2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බවයි. ආර්ථිකය කුමන හෝ මොහොතක දරුණු බිඳ වැටීමකට ලක්වීමේ අවදානම. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මුළු පාලන තන්ත්‍රයම බිද වැටීමේ අවධානම. […]
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කඩහඩ පරීක්ෂණයකට එක්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව දූෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ පැමිණිල්ල අනුව සිදුවන පරීක්ෂණවලට අදාළව පොලිස්පතිවරයා මෙම කටහඩ පරීක්ෂණයට එක්ව සිටියා.
මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබෙනවා. මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව සිටින විට හමුවූ සිරකරුවෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම නිවස ඉදිකර දිමට නියමිතයි. ඊයේ දිනයේදී කිලිනොච්චියේදී ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ උදවිය හමුවීමටත් කටයුතු තිබුණා. මන්ත්‍රීවරයා මේ වන විට උතුරට බලපෑ […]
ශ්රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් හිමියන් අතර Like ෆේස්බුක් පිටු පවත්වාගෙන යන පුද්ගලයන් අතර ඉදිරියෙන් සිටින පුද්ගලයෙක් ලෙස හම්සා හනීෆා හැදින්විය හැකියි. Bro ෆෙස්බුක් පිටුවේ හිමිකරු වන හනීෆා පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් හා තිසර පෙරේරාගේ ෆේස්බුක් ගිණුම් තමන් පාලනය කරන බවයි. එසේම ක්‍රිකට් ක්‍රීඩකයන් කලු සල්ලි සුදු […]
ශ්රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් විරුවෙකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රෝෂාන් මහානාම මහතා විසින් වවුනියාවේ දුෂ්කර පාසල් දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.රොෂාන් මහානාම මහතා විසින් වවුනියාව දුෂ්කර ගම්මානයක් වූ වෙහෙරතැන්න ගම්මානය ඇතුළු අවට ගම්මාන වල පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේ අරමුණින් මීට පෙර […]
ජනතාව සූදානම් නම් තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් මිලින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මෙම වසර රටට වැදගත් තීරණාත්මක වසරක් වන බවද ගෝඨාභය […]
උතුරු ප්‍රදේශය තුළ දේශපාලන හේතූන් මත හා බලය පෙන්වීම සඳහා බුදුපිළිම තැන්පත් කිරීම නිසා ඇතිවන සමාජීය හා සංස්කෘතික ගැටලු පිළිබඳව තමන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන බව උතුරු පළාතේ නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසා තිබෙනවා. උතුරේ බෞද්ධ ජනතාව නොමැති ස්ථානවල බුදු පිළිම තන්පත් කිරීමෙන් හා විහාරස්ථාන ඉදි කිරීමෙන් බුදු දහමට විශාල නිගරුවක් […]
ශ්රී ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මාස 06 ක කාලයක් තුළ ඊ-හෙල්ත් කාඩ්පත […]
ෆෙඩරල් ගැන කතා කරන කිසිවෙක් ෆෙඩරල් යන්න තාමත් තේරුම්ගෙන හෝ නැති බවත් ෆෙඩරල් බිල්ලෙක් මවා සමහරුන් ජනතාව බියගන්වන බවත් විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (12)දා හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් […]
2019 වසර අවසන් වීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුණු රට නැවත ගොඩනැගීමට තරුණ ජවය සහ සහභාගීත්වය තමන් අපේක්‍ෂා කරන බවත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා. බැසිල් රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කළේ අද(13) පෙරවරුවේ […]
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා වසර 3 ක් ගතවන තුරු ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා ගැනීමට නොහැකි නම් එම මණ්ඩලය සහ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පවත්වාගෙන යාමෙන් ප්‍රතිඵලයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දී අද (11) ප්‍රකාශ කළා. අගමැතිවරයා ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය කාලය සමඟ යට ගැසූ බවද මන්ත්‍රීවරයා මෙහිදී […]
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකට පොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයට එකතු වීමේ බාධාවක් නොමැති බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය ප්‍රකාශ කරනවා. ඊයේ බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලස්ථානයේ පැවැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංසදයේ රැස්වීමේදී මේ […]