News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

අද හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 579ක්

Generic placeholder image

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 579 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අද රාත්‍රී තවත් ආසාදිතයින් 231 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවල සමස්තය 34,960 දක්වා ඉහළ ගියා.


Dec
23

දකුණු කළුතරින් තවත් කොරෝනා මරණයක්

Generic placeholder image

කොරෝනා වැළඳීමෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. එලෙස මියගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ලේ විෂ වීම සහ පිළිකා රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා. අදාළ පුද්ගලයා ඉකුත් 21 වැනිදා නිවසේදී මියගොස් ඇති බවයි රජයේ […]


Dec
23

තුන්වැනි පාසල් වාරය අදින් අවසන් – නව පාසල් වාරය ජනවාරි 11 වැනිදායින් ඇරඹෙයි

Generic placeholder image

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සහ හුදෙකලා කළ පොලිස්බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල්වල 1-5 දක්වා ශ්‍රේණි ඇතුළු සියලු ශ්‍රේණි සඳහා නව පාසල් වාරය ජනවාරි මස 11 වැනිදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අදින් අවසන් වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම වර්ෂය අවසන් වනවිට සියලුම […]


Dec
23

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දැනුම් දීමක්

Generic placeholder image

පවතින වසංගත තත්ත්වය හමුවේ ලබන ජනවාරි මාසය තුළ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එම කමිටුව පෙන්වා දෙන්නේ ශ්‍රී පාද සමයේ ආරම්භක සති කිහිපය දැඩි අවදානම් සහගත බවයි. හැටන් වතු ආශ්‍රිතව කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මැදිහත්ව සංචරණ සීමා පැනවීමට […]


Dec
23

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Generic placeholder image

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ පහක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශය, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රදේශය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කහවත්ත යන ප්‍රදේශ සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත්කර කෙරුණා. හෙට පස්වරු 5.30 දක්වා අදාළ අනතුරු ඇඟවීම බලපැවැත්වෙනු ඇති.


Dec
23

කොරෝනා නිසා මිය ගිය දින 20 බිළිඳාගේ මරණය සැක බව පවසා මව්පියන් අධිකරණයට

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී පසුගියදා මිය ගිය දින 20ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බව පවසමින් බිළිඳාගේ මව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. වෛද්‍ය වාර්තා කැඳවා පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඔවුන් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ. දින 20ක් වයසැති බිළිඳා පසුගිය 8 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ලේ විස […]


Dec
23

නව ආසාදිතයින් 348ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 348 දෙනකෙු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 276 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 72 බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල ආසාදිතයින් ගණන 34,729 දක්වා ඉහළ ගියා. මේ අතර අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 582 සමග මෙරට […]


Dec
23

නිරෝධායන නීති කඩ නොකර දස දහසක පිරිසක් සහභාගී වූ මංගල උත්සවයක්

Generic placeholder image

නිරෝධායන නීති කඩ නොකර, දස දහසකට වැඩි අමුත්තන් පිරිසක් රැස් කර ගනිමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වෙනවා. එරට මංගල උත්සවයක් සඳහා රැස් කර ගත හැකි අමුත්තන් පිරිස 20 ක් බවයි වාර්තා වන්නේ. අමුත්තෝ සිය මෝටර් රථවල සිට මනාල යුවළට සුභාසිංශන පළ කර ඇති අතර අමුත්තන්ට සංග්‍රහය කටයුතු සිදු කර ඇත්තේ සැකසූ ආහාර පාර්සල […]


Dec
23

ප්‍රංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කරයි

Generic placeholder image

පවුල් ආරවුලක් හේතුවෙන් කාන්තාවක් සිය දිවි බේරාගැනීම සදහා නිවසේ වහළය මතට නැග තිබෙන අතර එහිදී සැකකරු එම නිවෙසට ගිනි තබා තිබෙනවා. ඒ පිළිබඳ වසොයාබැලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙන අතර එහිදී සැකකරු පොලිස් නිලධාරීන් වෙත වෙඩිතබා තිබෙනවා. එම අවස්ථාවේදී වෙඩි වැදි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


Dec
23

තවත් කොරෝනා ආසාදිතයින් 582ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 582 දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 29,882කි.


Dec
23

කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ භූමදානයට අවසර ඉල්ලා නිහඩ විරෝධතාවයක්

Generic placeholder image

කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී අද පෙරවරුවේ නිහඬ විරෝධතාවයන් දෙකක් සංවිධානය කර තිබුන අතර සමගි ජන බලවේගය සදහන් කලේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කිරීමට රජය කඩිනමින් අවසර ලබා දිය යුතු බවයි.


Dec
23

වඩාත් ගුණ දායක අලිගැටපේර මිලදී ගැනීමේදී ඔබ නොදත් දේ

Generic placeholder image

පලතුරු අතර වඩාත් ගුණදායක පළතුරක් වන අලිගැටපේර කා අතරත් ඉතා ජනප්‍රිය පළතුරකි. අසන්තෘප්ත මේද අම්ල සහිත තෙල් වර්ග ඔබගේ රුධිරයේ හානිකර කොලොස්ටරෝල් ප්‍රමාණය පහල හෙළන අතර හෘදයාබාධ හා ආඝාතය වැනි තත්වයන් ඒ මගින් අඩු කරනු ලබයි. එම තෙල් දේහ සෛල සැදීමට අවශ්‍ය පෝෂණය ද සපයයි. විටමින් e වලින් පොහොසත් නිසා ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් ද යුක්ත වෙනවා. […]


News Articles
Latest Videos
Most Popular Post