ජනතාවගේ පහසුව වෙනුවෙන් ලබන 10 වැනිදා සිට ග්‍රාම නිලධාරීන් නිකුත් කරනු ලබන පදිංචි සහ චරිත සහතික සදහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සදහන් කළා.
නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබෙනවා. ඒ අනුව වූහාන් ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඇඳන් 1800 ක් සහිත රෝහලක් බවට පරිවර්තනය කර ඇති අතර ව්‍යායාම ශාලා, ක්‍රීඩා මධ්‍යස්ථාන සහ […]
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මේ වනවිට 492 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,500ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. එමෙන්ම චීනයේ – වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවමත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා ගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් […]
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා. ඔවුන් විරෝධතාවයේ නිරත වුයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්. විරෝධතාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවතුණා. මේ අතර උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම සදහා කොළඹ නගරයේ භූමියක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වෙන් කළ භූමිය පිහිටා ඇත්තේ ගාලූ මුවදොර පිටියට […]
ජනවාරි මස මුලදී වූහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කළ වෛද්‍යවරයා එරට පොලිසියේ බලපෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහුගෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසට ලිපියකට ද අත්සන් ගෙන තිබෙනවා. අදාළ වෛද්‍යවරයා ද මේ වන විට කොරෝනා වෛයිරසයට ගොදුරු වී ඇති අතර රෝහල්ගතව සිටියදීම […]
අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක් අඩු ආදායම්ලාභීන් සඳහා සහනදායි ලෙස ලබාදීමට ජනාධිපතිවරයා වූ පොරොන්දුව ලබන මාර්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එය ලංකා සතොස, සමූපකාර වෙළඳසැල් සහ කාන්තා ව්‍යවසායකයින් සහිත වෙළඳසැල්වලට ප්‍රමුඛත්වය ලබාදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. සහල්,පිටි,සීනි,ගොඩනැගිලි […]
ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග සංචාරයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන්නා. එහිදී ඉන්දීය කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 347 ක් රැස්කරගත්තා. සුරේෂ් අයියර් ලකුණු 103 ක් රැස්කරගත් අතර රාහුල් නොදැවී ලකුණු 88 ක් රැස්කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48 කදී කඩුළු 06 ක් දැවී ලකුණු 348 ක් ලබාගෙන […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
08 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයට අදාළව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ලබන සිකුරාදා (07) රැස්වීමට නියමිතයි. මෙම කාරක සභා 02 හි සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කෙරෙණු ඇති. පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව එදින ප.ව 02.00 ට රැස්වන අතර රජයේ ගිණුම් පිළිබද […]
රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කළා. කොළඹ ‘වොන්ඩර්’ හෝටල් පරිශ්‍රයේ අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර […]
නව කොරෝනා වෛරසයත් සමග චීනය හා පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමග මේ වන විට ලොව බොහෝ රටවල් චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් සිමා කර ඇති බව සදහන්. එමෙන්ම චීන රජය විසින් ද සිය පුරවැසියන්ට සංචාරක සිමා පනවා […]
ටෙක්සාස් හි වැලන්ටයින් දිනය නිමිත්තෙන් අපූරු තරගයක් Sanantonio සත්ත්ව උද්‍යානය විසින් සංවිධානය කර තිබෙනවා. මෙහිදී තමා හැරගිය පෙම්වතියගේ හෝ පෙම්වතාගේ නම කැරපොත්තෙකුට හෝ මීයෙකුට දැමීමට අවස්ථාව හිමිවනවා. ඉන්පසු මෙම කැරපොත්තා හෝ මීයා වෙනත් සතෙකුට ආහාරයට දෙන අතර එය ආහාරයට ගන්නා ආකාරය නැරඹීමටද අවස්ථාව හිමිවනවා. මෙහිදී කැරපොත්තෙක් සදහා ඩොලර් 5 ක් අයකරන අතර මීයෙකු සදහා ඩොලර් […]