මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීම පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා සිදුකෙරුණ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළ දී තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව […]
කිරිබත්ගොඩ, නාහේනවත්ත, සිරිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පවසන පරිදි අදාළ සැකකරුවන් දෙදෙනෙකු කැලණිය ප්‍රදේශයේ සැඟවී සිටියදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදාගත් ත්‍රිරෝදය හා තියුණු ආයුධ 3 ක් ද […]
වයස අවුරුදු 30 ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් හෙරොයින් ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 90 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලක මුලස්ථාන නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමින් ඔවුන් පෙරේදා එනම් 17 වන දින දහවල් සිට ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය අනුව ඔවුන් කොරෝනා මර්දන වැඩ කටයුතු වලින් ඉවත් වන ලදී. ඊයේ දිනයේ ප්‍රකාශයක් කරමින් ඩෙංගු, බරවා, මීඋණ ඇතුළු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. මේ අනුව PHI වර්ජනය තවදුරටත් දීර්ඝ වී […]
කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 3ක් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
එක්සත් රාජධානියේ රුසියාවේ තානාපතිවරයා තම රටේ බුද්ධි අංශ විසින් කොරෝනා වයිරස් එන්නත් පර්යේෂණ සොරකම් කිරීමට උත්සාහ කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියේ ආරක්ෂක සේවා පැවසුවේ එන්නත් සංවර්ධකයින් ඉලක්ක කරගත් හැකර්වරු රුසියානු බුද්ධි සේවාවේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන බවයි. එක්සත් රාජධානියේ දේශපාලනයට රුසියාව මැදිහත් වූ බවට කෙරෙන යෝජනා ද තානාපති කෙලින් […]
මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනය තුල ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් 5 දෙනෙකු ඒ අතර වන අතර ඔවුන්ගෙන් 4 දෙනෙක් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනිත් පුද්ගලයා ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් ආසාදිතයින් දෙදෙනාගෙන් එක අයෙක් සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි […]
අද දින දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් තිබෙන අතර බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී 100 පමණ තද වැසි ද අපේක්ෂා කල හැකි […]
මෙසේ රෝහල්ගත නාවිකයින් සංඛ්‍යාව 05 දක්වා අඩු වන්නේ නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 901 ක් දක්වා ඉහළ යාමත් සමගයි. ඒ තවත් නාවික සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග ය. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක් වේ. සුවය ලබා පිටව ගිය […]
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අද දින රාත්‍රී 8 සිට හෙට දින පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව කොළඹ 11 සහ 12 […]
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදෙස්ගත රැකියා නියුක්තිකයින් අතරින් කොරෝනා ආසාදිතව මරණයට පත් වුවන් සඳහා රක්ෂණ වන්දි පිරිනමන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විටත් එසේ මරණයට පත් වූ විදෙස් ශ්‍රමිකයන් 20 දෙනෙකුගේ ලිපි ගොනු සකස් කරමින් තිබෙන බව දැනුම් දෙන අතර මෙසේ ලියාපදිංචි ශ්‍රමිකයින්ගේ […]
මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2184/34 අංකය දරණ එම අති විශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි එහි […]