News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

41 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 41 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පවත්වා ඇති අතර එහි වාර්තාවට අනුව අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා. ඔහු පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලීන පිළිකා රෝගියෙකු වූ අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග […]


Nov
10

නව ආසාදිතයින් 305ක්

Generic placeholder image

අද පස්වරුව වනවිට තවත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 305 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලුදෙනා මින් පෙර පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් […]


Nov
10

37, 38, 39 හා 40 වන කොරෝනා මරණ

Generic placeholder image

කොරෝනා ආසාදිත 37, 38 ,39 හා 40 වන මරණ වාර්තාවී තිබෙනවා.


Nov
10

කොළඹ රිජ්වේ රෝහලේ මව්වරුන් හා ළමුන් ඇතුළු 56කට කොරෝනා

Generic placeholder image

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ මව්වරු හා ළමුන් 46 දෙනෙකුටත් වෛද්‍යවරු, හෙදියන් ඇතුළු 10 දෙනකුටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ සියලු රෝගීන් ප්‍රතිකාර සදහා IDH රෝහල වෙත යවා තිබෙන බව වැඩි දුරටත් සදහන්.


Nov
10

ඉඩම් නොමැති රණවිරුවන්ට රජයෙන් ඉඩම් ලබා දීමට තීරණයක්

Generic placeholder image

ඉඩම් නොමැති රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්‍ද්‍රසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වැඩි දුරටත් සදහන් .


Nov
10

කොරෝනා සුව වී නිවසට ඒමට සිටි අයෙක් හදිසි හෘදයාබාධයකින් මිය යයි

Generic placeholder image

ඉකුත් 01 වෙනිදා කොරෝනා ආසාදිතව සිටි රෝගියෙක් හම්බන්තොට මහ රෝහලේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබා සුව වී නැවත නිවසට ඒමට අද දිනයේදී සුදානම් වී සිටින අතර තුර එම පුද්ගලයා හදිස්සියේ ඇති වූ හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. 46 හැවිරිදි වියේ පසු වූ අදාල පුද්ගලයා කැළණිය, හෙට්ටිගොඩ […]


Nov
10

දිනකට සිදු කරන PCR පරීක්ෂණ සඳහා රජයට මිලියන 60ක වියදමක්

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරන ලැබූ pcr පරීක්ෂණයන්ට දිනකට වැය වන මුදල රුපියල් මිලියන 60 ක් බව වාර්තා වෙනවා. ඊයේ දිනය තුල 7986 ක් සිදු කර ඇති අතර මෙරට ඊයේ දිනය වන විට සිදු කර තිබු සමස්ත PCR පරීක්ෂණ ගණන 610,836ක්.


Nov
10

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 92 කට කොරෝනා

Generic placeholder image

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ නිලධාරීන් 92 ක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සදහන් වෙනවා. එම නිරෝධායන මධ්‍යස්ථානයේ පොලීස් නිලධාරීන් 150 දෙනෙකු නිරෝධායන වෙමින් සිටි අතර එයින් 97 කට කොරෝනා ආසාදනය වී තිබෙන බව සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ තුලින් හදුනාගෙන තිබෙනවා.


Nov
10

ඇමෙරිකානුවන් සියලු දෙනා මුඛ ආවරණ පළඳින්නැයි එරට නව ජනපතිගෙන් අවවාදයක්

Generic placeholder image

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් සිය අමෙරිකානු ජනතාවට සදහන් කරන්නේ සියලු දෙනා මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවයි. ජෝ බයිඩන් විසින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායක් නම් කිරීමට නියමිතව තිබෙන අතර තමාගේ පලමු කාර්ය වන්නේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යප්තියට එරෙහිව කටයුතු කිරීම බවයි පැවසෙන්නේ.


Nov
10

12 හැවිරිදි පාසල් සිසුවියකටත් කොරෝනා

Generic placeholder image

12 හැවිරිදි පාසල් සිසුවියකට කොරෝනා ආසාදිත බව ඊයේ හදුනාගෙන තිබෙනවා. මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි එම දැරියට කොරෝනා ආසාදිත බව හදුනාගෙන ඇත්තේ අහඹු ලෙස ගත් පුද්ගලයින් 163කට සිදුකළ PCR පරික්ෂනයකදීය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ ආසාදිතයෙකුගෙන් නිවසේ පැවැති දානමය පිංකමකට මෙම දැරිය සම්බන්ධ වී තිබෙන අතර එහිදී ඇයට මෙම වෛරසය ආසාදන වන්නට ඇති බවයි වාර්තා වන්නේ.


Nov
10

ළමා රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනකුටත් කොරෝනා

Generic placeholder image

ළමා රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනකුට හා හෙදියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මේ වන විට එම පිරිස ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඔවුන්ගේ අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.


Nov
10

ගම්පහ හුදකලා කර ඇති ප්‍රදේශවලට අද විශ්‍රාම වැටුප ගන්න විශේෂ අවසරයක්

Generic placeholder image

හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශවල පදිංචි විශ්‍රාමික ජනතාවට සිය නොවැම්බර් මස විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යාමට විශ්‍රාමික හැදුනුම්පත හෝ ජාතික හැදැනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පොලීසියට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම මස විශ්‍රාම වැටුප් දිනය යෙදෙන අද දිනයේ මෙන්ම […]


News Articles
Latest Videos
Most Popular Post