News Line| Off Air
Generic placeholder image

Nov
12

සියතේ අරවින්ද ඔබෙන් ඉල්ලන සංවේදී ඉල්ලීම | Video

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
12

විශ්‍රාම වැටුප් අහිමි වූ මන්ත්‍රීවරුන් 69 මෙන්න

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් | එස්.එම්. මරික්කාර්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චතුර සේනාරත්න, මයන්ත දිසානායක, ආනන්ද අලුත්ගමගේ, රංජිත් අලුවිහාරේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ,  නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන, දයාගමගේ, ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිංහ, අශෝක ප්‍රියන්ත, මුහුබර් රහ්මාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, රංජිත් අලුවිහාරේ,  රෝහිණි කුමාරී, තුෂාර ඉඳුනිල්, නඩරාජා තිලකේෂ්, එස්. වේලුකුමාර්, […]


Nov
12

සෝමවංශගේ ජනතා සේවක පක්ෂය පොහොට්ටුවට

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව ජනතා සේවක පක්ෂය සඳහන් කරනවා. මීට අමතරව පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා වෙනුවෙන් ඊයේ (11දා) සෝමවංශ අමරසිංහ පදනම ආරම්භ කළ බවද එම පක්ෂයේ නායක ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළා. මෙම පදනම මගින් දේශපාලනයට එක්වන තරුණ තරුණියන්ට දේශපාලන දැනුම ලබාදීම, සමාජ සේවා […]


Nov
12

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක්

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ඉදිරිපත් වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දමිල ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂද මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ පාර්ශ්ව අතර වෙනවා.


Nov
12

නිදහස් පක්ෂය සමාදානයේ සැතපේවා – මංගල

Generic placeholder image

බණ්ඩාරනායකවරුන්ගේ ආදරණීය පක්ෂය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඝාතනය කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.1951 වසරේදී ආරම්භ කළ නිදහස් පක්ෂය 2018 වසරේදී ඝාතනය වූ බව ඔහු සඳහන් කළේය.


Nov
12

හිටපු ඇමති රවීගේ දියණිය අධිකරණයට

Generic placeholder image

හිටපු අමාත්‍ය රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ සිද්ධියට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකට අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලබාදුන් නියෝගයකට අනුවයි. බැඳුම්කර වංචා සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සත්‍ය පවසන බවට දිවුරා පොරොන්දුවී අසත්‍යය පවසන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව චෝදනා […]


Nov
12

ස්ට්‍රෝබෙරි තුළ ඉඳිකටු තිබූ ලෝකප්‍රකට අභිරහස් සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවට

Generic placeholder image

ස්ට්‍රෝබෙරි ගෙඩි තුළින් ඉදිකටු හමුවීමේ සිද්ධීන් ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වාර්තා වුණා.මේ සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.50 හැවිරිදි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්වින්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේදීයි. මේ දක්වා ඉදිකටු හමුවීමේ සිද්ධීන් සියයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා දැඩි කතාබහක් ඇති කළ එම සිද්ධිය පිළිබඳ එරට රජය විශේෂ […]


Nov
12

ජනපති සහ අගමැති අද තීරණාත්මක සාකච්ඡාවක

Generic placeholder image

අද (12) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදු වීමට නියමිතයි. අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමටයි නියමිතව ඇත්තේ. එහිදී ඉදිරි මැතිවරණයට තරඟවදින ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලබන බවයි වාර්තා වන්නේ. තරඟ වදින පක්ෂය හා ලකුණු පිළිබඳව ද මෙහිදී […]


Nov
12

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ මංතීරුවක් වැසේ

Generic placeholder image

නව කැලණි පාලම ඉදි කිරීම හේතුවෙන් කටුනායක කොළඹ අදිවේගී මාර්ගයේ කොළඹ නගරයට ඇතුලු වීමේ තීරුව වසා දමා තිබෙන බව පොලිසිය පවසනවා. අධිවේගී මාර්ගයෙන් කොළඹ නගරයට පිවිසෙන රථ වාහන සඳහා විකල්ප මාර්ගයක් හඳුන්වාදී ඇති බවයි රථවාහන පොළිසිය වැඩි දුරටත් සඳහන් කළේ.


Nov
12

පාර්ලිමේන්තුවට මෙහෙම වෙන්නේ ඇයි..? සියත 24 විශේෂ හෙළිදරව්ව | Video

Generic placeholder image

සෑම විටම පාර්ලිමේන්තුවේ පක්ෂයකට ස්ථාවර තත්වයක් ගොඩනගා ගන්න බැරි ඇයි..? රටේ මිනිස්සුන්ගේ දේශපාලන මතය විටින් විට වෙනස් වෙන්නෙ ඇයි..? මේ කාරණාවලට පාර්ලිමේන්තුවේ පිහිටිම බලපානවා කිව්වොත් ඔබ පුදුම වෙයි. සියත 24 අපි මේ ගැන කරන හෙළිදරව්වයි මේ. පහත වීඩියෝව අනිවාර්‍යයෙන් බලන්න. ඉන් පසුව පෙර වසරවල පැවති තත්වයන් සමග සසදා ඔබම තීරණය කරන්න එය කොතෙක් දුරට ඇත්තක්ද […]


Nov
11

14 වෙනිදා පාර්ලිමේන්තුව රැස්කලානම් මරණ පවා සිද්දවෙන්න තිබුණා, ජනපති පාර්ලිමේන්තුව විසුරවීමට හේතු ජාතිය අමතමින් කියයි | Video

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරවා නොහැර 14දා පාර්ලිමේන්තුව රැස් කළේනම් මරණ පවා ඇතිවිය හැකිව තිබූ බවත්, සාමය ආරක්ෂා කරමින් රටේ ගැටුම් තත්ත්වයන් ඇති වීම වළක්වමින් පාර්ලිමේන්තුව විසුරවා ප්‍රජාතන්ත්‍රවාදීව මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණ කළ බව ජනපති අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය (2018-11-11)


News Articles
Latest Videos
Most Popular Post