ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රදර්ශක මණ්ඩලය වන රිත්මා මණ්ඩලයට අයත් සංස්ථාව සමඟ නිසියාකාරව ගනුදෙනු පවත්වා ගෙන යනු ලබන සියලූම සිනමා ශාලාවන්ට තුන්මසක කාලයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නංවා ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සූධීර නිලංග විතාන මහතා නිවේදනය […]
තවත් කොරෝනා ආසාධිතයෙකු හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරනා වෛරසයෙන් ජනයාට ආරක්ෂා වීම සදහා දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණයක් හදුන්වා දීමට ඉදිරියේදී පියවර ගන්නා නව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගිය ගණන 82,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ගත වූ පැය 24 කාලය තුල ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 1966 වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 12000 ක් ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා කොරෝනා අසධිත ගණන 1,430,516 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නව ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය අප්‍රේල් මස 30 වන දින අවසන් කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුලි සංදේශ, විදුලි හා ජල සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව ඇතුළු රාජ්‍ය […]
ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 17717ක් බවට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එහිදී වාහන 4586 ක් ද අත්අඩංගුවට ගත් බවයි. ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1815 ක් අත්අඩංගුවට පත්ව ඇත. එහිදී අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 595ක්.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල ඉදිරියට ද පවත්වාගෙන යාම මගින් වෛරස ව්‍යාප්තිය මෙරටින් තුරන් කළ හැකි බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය පවසයි. හලාවත ඉරණවිල පිහිටි “අමෙරිකන් හඞ” සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙම අදහස් පල කළේය.
අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) දින සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද සහභාගීත්වයෙන් පැවැත්විය. එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණ ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා උදෑසන 9 සිට සවස 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය වී […]
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Dialog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම පිහිටක් […]
කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චීනයේ වුහාන් නගරයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. කොවිඩ් 19 වෛරසය සීඝ‍්‍ර ලෙස පැතිරයාමත් සමග මාස තුනකට අධික කාලයක් වූහාන් නගරය සමග ඇති සියළු භාහිර සබදතා වළක්වමින් හුදෙකලා කරනු ලැබුවා.
අණදෙන නිළධාරී විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ දිවයින පුරා පිහිටි සියළුම විශේෂ කාර්ය බලකා කදවුරු මගින් එම කදවුරු පිහිටි ප‍්‍රදේශ වල ජීවත් වන දිළිදු ජනතාව වෙනුවෙන් ආහාර පාර්සල් බෙදාහැරීමේ වැඩසටහනක් අද කි‍්‍රයාත්මක කර තිබෙනවා. සෑම වෙසක් පොහෝ දිනකම සිදුකරනු ලබන ධර්මදේශනා කටයුතු සිදු කිරීමට නොහැකි වන හෙයින් ඒ […]
ලොව සියලු රටවල් ආර්ථික වශයෙන් දැඩි පසු බෑමකට ලක්ව ඇති අවස්ථාවක කිසිදු ආගමික, දේශපාලනික භේදයකින් තොරව සහන සැලසීමට රජය විසින් පියවර ගෙන ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළා. රටේ සියලුම දේශපාලන පක්ෂ භේදයකින් තොරව මේ අවස්ථාවේදී රජයට සහය දෙන බවත් අප සියලු දෙනාගේ එකම පොදු සතුරා […]