චීනයේ හුබේ පළාතේ වුහාන් නගරයේ ආරම්භ වූ මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට එම නගරය සහ චීනය තුල මැඩපැවැත්වීමට හැකිව තිබෙනවා. ඒ එම වෛරසය හා සටන් වැදී රෝගීන් හට සුව කිරීමට වෙහෙස දැරූ වෛදයවරුන් හේතුවෙන්. ලොව රටවල් හමුවේ ඇති මෙම වෛරසය චීනය මේ වන විට සාර්ථකව මර්දනය කර ඇති බව දක්නට ලැබෙන කරුණක්. ලොව කවර […]
සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගත් එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා ලබාදීමට තීරණය කර තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, අම්පාර අධිකරණය රාජසන්තක කර තිබූ එතනෝල් තොගයක් එලෙස ලබාදෙන බවයි. හෙට දිනයේ එම එතනෝල් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසුවේ.
මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 50 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 212 ක්. මේ වනවිට විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත පුද්ගලයින් 2258ක් යොමු කර තිබෙන අතර කෙසේවෙතත් විදේශයන්ගේ සිට පැමිණි 1500 – 2000ත් අතර පුද්ගලයින් […]
චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වුණු නව කොරෝනා වෛරස ආසාදනය අදවන විට ලෝකයේ රටවල් සහ කලාප 170කට ආසන්න ප්‍ර දේශයක් තුළ ව්‍යාප්තව පවතින අතර වෛරසයේ වැඩිම බලපෑම චීනයට එල්ල වූ අතර ඒ හේතුවෙන් රටේ මියගිය පිරිස 3,237ක් බවට වාර්තා වූ අතර ආසාදිතයන් ගණන 81,151 ක් ලෙසින් සටහන් වුණා. කෙසේ නමුත් අද වනවිට වෛරස ව්‍යාප්තියේ වැඩිම […]
රට තුල පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන ජනපති විසින් හදුන්වාදුන් නව ආර්ථීක පැකේජයක් ලබා දිම සදහා කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් නව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සදහන් කළේ, ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස් ඇති බවයි. එබැවින් වහ වහා ක්‍රියාත්මක වෙමින් හුදෙකලාකිරීමේ, පරික්ෂාකිරීමේ, සොයාබැලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයයන් කටයුතු කළ යුතු බවයි. දැනට වාර්තාවී ඇති ආසාදිතයින් දෙලක්ෂයෙන් සියයට 80ක ප්‍රතිශතයක්ම යුරෝපානු සහ බටහිර පැසිෆික් කලාපයෙන් වාර්තාවී […]
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ පරීක්ෂා කෙරෙන තාක්ෂණයක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් එළිදක්වා තිබෙනවා. මෙම නව පරීක්ෂණය පැය භාගයක් වැනි කෙටි කාලයක් ගත වන අතර, එය වර්තමාන ක්‍රමයට වඩා වේගවත් ක්‍රමවේදයක් බව එම විද්‍යාඥයෝ පවසති. එමෙන්ම චීනයේ ෂෙන්සෙන් ලූහෝ මහජන රෝහලේ සැබෑ සායනික සාම්පල සමග […]
බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙකු ලෙස නම් කිරීම හේතුවෙන්.
කොරෝනා ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු පළමු වරට ඊයේ (18) දිනයේ චීනයේ වුහාන් නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා. මේ අතර, ඊයේ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වූ එය ලොව පුරා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස සඳහන් වෙනවා. මේ වන විට ලොව පුරා […]
ලොව පුරා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වුණා. මේ අතර , මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් 8,961ක් මියගොස් තිබෙන අතර එමෙන්ම ලොවපුරා කොරෝනා වෛරසය ආසාරදනය වු ආසාදිතයින් සංඛ්‍යාව 219,087ක් ලෙස වාර්තා වී තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් අධිකාරි බල ප්‍රදේශ සඳහා පනවා ඇති ඇදිරි නීතිය අද පෙරවරු 08.00ට තාවකාලිකව ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා. පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාල ප්‍රදේශය සදහා පස්වරු 02.00ට නැවත පොලිස් ඇදිරි නීතිය පැනවීමක් සිදු කරන බවයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඊයේ (18) පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව […]
රට තුළ පැතිර යන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ සිටම ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවසේ සිට නිරෝධායනය වීම යනු කුමක්ද? එහිදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 10ක් තිබේ. එනම් 01. නිරෝධායනයට ලක්වන පුද්ගලයා හොඳ වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සමාජිකයන්ගෙන් වෙන්ව සිටීම. 02. පවුලේ ඕනෑම සාමාජිකයෙකු සමග ගනුදෙනු […]