News Line| Off Air
Generic placeholder image

Nov
27

වැරදිකරුවන් රටටම හෙළිකිරීමට සූදානම් බැඳුම්කර වාර්තාවේ සිංහල හා ‌‌‌‌‌දෙමළ පිටපත් ජනපති ඉල්ලයි

Generic placeholder image

පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකකින් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා. අද පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මේ බව ප්‍රකාශ කළ අතර ඒ අනුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ක්‍රියාමාර්ග […]


Nov
27

නව රුපියලේ කාසි අගමැතිට

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතෙන්ම නිකුත් කරන රුපියලේ කාසි අද දිනයේදී අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුුුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‌‌වෙත පිළිගන්වා තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙම කාසි අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීය.


Nov
27

පාර්ලිමේන්තුව කල් තැබේ

Generic placeholder image

පාර්ලිමේන්තුව ලබන 29 වනදා දක්වා අද කල් තැබුණා. අද පස්වරු 01ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී පාර්ලිමේන්තුව ලබන 29 වනදා පෙරවරු 10.30 දක්වා කල් තැබීමටයි තීරණය කෙරුණේ.


Nov
27

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ආහාරත් වර්ජනය කරයි

Generic placeholder image

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගැනීම ද වර්ජනය කිරීමට අද තීරණය කළා. ඒ, ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ අවස්ථාවේදීයි.පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ නම් එහි ආහාර ලබා නොගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු මෙහිදී තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර කියා සිටියේ.


Nov
27

සිරිසේන මහත්තයා හරි තීන්දුවක් ගත්තේ නැති නිසා රටම ඉවරයි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරි තීන්දුවක් නොගත් නිසා රටම විනාශ වී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. “අර්බුදය නම් කථාකරලා වැඩක් නෑ. සිරිසේන මහත්තයා ඉක්මනටම තීරණයක් ගන්න ඕන. සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕන.මගේ අදහස් මම […]


Nov
27

මම කවදාවත් අගමැති වෙන්න හිතලවත් නෑ

Generic placeholder image

තමන් කවදාවත් අගමැති වීම සඳහා අවධානය යොමුකර නොමැති බවත් ජනපතිවරයා තමා සම්බන්ධයෙන් කළ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් අද පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කතානායකවරයාට දන්වා සිටියා “ජනපතිතුමාව ඝතනය කිරීමට මම උත්සාහ කරන බව පවසනවා. මෙය බරපතල චෝදනාවක්. ඒ ගැන වහාම පරීකෂණයක් කළ යුතුයි. මම අගමැති කරන්නේ නෑ කියලයත් ජනපති කියලා තියෙනවා. මම කවදාවත් අගමැති වෙන්න […]


Nov
27

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තවත් පහළට

Generic placeholder image

එංගලන්ත කණ්ඩායම හමුවේ ලද ටෙස්ට් පරාජයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ එක් ස්ථානයක් පසුබැස තිබෙනවා. ඒ, අනුව තරගාවලිය ආරම්භවීමට පෙර 6 වන ස්ථානයේ පසුවූ ශී‍්‍ර ලංකා පිළට දැන් හිමිව ඇත්තේ එම සටහනේ 7 වන ස්ථානයයි.මෙම ටෙස්ට් තරගාවලිය 3/0ක් ලෙස ජයගත් එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා […]


Nov
27

පාර්ලිමේන්තුව ඇරඹේ ආණ්ඩු පක්ෂය අදත් සභාගර්භයට නොපැමිණේ

Generic placeholder image

මේ වන විට අද දිනයට නියමිත පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වී තිබෙනවා. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් තොරවයි. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සංකීරණයට පැමිණ තිබෙනවා.


Nov
27

විනිසුරන් 70කට ස්ථාන මාරු

Generic placeholder image

වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරන් හා මහේස්ත්‍රාත්වරුන් ඇතුළු 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා. ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ලබාදී තිබෙන්නේ.මෙම ස්ථානමාරුවීම් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇති අතර එම අභියාචනා දෙසැම්බර් 07 දා පෙර යොමුකළ යුතු වෙනවා.


Nov
27

රාජසන්තක ඩොලර් නිදහස් කරන්න කියූ අගමැති අත්සන සහිත ලිපිය ගැන මුදල් අමාත්‍යාංශයෙනුත් පැහැදිලි කිරිමක්

Generic placeholder image

ශ්‍රී ලංකා රේගුව විසින් ඉරාන ජාතිකයෙකු සන්තකයේ තිබූ රාජසන්තක කරන ලස ඩොලර් 53455ක මුදලක් නැවත ලබාදෙන ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයක් සහිත ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. පහතින් ඒ හුවමාරු වන ලිපිය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයද පැහැදිලි කිරිමක් නිකුත් කර තිබෙනවා. පහතින් එම ලිපිය


Nov
27

ජනපති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි

Generic placeholder image

ලබන දෙසැම්බර් මස 04 වැනිදා විශේෂ සමුළුවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේ පැවැත්වෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා සිටියේ. විශේෂ සමුළුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමටත් […]


Nov
27

මාතර සිසුවා ඝාතනයේ 03 වැනි සැකකරු බුද්ධි අංශයෙන් අල්ලයි

Generic placeholder image

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි පාසල් සැකකරුද අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.අද පෙරවරු 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.වයස අවුරුදු 17ක් වන මෙම සැකකරු ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති වල්ගම, මාතර […]


News Articles
Latest Videos
Most Popular Post