News Line| Off Air
Generic placeholder image

Feb
1

ඊළඟ ජනාධිපතිවරණයේදි ශ්‍රිලනිප අපේක්ෂකයා මෛත්‍රීපාල

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරනවා. අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීමේදි ඔහු මෙම අදහස් පළ කළේය. එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන […]


Feb
1

නිදහස් දින සැමරුමට ෆොන්සේකා නැති හේතුව මෙන්න

Generic placeholder image

ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙනවා. නිදහස් දින උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා කරමින් ෆොන්සේකා මහතාට ආරාධනා පත්‍රයක් ඊයේ වනතුරුද ලැබී නොතිබිණි. මේ සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාගේ තනතුරට අදාළ නිසි ගෞරවාචාර නොලැබෙන්නේ නම් නිදහස් දින උත්සවයට සහභාගි නොවන […]


Feb
1

ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ප්‍රහාරයක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරාහි මනූකා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 87කදී ලකුණු 384/4ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ඔවුන් එක් පන්දුවාරයක් තුළ ලකුණු 4.41ක දළ වේගයක් රඳවා ගැනීමට සමත්ව තිබේ. කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා නායක ටිම් […]


Feb
1

සේනා දළඹුවා ජානමය විකෘති කර විද්‍යාගාරයන්හීදි නිපදවූ සත්ත්වයෙක් – රතන හිමිගේ විශේෂ හෙළිදරව්ව

Generic placeholder image

දේශීය ක‍්‍රම කෙරෙහි විශ්වාසය තබන්නේ නම් සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා බඩඉරිඟු වගාවෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් මතු නැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරනවා. බඩඉරිඟු වගා කිරීම තාවකාලිකව නතර කිරීමෙන් තවත් ගැටලූ කිහිපයක් මතුවිය හැකි බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙනවා. සේනා දළඹු විශේෂය ජානමය වශයෙන් විකෘති කර විද්‍යාගාර තුලදී […]


Feb
1

ශ්‍රී ලංකා ජනරජය කිව්වාම ‌‌‌‌හොඳටම ඇති

Generic placeholder image

ශ්‍රී ලංකාව හැඳින්වීමේදී ‘ශ‍්‍රී ලංකා ජනරජය’ නමින් හැඳින්වීම ප්‍රමාණවත් වන බව ජාතික හෙළ උරුමයේ අදහස වී ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජය ලෙසින් හැඳින්වෙන අතර එය ශ්‍රී ලංකා ජනරජය නමින් හැඳින්වීම ප්‍රමාණවත් බව අමාත්‍යවරයා සඳහන් කරනවා. මාතර වැලිගම වෙරළ උද්‍යානය නිරීක්‍ෂණ චාරිකාවකට සහ නාගරික සංවර්ධන […]


Feb
1

රනිල්ගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කළ පෙත්සම විභාගයට දින ලැබෙයි

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රධූරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම මේ මස 12 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින ලබා දී තිබෙනවා. ඒ, අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඒ එල් එස් ගුණරත්න සහ පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. කොළඹ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ශර්මිලා ගෝනවල විසින් එම පෙත්සම […]


Feb
1

ක්‍රීඩා ඇමති ක්‍රිකට් කණ්ඩායම හමුවට

Generic placeholder image

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔස්ට්‍රේලියාවට‌ ‌‌ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හමුවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ මේ වන විට ගැටලු කිහිපයක්ම ඇතිව තිබෙන අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරිමට අමාත්‍යවරයා මෙසේ ඔස්ට්‍රේලියාවට ගොස් තිබේ. ක්‍රිකට් කණ්ඩායම හමුවිමෙන් අනතුරුව ඔවුන්ට විශ්වාසය ලබාදුන් බවත් කණ්ඩායමට අවශ්‍ය සහාය ලබාදෙන බව තමන් සඳහන් කළ […]


Feb
1

වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කරයි

Generic placeholder image

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග කැනබරා හිදි අද (01) ආරම්භ වු දෙවන ටෙස්ට් තරගයේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවිම හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දැඩි අසිරු තාවයකට මුහුණ පා සිටිනවා.කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක මුලින්ම ලැබුවා පහර දිමට තිරණය කරනු ලැබුවා.කෙසේ වුවත් ඔහුගේ තිරණය නිවැරදි නොවන බවට පසක් කර දෙමින් ශ්‍රි ලංකා පිලේ විශ්ව […]


Feb
1

මේ යන විදිහට හිටි ගමන් අපේ රට සමනල්ලුන්ගෙන් වැහිලා යයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Jan
31

2019 වසරේ නව ආණ්ඩුවක් බිහි කරන්න ජනපති සැරසෙයි

Generic placeholder image

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පස්වරුවේ එක්වෙමිනුයි. ශ්‍රී ලංකා […]


Jan
31

නව අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන අකිල හෙළිදරව් කරයි

Generic placeholder image

වේගයෙන් පුහුණු කළ හැකි හොඳ මානව සම්පතක් අප සතුව පවතින නමුත් තවමත් අපේ රට තුළ වෘත්තීකයින් බිහිකිරීමේ ප්‍රවණතාව ප්‍රමාණවත් නොවන බව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ජාතික සහ පළාත් පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම සඳහා ශ්‍රි ලංකා […]


Jan
31

ලොවම මවිත කරමින් මයිකල් ජැක්සන් යළි උපදියි

Generic placeholder image

මයිකල් ජැක්සන් ගේ ස්වරූපය ඒ අයුරින්ම ලබා ගැනීම සඳහා ආර්ජන්ටිනා ජාතිකයකු 11 වතාවක් ප්ලාස්ටික් සැත්කම් වලට ලක් වී තිබෙනවා. ලියෝ බ්ලැන්කො නැමැති මෙම පුද්ගලයා ඒ සඳහා ඩොලර් 42,000කට වැඩි මුදලක් වියදම් කර තිබෙනවා. වාර්තා වන අන්දමට ඔහු මිය ගිය පොප් රජු මයිකල් ජැක්සන් ගේ දැඩි රසිකයෙකි. ඔහු මයිකල් ජැක්සන් අනුගමනය කරමින් ජීවත් වන අතර 22 […]


News Articles
Latest Videos
Most Popular Post