රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත. ලොව පුරාම පවතින රෝග අතරින් පිළිකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාව තුළ ද පසුගිය වසර […]
අද පස්වරුවේ ආරම්භ වන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව බොහෝ දුරට නිරෝෂන් දික්වැල්ල වෙනුවට උපුල් තරංගත්, කුසල් ජනිත් පෙරේරා වෙනුවට ඇන්ජලෝ පෙරේරාත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති. ඇන්ජලෝ පෙරේරා අද තරගයට එක්වුවහොත් එය වසර 03කට පසු […]
පාර්ලිමේන්තු මාර්ගය අවහිර වන ලෙස කලහකාරීව හැසිරීමේ චෝදනාවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු මහීල් දෙහිදෙණිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.
අයවැය 2019 සදහා සියයට 60ක පමණ ධනාත්මක ප්‍රතිචාර හිමිව ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. විජය පුවත්පත් සමාගමේ ඩේලි එෆ්ටී පුවත්පත සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල ගෙනහැර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීමත් විශේෂත්වයකි. “මේ තමයි ජනතාවගේ පොදු අදහස වෙන්නේ. මේ අයවැය ඡන්ද අයවැයක් නෙමෙයි සංවේදී අයවැයක්. […]
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු වට රවුම අසල පැවැත්වූ විරෝධතාවය මර්ධනය කිරීමට පොළිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම එම සිදුවීමට අදාළ කිසිවෙක් හෝ අත්අඩංගුවට ගැනීමටත් කිසිවෙක් හෝ නිදහස් කිරිමටත් තමන් නියෝග නොකළ බවද ඔහු සඳහන් කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය. තමන් […]
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම දීම සඳහායි අද්මිරාල් වසන්ත කරණ්නාගොඩ මහතා පසුගිය 11 වනදාද මේ සම්බන්ධයෙන් පැය 08 ක ප්‍රකාශයක් ලබා දුන්නා මෙම ප්‍රකාශය ලබා දී ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය පසු ගිය හත්වනදා ලබාදුන් නියෝගයට […]
අයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය. එසෙම ජනපති වැය ශීර්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී තමන් අත නොඋස්සන බවත් ඔහු සඳහන් කළේය. ” දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් රජයට ඇඟිලි ගසනවා. හොඳ වැඩක් කරන්න ගියාම ජනපති කකුළෙන් අදිනවා. […]
මාකදුරේ මධුෂ් නැමැති අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දා නැමැති දෙල්කඳ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක් සැකකරු මධූෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට උපකාර කළ ඔහුගේ ප‍්‍රධාන ගෝලයකු බවයි පොලීසිය සඳහන් කලේ පියාගේ අවමංගුල් උත්සවයට වෙනුවෙන් මධුෂ් එවන ලද මුදල් වියදම් කිරීම, මධුෂ්ගේ ගෝලයන්ට රැකවරණය ලබාදීම […]
ගුරු විදුහල්පති විරෝධය හේතුවෙන් දරුවන් ලක්ෂ 43 කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000) දරුවන්ට අහිමි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කර තිබෙනවා. මෙම වර්ජනය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිව තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරමින් සඳහන් කළා. ඒ කෙසේ වෙතත් අද දිනයේදි පාසල්වලට නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කිරීමට කටයුතු කර තිබූ බවත් […]
වයස අවුරුදු 18 අඩු ළමයින්ගේ ගිණුම්වල රුපියල් ලක්ෂ 12 කට වඩා මුදල් ඇත්නම් වසරකට රුපියල් 5000 ක පොලියක් අයකර ගන්නා බව මුදල් ඇමති මංගල සමරවීර අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියා. “ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනී. ඒකෙ වැරුද්දක් නෑ.ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා. දැන් පෙනවා නේද සමහර ලොකු බබාලා හැගිලා ඉන්නවා […]
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.ඒ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුවයි. ‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’ යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි […]