නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ අවධානය යොමු ව තිබෙනවා. ඒ අනුව දීඝවාපි රජමහා විහාරයේ සහ අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කිරීමට පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන මණ්ඩලයේ දී අනුමැතිය හිමි වුණා. මේ අතරින් එක් බෞද්ධ […]
වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘත්‍රිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මේ යටතේ වියලි කාලගුණයක් පවතින අවස්ථා වලදී වළාකුළු උපයෝගී කරගනිමින් කෘත්‍රිම වැසි ඇති කිරීමට පියවර ගනු ලැබේ. තායිලන්ත රජයේ තාක්ෂණික ඥාණය උපයෝගී කරගනිමින්, ලංකාවේ ප්‍රථම වරට […]
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විමසීම මාර්තු මස 19 වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කර තිබෙනවා. මෙම නඩුව පවරා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්රස් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි. ඒ අනුව පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන් තිදෙනෙකුට මීලඟ දින […]
පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද (23දා) එම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා. එසේම පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා […]
දැනට භාවිතා කරන පානීය ජල බෝතල් වල නිල් පැහැති වර්ණය සුදු පැහැ ගැන්වීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කරනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ නිට්ටඹුව ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (22) පැවැති ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කණ්ඩායම් භාරව සිටින පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමින්. “පානීය ජල බෝතලයක් […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/IgshWqlED4U
මන්නාරම් සමූහ මිණීවලේ අස්ථි සාම්පල කාල නිර්ණය කිරීම සඳහා අද (23) දින රාත්‍රියේ ඇමරිකාවට රැගෙන යාමට සියල්ල සූදානම් කොට ඇති බවට සමූහ මිණිවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. සමූහ මිණීවලෙන් හමු වූ අස්ථි සාම්පල අද දිනයේදී ඇමරිකාවේ ෆොරීඩාහි පිහිටි රසායනාගාරයකට කාල නිර්ණය කිරීමට රැගෙන යාම හේතුවෙන් සමූහ මිණීවලේ කැනීම් කටයුතු […]
රුපියල් මිලියන 175 ක් වටිනා අති නවීන පහසුකම්වලින් සමන්විත ගිලන්රථ 15ක් වයඹ ප්‍රාදේශීය රෝහල් වලට.. වයඹ පළාතේ රෝහල් වලට විශාල අඩුපාඩුවක්ව පැවති ගිලන්රථ සේවාව තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වයඹ පළාත් සභාව වෙත ලබා දුන් සඳහා අති නවීන පහසුකම්වලින් සමන්විත ගිලන්රථ 15ක් වයඹ පළාත් ආණ්ඩුකාර […]
නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු නිසාවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි මස 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය පැය 06 හමාරක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය ප්‍රකාශ කරනවා. එම දිනවල උදෑසන 06.30 සිට පස්වරු 01.00 දක්වා අදාළ මාර්ගය වසා තබන බවයි පොලීසිය සඳහන් කළේ. මෙවර නිදහස් දින සැමරුම් […]
ජාතික නිදහස් දින 71 වැනි සැමරුම් මහෝත්සවය එළඹෙන පෙබරවාරි 04 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සැමරීමට කරයුතු යොදා ඇති බව දැනුම් දී තිබෙනවා. ඒ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්. මෙවර ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් සහභාගී වේ. […]
සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයක් වන ලෝ බොර මෙට්‍රික් ටොන් 27,150 සහිත ‘ඉතාකා පේෂන්ස්’ නැමැති නෞකාව පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වාරයේ නැංගුරම් ලා තිබෙනවා. හම්බන්තොට ජාත්‍යන්තර වාරයේ ප්‍රථම වරට මෙවැනි හැසිරවීමක යෙදුණද, ඉතා උසස් කාර්යක්ෂමතාවයකින් මෙහෙයුම සාර්ථකව අවසන් කිරිමට වරායේ පළපුරුදු සේවක මණ්ඩලයට හැකි වූ බවත් කොතරම් දුරට සාර්ථක වූවද කිවහොත් ඇතැම් දිනවල මෙට්‍රික් ටොන් 11,000 […]
හොරොව්පතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටඹුන් වූ චෛත්‍යයක් මත නැග ඡායාරූප ගත් පිරිස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඒ, පුරාවිද්‍යා බලධාරීන් විසින් ඊයේ (22) පස්වරුවේ හොරොව්පතාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි. ඔවුන් මෙම චෛත්‍ය මත නැග අදාළ පිරිස ලබාගත් ඡායාරූප පසුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. ඒ සම්බන්ධයෙන් […]