News Line| Off Air
Generic placeholder image

Nov
13

ජනපති ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණයකට

Generic placeholder image

කොළඹ, ගාලු පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණයක යෙදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12දා) කටයතු කළේය. එහි කටයුතු නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක නිරත වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.


Nov
13

බස් ගාස්තු තවමත් අඩු වෙලා නැහැ ?

Generic placeholder image

බස් ගාස්තුව පසුගිය 08 වැනිදා සිට 02% කින් අඩු කළ බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළද බොහෝ බස් රථ කොන්දොස්තරවරුන් පෙර ගාස්තුවම ලබාගන්නා බව මගී ජනතාව සඳහන් කරනවා. ගාස්තු අඩුවීමේදී හෝ වැඩි වීමේදී ඒ පිළිබඳ බස් රථය තුළ ප්‍රදර්ශනය කළ යුතු වුවද, මෙතෙක් එම කටයුත්ත හෝ සිදුකර නොමැති බවද මගී ජනතාව පෙන්වා දෙනවා. […]


Nov
13

ක්‍රිකට් නිලවරණයට සූදානම් වෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග පවසනවා. කි‍්‍රකට් නිලවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා තුන් දෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක්ද කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ඊයේ (12) පත් කරනු ලැබුවා. හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාතාංශයේ හිටපු ලේකම්වරයෙකු වන සුනිල් සිරිසේන මෙම නිලවරණ […]


Nov
13

ශ්‍රීලනිප – එජනිස – පොදුජන පෙරමුණ එකතු වී ගොඩනැගූ සන්ධානය මෙන්න

Generic placeholder image

පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) රාති‍්‍රයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවකදියි. ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ මෙවර මහ […]


Nov
12

හැමෝම කියන කතා වලට අශේන් පළමු වතාවට උත්තර දෙයි | CHAT WITH ADMIN

Generic placeholder image

මේ දවස්වල සමාජජාල වෙබ් අඩවි වල අලුත්ම හිට් එක වෙලා ඉන්නේ අශේන්. ඒ එයා තමන්ගේ යූ ටියුබ් චැනල් එකට කරපු වීඩියෝවක් නිසා. මේ වීඩියෝව කොච්චර සමාජ ගත උනාද කියනවනම් දිගට හරහට අශේන්ට බැනලා කට්ටිය පෝස්ට් දානවා. ඒ හින්දම සියත 24 අපි හිතුවා මේ ගැන අශේන්ට කියන්න තියෙන්නේ මොකක්ද කියලා අහලා බලන්න. මේ තියෙන්නේ අශේන් අපිට […]


Nov
12

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුවට අද වෙච්ච දේ

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම අද දවසෙදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිද්ද උනා. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කර තිබුණා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ මේ නඩුව හෙට උදෑසන 10 දක්වා කල්දමා ඇති බවයි සියත 24 අධිකරණ වාර්තාකරුවන් වාර්තාකර සිටියේ.


Nov
12

ලක්බිමේ දියණියෝ ලිබර්ටි වටරවුමේ විරෝධතාවක

Generic placeholder image

ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ නීතිය මේ වනවිට දැඩි අස්ථාවරතත්වයට පත්වී ඇතැයි පවසමින් විරෝධතාවයක් අද (11) ලිබර්ටි වටරවුමේ දී පැවැත්විණි. “ලක්බිමේ දියණියෝ” කාන්තා සංවිධානයක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කෙරිණි.


Nov
12

නුවර කෝච්චියෙන් දිවි තොර කර ගත් තරුණිය

Generic placeholder image

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රාගාමී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට  පත්ව තිබේ. අද පෙරවරුවේදී පේරාදෙණිය හංදියට ආසන්නයේදී තරුණිය දුම්රියට පැන දිවි නසාගැනිමට කටයුතු කළාය. මෘත ශරීරය එම දුම්රියෙන්ම පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයට රැගෙන ඒමට කටයුතු කළේය.


Nov
12

ප්‍රවේශමින්..! මධ්‍යම පළාතෙන් සමේ රෝගයක්

Generic placeholder image

මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිරියන සමේ රොගයක් පවතින බවත් සමේ සුව නොවන තුවාලයක් පැවතුනහොත් සුදුසුකම් ලත්වෛද්‍ය වරයෙකුගෙන් ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය ජනතාව වෙත පවසයි. ලිෂ්මානියස් නමින් හදුන්වන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝවන අතර මෙම මැස්සා දෂ්ට කල පසු සමේ රතුපාට පැල්ලමක් මතුවි එම ස්ථානය කැසිමට ලක් […]


Nov
12

පෙත්සම් විභාගය ඇරඹෙයි

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කෙරිණි.  ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරිම අාරම්භ වී තිබේ.


Nov
12

රනිල්ගේ වී ගබඩාව වසා දැමේ – අගමැති මහින්දගේ අණින් මත්තල නැවතත් ක්‍රියාකාරී වූ හැටි !

Generic placeholder image

පසුගිය සමයේ වී ගබඩාවක් ලෙස භාවිතා කළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය කරමින් නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් අරඹා තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණින් ශ්‍රී ලංකාව සතුවූ විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වී ගබඩා කර තැබීමට පසුගිය කාලයේ කටයුතු කර තිබුනා. මීට අමතරව මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණා දැමීමෙ […]


News Articles
Latest Videos
Most Popular Post