පවතින වියළි කාලගුණයත් සමග දෛනික ජල පාරිභෝජනය 10% ත් 15% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. තවදුරටත් වියළි කාලගුණය පැවතිය හොත්, ජලය ඛෙදා හැරීමේ ගැටලූ ඇතිවීමේ අවදානමක් ඇති විය හැකි බව එම මණ්ඩලය සඳහන් කලා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජල පරිභෝජනය ඉහල ගොස් ඇති නිසා ජලය භාවිත කිරීමේදී […]
2019 අයවැය ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වෙනවා. ඒ සඳහා සන්ධානයේ පිරිසක් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කරන්නේද යන්න දැනගැනීමට සියත 24 සමඟ රැදෙන්න.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වූ ඒකාබද්ධ යෝජනාවට සහාය දැක්විමෙන් ශ්‍රී ලංකාවට ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එක්සත් රාජධානිය, කැනඩාව, ර්ජමනිය, මොන්ටෙනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල අනුග්‍රහයෙන් ලංකාව පිළිබඳව මෙම යෝජනාව ඉදිරිපත් කළේය. මානව හිමිකම් කොමසාරිස්වරිය තමන්ගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය හරහා පෙර සිටි […]
විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩු වේගෙන යනවා. ඒ නිසා අපි තාපබලාගාර යොදා ගනිමින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65 ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින වියලි කාලගුණික තත්ත්වය […]
පසුගියදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වුණ ස්ලිම් නෙල්සන් ජනතා සම්මාන උළෙලේ ජනතාවගේ ගුවන් විදුලි නිවේදකයා ලෙස සම්මානය හිමිකරගත්තෙ සියත එෆ්.එම් හි අරවින්ද ලොකුගේ. මේ ඔහුත් සමග ගත කරපු සොඳුරු කතාබහේ දිගහැරුමයි. ජනතා සම්මානය කියන්නේ ලබන්න තියෙන ඉහළම සම්මානය. ඔබ මේ සම්මානය ලබා ගන්නේ විශාල කැපවීමක ප්‍රතිඵලයක් විදිහට. ඒ ගැන ටිකක් කතා කරමු ද ? මේක […]
මාස 5 කාලයක් සඳහා ජනපති වැය ශීර්ෂයට රුපියල් බිලියන 13.56ක් මෙවර අයවැයෙන් වෙන් කිරීම ගැටලු සහගත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට වෙන් කර ඇත්තේ රුපියල් බිලයන 1.1ක් බවද ඔහු ප්‍රකාශ කළා. කාරක සභා විවාද අවස්ථාවේදී ජනපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳව ගතයුතු […]
වත්මන් ආණ්ඩුව රට ගැටලුවකට පත් කර ඇති බව සඳහන් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකයට සිදුවූ ගැටුල 23ක් ඉදිරිපත් කළේය. බැඳුම්කර වංචාවේ පාඩුව රුපියල් බිලියන 1000,ආර්ථික වර්ධන වේගය 3%, ආර්ථික වර්ධයෙන් අවසාන ස්ථානයෙන් බේරීම සඳහා ඇෆ්ගනිස්ථානය සමග තරග කිරිම, ඒක පුද්ගල ආදයම ඩොලර් 3980 දක්වා අඩු කරමින් ලංකාව අඩු ආදායම් ලාභි රටක් […]
පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. ඔහු නමින් සිසිල් වික්‍රමසිංහ යි. ඔහු කලක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ පස්වරුවේ මන්ත්‍රීවරයා සහ අදාළ පොලිස් නිලධාරියා අතර මාරවිල නගරයේදී වාහන ගාල් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් […]
මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන කරනවා. ඒ ගල්ෆ් නිව්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කලේශ්‍රී ලංකාව දක්ෂ කණ්ඩායමක් බවත් කාලය ගතවන විට ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක් […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ශ්‍රී ලංකා එක්දින නායකත්වයේ යළි වෙනසක් සිදු කිරීමේ සූදානමක් පිළිබදව වාර්තා වෙනවා. දකුණු අපි‍්‍රකාව සමග පැවැති එක්දින තරගාවලියේදී ලසිත් මාලිංග, නායකයෙකු ලෙස අසාර්ථක වීම ඊට හේතුවයි. ලසිත් මාලිංග නායකත්වය ගෙන මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 07ම පරාජය වී තිබෙන අතර වර්තමාන කණ්ඩායමේ එකමුතුකම පිළිබදව ප්‍රශ්ණයක් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ නිසාවෙන් එළඹෙන ලෝක […]
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද (11) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ, පූර්ණ පොලිස් ගෞරව මධ්‍යයේයි. අවසන් කටයුතු සිදු කරන අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා. මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳට පොලිස්පති පූජිත ජයසුන්දර විසින් රුපියල් ලක්ෂ 20ක […]