලෙස පැතිර යනු ඇති බවද පෙන්වා දී තිබෙනවා. ඒ තුලින් දක්වා ඇත්තේ වහබ්වාදී ධර්මය මෙරට […]


Apr
25

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවය කළ අයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධව කටයුතු කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම මෙහෙයුම් මධ්‍යස්ථානයේදීයි. ඔහු එම සේවා මධ්‍යස්ථානයේ සහකාර රථ වාහන පාලන අධිකාරීවරයා ලෙස කටයුතු කර ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.


Apr
25

පූගොඩ පිපිරීමක් කිසිවෙකුට හානියක් නැහැ

Generic placeholder image

පුගොඩ මහේස්ත්‍රත් අධිකරණය පිටුපස හිස ඉඩමක් තුල මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුව තිබෙනවා. මින් කිසිවෙකුටත් හානියක් නොමැති බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..


Apr
25

බුද්ධි අංශ නිලදාරීන්ට සමාව දෙන්න අස්ගිරි පාර්ශ්වය කියයි

Generic placeholder image

රටේ පවතින තත්වය හා ජාතික ආරක්ෂාව සලකා බුද්ධි අංශ නිලදාරීන්ට පොදු සමාවක් දීමට කටයුතු කල යුතු බව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව පවසා තිබෙනවා එමෙන්ම සංඝ සභාව පවසන්නේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිව එම පිරිස සිදු කළ ජාතික මෙහෙවර සුළු පටු නොවන බවය. වර්තමානයේ මෙම ආගමික අන්තවාදයන් ව්‍යාප්ත වීමට මූලිකව බලපෑ කරුනක් ලෙස පලපුරුදු බුද්ධි අංශ නිලදාරීන් […]


Apr
25

පාර්ලිමේන්තුවට ඇතුල්වීමේ අවසර පත් සහ දළ සැලසුම් සහිත පුද්ගලයෙක් අල්ලයි

Generic placeholder image

පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක් හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක් සමග පුද්ගලයෙකු බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙනවාපොලිසීය පැවසුවේ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ලේඛණ සොයා ගත් බවයි. එහි තිබී ටී 56 ජීව උණ්ඩ දෙකක් ජංගම දුරකතන දෙකක් සහ සිමි කාඩිපත් දෙකක් පොලිස් භාරයට ගෙන තිඛෙනවා


Apr
24

අපි රට ගැන හිතන්නේ නෑ අපි හිතන්නේ අපි ගැන විතරයි, ප්‍රහාරයට 225ම වගකියන්න ඕනේ – කුමාර වෙල්ගම කියයි

Generic placeholder image

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පෙරුවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. ” මේකේ වගකීම ගන්න ඕන කෙනා මම දන්නවා. හෙරෙයින් ඇල්ලීමේ වගකීම ගන්නේ එයා. මේ ලියවිල්ල හැම තැනකටම ගියා. මේකට ජාත්‍යන්තරය සම්බන්ධයි. මේක මැඩ පවත්වන්න අය ඉන්නවා. මුහුණ දෙන්න ශක්තිමත් කෙනාත් ඉන්නවා. ඒ සරත් […]


Apr
24

ශ්‍රී ලංකාවේ පිපිරීම් ක්‍රයිස්චර් ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් බවට තොරතුරු තාම නෑ – නවසීලන්ත අගමැතිනිය කියයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාව නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ද යන්න තහවුරු කෙරෙන බුද්ධි තොරතුරු කිසිවක් ලැබී නොමැති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් පවසනවා. ඇය ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රයිස්චර්ච් නුවර ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව දියත් කර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති […]


Apr
24

කොළඹ බන්ධනාගාර ආරක්ෂාවට නාවික හමුදාව යොදවයි

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල, මැගසින් බන්ධනාගාරය සහ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරවලට පිවිසෙන පිවිසුම්වලට නාවික හමුදා නිලදාරීන් ආර්ක්ෂාවට යොදවා ඇත. එසේ කර තිබුනෙ කොළඹ බන්ධනාගාරවලට අමතර ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස ඉකුත් 22 වනදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා කල ඉල්ලීමකටයි.


Apr
24

අඩු පීඩන කලාපයක වර්දනය වෙයි, දිවයිනට අධික වැසි

Generic placeholder image

සමකය ආසන්න නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම හේතුවෙන් හෙට සිට ගිගිරුම් සහිත වැසි හා තද සුලං ඇති විය හැකි බව පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් මහජනතාවට, ධීවර හා නාවිකයින්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින්නයි දන්වා තිබෙනවා. එමෙන්ම අද දිනත් සවස […]


Apr
24

වසර 32ක යුද්ධය කාලයේ වුණත් එක දවසකින් එක එක වෙලාවකට ඔය වගේ විශාල ඛේදවාචකයක් සිදුවුණේ නෑ

Generic placeholder image

රටේ ආරක්ෂාව හා වර්තමාන තත්වය පිළිබදව මේ වන විට පාර්ලිමේන්තුවෙ සංවාද වෙමින් පවතිනවා. එහිදි ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ රට යළිත් අවදානම් තත්වයකට පත්ව ඇති බවයි. එහිදී “කථානායකතුමනි විනාඩි 15 ඇති හමුදාවේ සාජන්ට්වරයෙකුට මේ ගැන කතා කරන්න. අපේ රටේ සිදුවූ විශාලම ඛේදවාචකයකට දවස් කිහිපයකට කලින් අපි මුහුණ දුන්නා. වසර 32ක යුද්ධය කාලයේ වුණත් […]


Apr
24

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අත් අඩංගුවට ගන්න ජනපතිගෙන් ඉල්ලයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පසුගිය දා එල්ල වූ ප්‍රහාර සම්භන්දයෙන් 2019/04/04 වැනි දින සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී සිටියදී එම තොරතුරු රාජ්‍ය නායකයා වූ ජනාධිපතිතුමාටත් අගමැතිතුමා පවසන පරිදි එතුමාටත් වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු වන බව දැන දැනම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හේමසිරි ප්‍රනාන්දු […]


Apr
24

කටාන මාර්ගයක් අසළ තිබු සැක කටයුතු පාර්සලයක් පුපුරවා හරී

Generic placeholder image

කටාන – තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැර තිබෙනවා. කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය පුපුරුවා හැරි බවයි.


News Articles
Latest Videos
Most Popular Post