2020 වසරේ මාර්තු 16 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා දිනයන්හිදි අවලංගු වීමට නියමිතව ඇති රියදුරු බලපත්‍ර වල වලංගුභාවය ජූනි මස 30 වනදා දක්වා කල් දමා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළා.
මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
පසුගිය පළමුවනදා සිට මේ වන තෙක් විදෙස් රට වල සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිසට දුරකථන මාර්ග හරහා ලියාපදිංචි වීම සඳහා තවත් දුරකථන අංක 5ක් විවෘත කර තිබෙනවා. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවා. එම දුරකතන අංක […]
ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිසක් සිටින්ගේ පුත්තම් දිස්ත්‍රික්කයේ බැවින් ඔවුන් සෑම විටම සෞඛ්‍ය අංශය දැනුම් දෙන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරොනා වෛරසය අසාධනය වී ඇති නම් වහාම ඒ සම්බන්ධයෙන් අදාල අංශ වෙත දැනුම් දිය යුතු බවත් එම වෛරසය වෙනත් කෙනෙකුට බෝ […]
කොරෝනා වෛරස වැළැක්වීමේ ඇඳුම් කට්ටල තොගයක් අතුළු තවත් භාණ්ඩ කිහිපයක් ඇමරිකානු එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී.ටී. ප්ලිට්ස් මහත්මිය විසින්. ඇමරිකානු එක්සත් ජනපද විසින් පරිත්‍යාග කරන ලද භාණ්ඩ අතර ඩියුපොන්ට් ටයිවෙක් ඕවරෝල් ඇඳුම්, නයිට්‍රයිල් ඇත්වැසුම්, බර වැඩෙහි දී යොදාගත හැකි අත්වැසුම්, බුට් ආවරණ සහ පිරිසදුකාරක […]
දිවයින පුරා මේ වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් 34 ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තහවුරු කළා. ඒ අනුව අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරු පුද්ගලයින් 06 දෙනෙක් හමුවූ බවයි අමාත්‍යවරිය සඳහන් කර සිටියේ. මේ අනුව අද දින හදුනාගත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 6 දෙනා පිලිබද විස්තර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් […]
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල පවතින කි‍්‍රයාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
අද සිට සති දෙකක කාලයක් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් කියා සිටියා.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් බොලිවුඩ් සිනමාවේ සියළු චිත්‍රපට නිෂ්පාදන කටයුතු අත්හිටු වීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 19 වනදා සිට 31 වනදා දක්වා අතර කාලය තුලයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා. මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්. ඒ අනුව අද සිට සති 02 ක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර ලබා නොදීමට රජය තීරණය කර ඇති බව වැඩි දුරටත් […]
කොරෝනා නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුට, එම වෛරසය ආසාදනය වී ඇති බව හමුදා ප්‍රකාශකවරයා දැනුම් දී තිබෙනවා.