News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
13

රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස්

Generic placeholder image

රැකියා විරහිත උපාධිධාරීන් විසින් කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කලා. ඒ කොළඹ කොටුව ලෝටස් වටරවුමේදීයි.


Feb
13

උඹ බයගුල්ලෙක් නියෝජ්‍ය පොලිස්පති මදුෂ්ට කියපු සැර කතාව මෙන්න

Generic placeholder image

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් කතාබහට ලක්වී තිබෙනවා. ඒ මාකඳුරේ මදූෂ් සම්බන්දව. දිර්ඝ විස්තරයක් කරමින් එහිදි ඔහු පෙන්වා දී ඇත්තේ මෙවන් කාරණාවක්. උපුටා ගැනීම – නම :- සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත වෙනත් නම් :- මාකදුරේ මදූෂ් ලිපිනය :- මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටිය උපන් දිනය :- 1979.02.24 ගැවසෙන තැන් :- […]


Feb
13

චමින්ද විජේසිරි භාරවෙයි

Generic placeholder image

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා ලද බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය සැක පළ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මේ වන විට නීතිඥයෙකු මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට භාර වී ඇති බවයි වාර්තා වෙන්නේ.මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු පොලිසියට ද දැනුම් දීමක් සිදු කර තිබුණා.


Feb
13

පොලිස් නෝනාට ලියූ කවි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Feb
13

පේරා හා මොරටු සරසවි ශාඛා මාලදිවයිනට, සරසවි සදහා වෙනම දූපතකුත් දෙයි

Generic placeholder image

පේරාදෙණිය සහ මොරටුව විශ්ව විද්‍යාලවල ශාඛාවන් මාලදිවයිනේ පිහිටු වීමට එම රටේ ජනාධිපති එකඟත්වය පළ කර තිබෙනවා.ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ශාඛාවන් පිටරටක පිහිටු වීමට ලැබීම, ලංකාවේ අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමට ලැබුණු අවස්ථාවක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.මහනුවර යහලතැන්න මුස්ලිම් […]


Feb
13

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රාහකයින් සොයා දැන්වීම් දමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2019 ලෝක කුසලානය සදහා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකයෙක් සොයා ප්‍රසිද්ධ දැන්වීමක් දමා තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ මෙම දැන්වීම පල කර තිබේ. මේ අනුව ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමේ මුද්‍රණය කරනා ප්‍රධාන අනුග්‍රාහකයා ඇතුලු අනුග්‍රහකයන් ක්‍රිකට් ආයතනය විසින් සොයමින් සිටිනවා. අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත් වී ඇති තත්වය නිසා […]


Feb
13

පාතාලයේ පනහකගේ දේපළ රාජසන්තකයි

Generic placeholder image

මාකදුරේ මදූෂ් ඇතුළු පාතාල කල්ලි නායකයන් 50 ආසන්න පිරිසකගේ දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් මුදිත මාධ්‍යට පවසා තිබෙනවා. ඔවුන්ගේ දේපළ හා වත්කම් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනටමත් විමර්ශන අරඹා ඇති බවද ඒ නිලධාරියා පෙන්වා දී තිබුණා. මෙම කටයුතු ඉදිරියේදී කඩිනමින් නිමවා ක්‍රියාමාර්ග ගනු ඇති […]


Feb
12

හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් යළි රිමාන්ඩ්

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා ලබන 26 වනදා දක්වා අද (12) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔහු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මක බවයි. මෙම සිද්ධියට අදාළ ගිනි අවි […]


Feb
12

සාධාරණ ලෙස වැටුප් වැඩි කිරිම් ඉල්ලා ජ.වි.පෙ වීදි බසියි

Generic placeholder image

රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට සහ වතු ජනතාවට සාධාරණ වැටුපක් ලබා ගැනීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අනුව 2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජීවන වියදම රුපියල් දාහතරදහසකින් ඉහළ ගොස් තිබෙන බවත්, එම කාලයට සාපේක්‍ෂව කිසිදු අංශයක වැටුප් වැඩිවී නොමැති බවත් එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත […]


Feb
12

අගමැතිට එරෙහි නඩුවට ගොනු කළ සාක්ෂි පිටපත් සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක්

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණයේ දී අද (12) කැදවනු ලැබුවා. අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සහ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී කියා සිටියේ මෙම පෙත්සම මුල් අවස්ථාවේම ප‍්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලීමක් සිදු කරන බවයි. පෙත්සම සදහා පෙත්සම්කාරිය විසින් පදනම් කරගෙන ඇත්තේ සහතික නොකළ […]


Feb
12

දන්නෙ නැතුව තහනම් රටේ ගෙඩි කෑමට සැරසෙන ශ්‍රී ලංකා කෝඩුකාරයෝ

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර දකුණු අප්‍රිකා සංචාරය නිරත වන්නේ දැඩි පසුබෑමට ලක්ව තිබෙන අවස්ථවකයි. ඔක්තෝම්බර් මාසයේ සිට, ජයග්‍රහණයත් , පිපාසය සොයන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් හෙම්බත් වී සිටින පසුබිමක එය තවත් මිරිඟුවක් බවට පත් වේද යන බියෙන් ඔවුන් පසුවෙති. කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පරිපාලන සහ තේරීම් කමිටුව මතබේදනාත්මක තත්ත්වයක පසුවන විට දිනේෂ් චන්දිමාල් ද කණ්ඩායමේදීත් ඉවත්කොට […]


Feb
12

2020දී යාපනයට ගඟක් – නළ මඟින් ජලය උතුරට

Generic placeholder image

රත්නපුර, කෑගල්ල, කලුතර ප‍්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මුහුදට ගලා බසින ජලය නළ මඟින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි‍්‍රයාවට නැංවීම වැදගත් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. පාරිසරික විනාශයකින් තොරව කි‍්‍රයාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මගින් කඩිනම් සහ සාර්ථක ප‍්‍රතිඵල උතුරේ ජනතාවට හිමි වනු ඇති බවට ද ජනාධිපති සඳහන් […]


News Articles
Latest Videos
Most Popular Post