ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය දැනුවත් කර ඇති බවයි. දින 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ටී.එම් ඩිල්ශාන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. ඔහු පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වන බවයි වාර්තා වෙන්නේ. ඊයේ දිනයේදී ඒ සම්බන්ධව පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඩිල්ශාන් ඉදිරියේදී කොළඹ හෝ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.
මහ මැතිවරණයක් කැදවීම සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමිසමේ සභාපති සමග එහි නීත්‍යානුකූලභාවය පිළිබද සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මාධ්‍යය වෙත කියා සිටියේ සිය පෙරමුණ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් බවයි. ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම මැතිවරණයක් සදහා සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
හෝර්ටන් තැන්න ලෝකාන්තයෙන් පහළට වැටුණ 35 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවගේ සිරුර බලංගොඩ නන්පේරියල් වතුයායෙන් සොයා ගත් බව සියත නිවුස් වෙත වාර්තා වුණා.
මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය පළ කිරීමට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්තී‍්‍රවරුන්ට මීළග පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් හෝ ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා පැවසුවේ එම මන්තී‍්‍රවරුන් මහමැතිවරණයට ඉදිරිපත් නොවුවද ඔවුන්ට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් ලබාදීමට එකගතාව පළ වී තිබෙන බවයි. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එහි සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා නුදුරේදීම නම් කරන බව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (10) උඩුනුවර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විසින් සංවිධානය කර තිබු ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයාට සහ මැති ඇමැතිකම් ගත් අයට විරෝධය පළ කිරිම සහා ගෙලිඔය නගරයේ පැවැති විරෝධතාවයක් අතරතුරදියි. “මෛත්‍රිපාල මේ පාර්ලිමේන්තුව විසිරෙව්වෙ […]
අද (11) උදැසන ලෝකාන්තය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් ඉන් පහළට ඇද වැටී ඇති බව පොලිසිය සදහන් කරනවා. සිය මිතුරියක් සමග පැමිණ සිටි මෙම ජර්මානු ජාතික කාන්තාව ජායාරුපයක් ගැනීමට යාමේදී ලෝකාන්තයෙන් පහළට ඇද වැටී තිබෙනවා. මෙම කාන්තාව සොයා මේ වන විට පොලිසිය, යුධ හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක, හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය අද (11) ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේහි සභාපති මහාචාර්ය ජී. ඇල් පීරිස්ගේ අතින්. ඒත් සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජාතික ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරු පිරිසක්ද එකතු […]
අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ අග්‍රාමාත්‍යය නිල නිවස වන විජේරාම නිල නිවසේ සිටයි.මෙම අවස්ථාවට ජී.එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියා.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බිය නොමැති බවත් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. “එක්සත් ජාතික පක්ෂය ඡන්ද වලට බය නෑ. අපි නෙමෙයි ඒ අයයි 113 නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. අපි මේ ඡන්දය ජයග්‍රහණය කරලා පාර්ලිමෙන්තුව පිහිටෙව්වාට පස්සේ නැවතත් මේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මොකක්ද ඇතිවන […]
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව දකුණු පළාත් සභා මන්තී‍්‍ර සුජිත් මුතුකුමාරණ පවසනවා. සූරියවැව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එම මහතා කියා සිටියේ. අද පක්ෂයක් ලෙස දැවැන්ත ගැටළුවකට මුහුණදීලා තියනවා අමාරුවෙන් කැපවීම් කරලා ගම් මට්ටමින් ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ බොහෝ පරිත්‍යාග කරලා නිර්මාණය කරපු ආණ්ඩුව කඩා වැටිලා තියනවා. […]