News Line| Off Air
Generic placeholder image

Jan
23

හිටපු අගවිනිසුරුට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කෙරේ

Generic placeholder image

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන මස 7 වැනිදා ශ්‍රේධ්ඨාධිකරණය හමුවේ පෙනී සිටමින් කරුණු දක්වන ලෙසට ඔහුට නොතීසි නිකුත් කළේය. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් මහාචාර්යවරුන් […]


Jan
23

යාපනයේ පොළව යටින් බෝම්බ ගබඩාවක් මතුවෙයි

Generic placeholder image

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් පොළව යට ගබඩා කරනු ලැබ තිබූ බෝම්බ තොගයක් යාපනය වඩමාරච්චි ප‍්‍රදේශයෙන් හමු වී තිබේ. ඒ, පුද්ගලයෙකු ළිඳක් කැපීම සඳහා පොළව හාරමින් සිටියදීයි. මේ පිළිබඳ කළ දැනුම් දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම බෝම්බ තොගය ගොඩගත් බව මාධ්‍ය වාර්තා කරනවා. එහි තිබී මිලි මීටර් 81 වර්ගයේ බෝම්බ 04ක්, […]


Jan
23

දුම්රියක් දෙකඩ වෙයි

Generic placeholder image

තලාව ප්‍රදේශය ආසන්නයේදීයි වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය කරන සීග්‍රඝාමී දුම්රියේ මැදිරි අද ( 23දා) වෙන්ව තිබෙනවා.


Jan
23

ලඟදි බැඳපු සජිතගෙ දෙවෙනි සිංදුව මෙන්න

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා සජිත සහ බුවිනිකා විවාහයට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ගත්ත Wedding Pre Shoot ඡායාරූප වෙනස්ම ආකාරයෙන් අලුත් විදිහට ගෙන තිබුණා. එම ඡායාරූප අප විසින් පළකල අතර එහිදී තවත් විශේෂිත සිදුවීමක් සිදුවී තිබෙනවා. එනම් Wedding Pre Shoot එකට අමතරව සජිතගේ දෙවෙනි ගීතය එනම් “මිහිරාව ආවා” නම් ගීතයේ රූප රාමු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීම […]


Jan
23

අද සිට වතුකම්කරු දෛනික වැටුප රු.1000ක් දිනාගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඇරඹේ

Generic placeholder image

වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අද (23දා) උදෑසන 7.00 සිට ආරම්භ කරන බව වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය ප්‍රකාශ කරනවා. මේ අනුව තෝරාගත් වතුවල උදෑසන 7.00 සිට වැඩවර්ජනයක් දියත් කරන බවත්, මීට අමතරව රට පුරා ස්ථාන 27ක විරෝධතා ව්‍යාපාර පවත්වන බවත් එම ව්‍යාපාරයේ මාධ්‍ය […]


Jan
23

පොහොට්ටුවෙන් අනිවාර්යෙන්ම එන්නේ රාජපක්ෂවරයෙක්

Generic placeholder image

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම රාජපක්‍ෂවරයෙකු ඉදිරිපත් වන බව පැවසීය. එතුමා මේ බව පවසා සිටියේ, වැලිකන්ද, කරපොළ, දමිළ ගම්මානයේ ඊයේ (21දා) පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගි වෙමිනි. “මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා ජනතා බලය, ඡන්ද බලය දවසින් දවස අඩු වෙනවා. කවුරු මොනවා කිව්වත් අද වැඩි […]


Jan
23

රජයේ විධායක නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

රජයේ විධායක සේවාවල නිරත නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ගැටලුව සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලබන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරනවා. 2018 වසරේ ජනවාරි මාසයේදී නීති ක්ෂේත්‍රයේ පිරිස්වලට පමණක් වැටුප් වැඩිකිරීම හේතුවෙන් විධායක සේවාවල නිරත තිස් පන්දහසකට අධික පිරිසක විශාල වැටුප් විෂමතාවක් ඇතිවී තිබෙන බවද එම සංගමයේ ලේකම් එච්.ඒ.එල්. […]


Jan
23

මෙවර නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා මාලදිවයිනෙන්

Generic placeholder image

පෙබරවාරි 04 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි එක්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මේ පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාව මාලදිවයින් ජනපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඔහු පෙබරවාරි 03 දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. මාලදිවයින් ජනපතිවරයා ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී […]


Jan
23

විරාත් කෝලිගේ ඔබ නොදන්න ජීවිත කතාව

Generic placeholder image

විරාත් කෝලි කියන්නෙ ලොවක් හඳුනන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දුක දිනූ ක්‍රීඩකයෙක් ලෙස විරාත් කෝලි හැමෝටම හොඳ ආදර්ශයක්. පහත වීඩියෝවෙන් පුළුවන් කෝලිගේ ජීවිත කතාව ඔබටත් දැනගන්න. https://www.facebook.com/siyathafmsrilanka/videos/341079176493827/


Jan
22

අසාද් සාලි මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට නොහැකි වෙයි

Generic placeholder image

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට අද (22) දිනයේදී සැලසුම් කර තිබුණත් එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරුද්ධ වීම හේතුවෙන් එම යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙනවා. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව මෙම විශ්වාසභංග යෝජනාව සභාවට බාරදීමට සැලසුම් කර තිබුණෙවා. […]


Jan
22

“හාමුදුරුවරු බණට කියන්නේ අරක්කු, සිගරට් බොන්න එපා කියලා, ඒ නිසා මම බණට යන්නෙ නෑ” චන්ද්‍රිකාගෙන් සැර කතාවක්

Generic placeholder image

පසුගිය දින උත්සවයක් අමතමින්ව ර්තමානයේ භික්ෂූන් වහන්සේලා හමුවට ගිය විට ධර්ම දේශනා කරමින් ප්‍රකාශ කරන්නේ “බොන්න එපා, සිගරට් බොන්න එපා, පුළුවන් තරම් දාන දෙන්න” ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා වර්තමානයේ තමන් එතරම් ධර්ම දේශනා වලට සහභාගී නොවන බවද හිටපු ජනපතිනිය පවසා තිබෙනවා.


Jan
22

රිද්දපු අය රිද්දන හැටි ප්‍රියංකාගෙන් ඉගෙන ගන්න

Generic placeholder image

අප හැමෝටම විවිධ හැකියාවන් තියෙනවා. නමුත් ඒවායින් සීමිත වපසරියක සැරිසරන්නයි බොහෝ දෙනෙක් පෙලඹෙන්නේ, කඳවුරුගත කොදෙව්වෙන් නොනැවතී එතැනින් ඔබ්බේ තියෙන ඉලක්ක සපුරාගන්න මහන්සිවී බොලිවුඩයේ කිසිදු දැවැන්තයකුට තවමත් කරගත නොහැකි වූ බටහිර ලෝකය ජයගැනීම සාර්ථකව ඉටුකළ ඇය ප්‍රියංකා චෝප්රා. 1982 වසරේ ජූලි 18 වැනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජාම්ෂෙද්පූර්හිදී අශෝක් සහ මධු චෝප්රා යුවළට දාව ප්‍රියංකා චෝප්රා උපත […]


News Articles
Latest Videos
Most Popular Post