News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
20

අද කාලගුණය

Generic placeholder image

අද දින බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක් […]


Jul
19

පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිස් වෙඩි ප්‍රහාරයක්

Generic placeholder image

අද අලුයම පන්නල සිට ගිරිඋල්ල දෙසට නොනවත්වා ධාවනය වූ මෝටර් රථයකට යකාබැදි ප්‍රදේශයේදී මෙසේ වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසා සිටියේ. සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති අතර එම අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් යැයි පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ කැම්බල් පාක්හි වාහන කුලියට දෙන මධ්‍යස්ථානයකින් රියැදුරු සමග මෝටර් රථයක් […]


Jul
19

තැපැල් ඡන්දය භාවිත කිරීමට අතිරේක දින දෙකක්

Generic placeholder image

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීම පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා සිදුකෙරුණ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළ දී තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව […]


Jul
19

ඝාතන සිද්ධියකට සම්බන්ද සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

කිරිබත්ගොඩ, නාහේනවත්ත, සිරිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පවසන පරිදි අදාළ සැකකරුවන් දෙදෙනෙකු කැලණිය ප්‍රදේශයේ සැඟවී සිටියදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදාගත් ත්‍රිරෝදය හා තියුණු ආයුධ 3 ක් ද […]


Jul
19

හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට ගනී

Generic placeholder image

වයස අවුරුදු 30 ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් හෙරොයින් ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 90 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලක මුලස්ථාන නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Jul
19

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩ වර්ජනය තෙවන දිනයටත්

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමින් ඔවුන් පෙරේදා එනම් 17 වන දින දහවල් සිට ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය අනුව ඔවුන් කොරෝනා මර්දන වැඩ කටයුතු වලින් ඉවත් වන ලදී. ඊයේ දිනයේ ප්‍රකාශයක් කරමින් ඩෙංගු, බරවා, මීඋණ ඇතුළු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. මේ අනුව PHI වර්ජනය තවදුරටත් දීර්ඝ වී […]


Jul
19

සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 903 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 3ක් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.


Jul
19

කොරෝනා එන්නත් තොරතුරු සොරකම් කිරීමට රුසියාව මැදිහත් නොවූ බවට එක්සත් ජනපදයේ රුසියානු තානාපති කියයි

Generic placeholder image

එක්සත් රාජධානියේ රුසියාවේ තානාපතිවරයා තම රටේ බුද්ධි අංශ විසින් කොරෝනා වයිරස් එන්නත් පර්යේෂණ සොරකම් කිරීමට උත්සාහ කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියේ ආරක්ෂක සේවා පැවසුවේ එන්නත් සංවර්ධකයින් ඉලක්ක කරගත් හැකර්වරු රුසියානු බුද්ධි සේවාවේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන බවයි. එක්සත් රාජධානියේ දේශපාලනයට රුසියාව මැදිහත් වූ බවට කෙරෙන යෝජනා ද තානාපති කෙලින් […]


Jul
19

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 07 ක්

Generic placeholder image

මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනය තුල ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් 5 දෙනෙකු ඒ අතර වන අතර ඔවුන්ගෙන් 4 දෙනෙක් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනිත් පුද්ගලයා ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් ආසාදිතයින් දෙදෙනාගෙන් එක අයෙක් සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි […]


Jul
19

අද කාලගුණය

Generic placeholder image

අද දින දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් තිබෙන අතර බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී 100 පමණ තද වැසි ද අපේක්ෂා කල හැකි […]


Jul
18

ඉතිරි රෝහල්ගත කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 5 දක්වා

Generic placeholder image

මෙසේ රෝහල්ගත නාවිකයින් සංඛ්‍යාව 05 දක්වා අඩු වන්නේ නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 901 ක් දක්වා ඉහළ යාමත් සමගයි. ඒ තවත් නාවික සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග ය. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක් වේ. සුවය ලබා පිටව ගිය […]


Jul
18

අද දින කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Generic placeholder image

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අද දින රාත්‍රී 8 සිට හෙට දින පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව කොළඹ 11 සහ 12 […]


News Articles
Latest Videos
Most Popular Post