කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගම්පහ යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයේ සිසුන් පිරිසක් මේ වන විට විරෝධතාවයක නිරත වී සිටිනවා.ඒ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතිරුව යක්කල නගරයෙන් අවහිර කරමින්. ආයුර්වේද විද්‍යාතනයේ සිදුවන සිසු මර්දනය නතර කරන ලෙස සහ අධ්‍යාපන කටයුතු සදහා පහසුකම් නොමැති බව පවසමිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ.
අද පාර්ලිමේන්තුව අවසානයේදී මධ්‍යයට අදහස් දක්වමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසා සිටියේ මේ තත්වය ඉතා අවසනාවන්ත තත්වයක් බවයි. එමෙන්ම ජනතාව දෙපිළ බෙදී වැඩක් නැති බව කී ඔහු ආණ්ඩුව මෙන්ම විපක්ෂයත් බලයට කෑදරකමේ සිටින බව පෙන්වා දුන්නා. ඒ අදහස් දැක්වීම පහතින්.
කතානායක කරු ජයසුරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් අද සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්යලයේදී සිදුවෙනවා.
කරු ජයසූරිය කථානායක ධුරයේ කටයුතු නිසි අාකාරව නොකරන බවත්, ඔහු ඉතාමත් විහිලු සහගත ලෙස කටයුතු කරන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ගම්මන්පිල වැඩ්දුරටත් පැවසුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වි ඇති බවයි. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පාර්ලිමේන්තුව නැවත රැස්වීම 21 වෙනිදා නොව හෙට දවසේ සිදු කිරීමට පක්ෂ නායක හමුවේදී නැවත තීරණය වී තිබෙනවා. ඒ අනුව නැවත හෙට දවසේ දහවල් 1.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙම හමුව පැවැත්විමට නියමිතව තිබෙන්නේ. දෙපාර්ශ්වයෙන්ම මන්ත්‍රීවරුන් 5 බැගින් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බවද තොරතුරු වාර්තා වෙනවා.
පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඇති එකම විසඳුම මැතිවරණයකට යෑම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලා.ඒ හරහා ස්වාධීන කථානායකවරයෙක්, නව අග්‍රාමාත්‍යවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට අවස්ථාව ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකළ ලිපියට කථානායක කරු ජයසූරිය මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපිය පහතින්.
කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් තව සුළු මොහොතකින් පවත්වන්නට නියමිත බවයි සියත 24 පාර්ලිමේන්තු වාර්තා කරුවන් පවසා සිටියේ. එය සිදුවන ස්ථානයක් තවම නිල වශයෙන් දැනුම් දී නැහැ.
කතානායක හා පක්ෂ නායකයින්ගේ හමුවද උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා, කෙසේ නමුත් සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් කියා සිටියේ පාර්ලිමේන්තුව 21 වෙනිදා දක්වා කල් තැබීමට පක්ෂ නියෝජිතයන් එකග වූ බවයි.
කතානායක කරු ජයසූරිය මහතා හා ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරම්භ වී තිබේ. විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, ගයන්ත කරුණාතාලක, ලක්ෂ්මන් කිරිඇල්ල, රිෂාඩ් බද්යුදීන්, රවුෆ් හකීම් අනුර කුමාර දිසානායක හා විජිත හෙරත් යන මැති ඇමතිවරුන් හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.
පාර්ලිමේන්තුවේ මතුව ඇති නොසන්සුන්තාවය මත කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.ඒ අනුව එම STF ආරක්ෂාව යෙදවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. තවමත් පාර්ලිමේන්තුව කල් තැබීමේ නිල නිවේදනයක් නිකුත් කර නැහැ.