කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබෙනවා. මෙම කාර්ය සාධක බළකාය සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ගුවන් සේවා අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාවන්හි ප්‍රධානීන්ගෙන් මෙම […]
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරනවා.
ශ්‍රී ලංකාව තුල ව්‍යප්ත වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද දිනයේ සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා ඒ අනුව අද දහවල් 12.00 සිට එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන්නේ. එමෙන්ම සියළු දුම්රිය ධාවනය […]
මේ දක්වා කාලය තුල කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 280 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂාව ලක් කිරීම සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව තුල මේ වන විට පුද්ගලයින් 28 දෙනෙකුට වෛරසය ආසාධිත වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.
නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරිම් කටයුතු සදහා හමුදා භටයන් සිය ශ්‍රම දායකත්වය නොමදව සැපයු අයුරු දිස්වෙන ඡායාරූප මේ වන විටත් සමාජ මාධ්‍යන් තුල ප්‍රචාරය වෙම්න් පවති. ඉන් කිහිපයක්,
පවතින මාරාන්තික කොරෝනා වෛසරය හේතුවෙන් සහ එම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දී ඇති සෞඛ්‍ය උපදෙස් එරට ජනතාව වැඩි වශයෙන් නොසලකා හැරිම හේතුවෙන් දින 15ක් සඳහා ප්‍රංශය වසාදැමීමට ජනාධිපති එමානුවෙල් මැක්රොන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවට යාම, ව්‍යායාම කිරීම හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හැර අන් සියලු දෙනා සිය නිවෙස් […]
ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය රට තුලට පැමිණීම වැලැක්වීම තුලින් පවතින තත්වය පාලනය කිරීම සදහා මෙලෙස කටයුතු කෙරෙනු ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ,
මයික්‍රොසොෆ්ට් සමාගම ලොව පුරා පිහිටි සිය වෙළඳසැල් ජාලය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින්ට අන්තර්ජාලය හරහා සිය කාර්යාලීය කටයුතු සිදු කිරීමට පහසුකම් සලසා තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා […]
විදෙස් ගතව සිට මෙරටට පැමිණි විශේෂයෙන්ම ( ඉතාලිය සහ කොරියාවේ ) පැමිණි ශ්‍රී ලාංකිකයන් 170 ට අධික පිරිසක් නිරෝධායනය මගහැර සිටින බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව මෙලෙස නිරෝධායන කටයුතු මගහැර සිටින පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරනවා.
පිලිපීනය, මිලියන 12 ක ජනගහනයක් දිවිගෙවන මැනිලා අගනුවර මුද්‍රා තැබීමට පියවර ගත් අතර මේ අනුව කිසිවකුට මැනිලා නුවරට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හැකියාවක් නොමැත. එමෙන්ම ඕස්ට්‍රේලියාව එරටට ඇතුළු වන සියලුම විදේශිකයන් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන එම නව නීතියට අනුව විදේශ යාත්‍රා ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම […]
මාර්තු 01ත් 15ත් අතර යුරෝපය ,ඉරානය හෝ දකුණු කොරියාවේ සිට පැමිණි අයට ළඟම පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
මාරාන්තික වසංගතයක් බවට පත්ව තිබෙන චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වූ මේ කොරෝන වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 6500 ඉක්මවා තිබෙනවා. මෙම වෛරසය මැඩලීමට ලොව බොහෝ රටවල් මේ වන විටත් ඒ සදහා බෙහෙතක් නිපදවීමට උත්සුක වෙනවා. මේ අතර අමෙරිකාව විසින්ද කොරෝනා මර්දනයට එන්නතක් නිපදවා තිබෙන බව වාර්තා […]