වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැඟිරිවත්තේ සුද්දා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කලා එම සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත්කල අවස්ථාවේ දීයි. පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ දියමන්ති හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු […]
ඒ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්කො. ළඹ මහාධිකරණ අංක 01 ශාලාවේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවා තිබෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා යි. ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන සෙසු මහාධිකරණ විනිසුරුවරු මෙම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුන් ලෙස කටයුතු කරනු ලබනවා. මෙම විශේෂ […]
දකුණු හා සබරගමු පළාතේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පත් කර තිබෙනවා. දකුණු පළාතේ වැඩ ආවරණය කිරීමට අනුයුක්ක කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් එෆ් යූ ප්‍රනාන්දු මහතා යි. සබරගමුවේ වැඩ ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා. මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ ඔවුන් දැනට දරණ […]
කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු සිදුකළ පහර දීමකින් සිසුන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා පොලීසිය පැවසුවේ ඉන් තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සදහා කාත්තන්කුඩි රෝහළට ඇතුළත් කල බවයි. 5 ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් පිරිසකට අදාළ ගුරුවරයා විසින් මෙලෙස පහර දී තිබෙනවා. පාඩම් නොකිරීම සම්බන්ධයෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොළීසිය සදහන් කලේ. අත්අඩංගුවට ගත් සැකකාර […]
ඇමරිකාව විසින් ඉන්දියාව තුළ සිය න්‍යශ්ටික බලාගාර 06 ක් ඉදි කිරීමට සැළසුම් කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට ඉන්දීය හා ඇමරිකානු බලධාරීන් ඉදිරි සතියේ දී අත්සන් තබනු ඇතී. ඉන්දීය විදේශ ලේකම් විෙජ් ගෝකාල් සහ ඇමරිකාවේ ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු ලේකම් ඇන්ඩ්‍රා තොම්සන් අතර වොෂින්ටන් නුවර දින 02 ක් පුරා පැවති සාකච්ඡා වලින් අනතුරුව න්‍යශ්ටික බලාගාරය ඉදි කිරීම […]
සියලු යාන්ත්‍රික කියත් හෙට දිනයට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව ආරක්ෂක අමාත්‍යාශය පවසනවා එම අමාත්‍යාශය සදහන් කලේ තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලූම යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කල යුතු බවයි. එහිදී අදාල යාන්ත්‍රික කියත් ලියාපදිංචි කල බවට බලපත්‍රයක් දෙනු ලබනවා. ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ තීරණයක් […]
කවි කියන්නෙ මනුස්ස හදවතකට තදින් කතා කරන්න පුළුවන් හරි අපූරු මාධ්‍යක්. ඒත් කවියෙක් අතර කවියෙක් වෙනවා කියන්නෙ ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි.හිතුවක්කාර හිත් වෙනුවෙන් කවි ලියන හිතුවක්කාර කුමාරයෙක් වුණ බේබදු කුමාර එහෙමත් නැත්නම් මද්දුමගේ රොෂාන් ජානක එක්ක තමයි අද සියත 24 චැට් විත් ඇඩ්මින් අපේ කතා බහ වෙන් වුණේ. https://youtu.be/ZFPpJ48UUGo
විවිධ නාද සහිත නලාවලින් සමන්විත සහ විවිධ වර්ණවලින් යුතු බල්බ දල්වාගෙන ගමන් කරන මගී ප‍්‍රවාහන බස් රථ වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.බස් රථ පමණක් නොව එවැනි ආකාරයෙන් කටයුතු කරන වෙනන් රථ වාහනවලට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. […]
ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවට කැඳවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එක්දින තරගාවලිය නිම වීමෙන් පසු ඔහු ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ආශ‍්‍රිතව මේ වනවිට පැන නැගී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි […]
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 22 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා ඇත. සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පෙරවරු 10.15ට පමණ විපක්ෂනායක […]
කෙන්යාව බලා ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එරට නයිරෝබි නුවර පිහිටි ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී මහත් හරසරින් එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කෙන්යාව බලා ඊයේ (13) පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 04 වන සැසිවාරය සඳහා සහභාගී වීමටයි.
අද උදෑසන 10.30ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබෙනවා.මෙම වෙඩි තැබිමෙන් එම නිවස ඉදිරිපිට සිටි බස්රථ හිමිකරුවෙකු හා තවත් තරුණයෙකු මිය ගොස් තිබෙන අතර බස්රථ හිමිකරුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙම වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදුවි ඇති බවටයි අනාවරණය […]